• Breaking News

    මාලිංගට දේශිය තරග අනිවාර්යයි – හතුරුසිංහ කියයි

    ලසිත් මාලිංගට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම දේශීය තරගවලදී දක්ෂතා දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.
    ඔහු මේ බව සඳහන් කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමා කිරීම සම්බන්ධයෙන් ඊයේ (15දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
    “ලසිත් මාලිංගට නැවත කණ්ඩායමට එන්න අනිත් ක්‍රීඩකයන්ට වගේම සම්භාවිතාවක් තියෙනවා. මම හිතන්නේ ඔහු දේශීය තරගවලට ඇවිල්ලා ඒ තරග හොඳට ක්‍රීඩා කළොත් අනිත් ක්‍රීඩකයන්ට ලැබෙන අවස්තාව ඔහුටත් ලැබේවි. ඒ අනුව තේරීම් කමිටුවට අවස්ථාව තියෙනවා අපේ කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඔහුව කණ්ඩායමට තෝරනවාද නැද්ද කියලා තීරණය කරන්න” යැයි ශ්‍රී ලංකා පුහුණුකරුවා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *