• Breaking News

    නිකටේ රෝම වැවීම නවත්වන්නේ මෙහෙමයි


    නිකට ප්‍රදේශයේ රෝම වැවීම කියන්නේ වර්තමානයේ බොහෝ කාන්තාවන්ට ඇති ප්‍රධාන ගැටළුවකි.
    මෙලෙස කාන්තාවන්ගේ නිකට ප්‍රදේශයේ රෝම වැවීමට බලපාන ප්‍රධාන හේතුන් කිහිපයකි.
    එනම්, මානසික ආතතිය, ආර්තවහරණය සහ ස්ථුලතාවය ආදියයි.
    මුල් අවධියේදී මෙම රෝම ඉතා සිහින් සහ ලා පැහැයකින් යුතුව හට ගන්නා නමුත් පසුව මේවා ඉතා ඝනට මෙන්ම තද කළු පැහැය දක්වා වර්ධනය වේ.
    මෙම නිකට ආශ්‍රිතව රෝම වර්ධනය වීම ස්වාභාවිකව නැවැත්විය හැක.
    එහෙත් ඒ සඳහා කාලය මෙන්ම ඉවසීම ද අවශ්‍ය වේ.
    1 පියවර
    නිරන්තරයෙන් මනස සැහැල්ලුවෙන් තබා ගන්න.
    මානසික ආතතියෙන් බේරී සිටීමට හැකිතාක් උත්සහ කරන්න.
    මානසික ආතතිය හේතුවෙන් ටෙස්ටොස්ටෙරෝන් ආදී මෙම රෝම වර්ධනයට හේතුවන් හෝර්මෝන ශ්‍රාවය වේ.
    එනිසා ඔබ මානසික ආතතියට ගොදුරු නොවී සැහැල්ලු මනසින් සිටියහොත් ඔබට මෙම අනවශ්‍ය රෝම වැවීම නවතා ගත හැක.
    2 පියවර
    සමබල ආහාර වේලක් ගන්න.
    හැකි සෑම අවස්ථාවකම නැවුම් එළවලු, පලතුරු, ධාන්‍ය සහ පෝෂ්‍යදායි මාංශ ආදිය ආහාරයට එක්කර ගනිමින් පෝෂ්‍යදායි ආහාර ගැනීමට උත්සහ කරන්න. පෝෂ්‍යදායි ආහාර ගනිමින් සිරුරේ බර පාලනය කිරීම තුළින් සිරුරේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි කරන අතර මුහුණේ රෝම වැදීමට හේතු වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම මර්දනය කරයි.
    පොෂ්‍යදායී ආහාර ගනිමින් ව්‍යායාමවල නිරත වීම තුළින් ඔබගේ සිරුරේ හෝර්මෝන මට්ටම යථා තත්ත්වයට පත් කර අනවශ්‍ය රෝම ඇති වීම නවතාලයි.
    3 පියවර
    දෙහි යුෂ හෝ ලෙමන් යුෂ හෝ කැමමිල් හෝ රෝම වැවෙන ප්‍රදේශයේ ආලේප කරන්න.
    එවිට බ්ලීච් මගින් එම රෝම විනාශ කර නැවත ඇති වීම වලක්වයි.
    එමෙන්ම මෙම රෝම ගැලවීමෙන් වැළකී සිටීමද ඉතා වැදගත් වේ.
    මන්ද රෝම ගැලවීම හේතුවෙන් ඒවා පැතිරීම තවත් වැඩි වන බැවිනි.
    ඉහත ද්‍රව්‍යයන් ආලේප කිරීමෙන් රෝම කුපයන් විනාශ වූ පසු වැක්ස් මගින් මේවා ඉවත් කර ගන්න.
    4 පියවර
    සීනි කෝප්ප 4, දෙහි යුෂ කෝප්ප 2 සහ මී පැණි කෝප්ප 1 ගෙන එය හොඳින් මිශ්‍රකර මද රස්සනයේ උණු කර ගන්න.
    ඉන් පසු එය නිවෙන්නට ඉඩ හැර අදාළ ප්‍රදේශයේ ආලේප කරන්න.
    ඉන් පසු කපු රෙදි කැබැල්ලක් ගෙන එම ප්‍රදේශය ආවරණය කරන්න.
    එම මිශ්‍රණය තරමක් වියලුනු පසු රෙදි කැබැල්ලේ එක කෙළවරක් ගෙන රෝම වැවෙන දිශාවට එකවර අදින්න.
    එවිට රෝම ඉවත් වී යයි.
    මෙම පියවරයන් නිසි පරිදි අනුගමනය කිරීමෙන් අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට මෙන්ම ඒවා නැවත වර්ධනය වීම ද වළක්වා ගත හැක.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *