• Breaking News

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න “ක්‍රිකට් ලොකු පුටුව” සංගක්කාරට ?

    වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වී ඇති ඉරණම වෙනස් කරමින් ක්‍රීඩාව ගොඩ නැගීමට නම් කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි වැනි ප්‍රවීණයන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ලොකු පුටු වලට පත් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
    සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට අද (31) මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ
    නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම යෝජනාවට අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති අතර, එය ඉතා හොඳ යෝජනාවක් යැයිද පවසා තිබේ..එමෙන්ම ඉදිරියේදී මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන බවත් සඳහන් කර තිබේ.
    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *