මාරාන්තික රෝගයක් ඇති කරන බැක්ටීරියාවක් ජපානය ඇතුළු වී ඇති බව රට මාධ්‍ය වාර්තා කර තිබෙනවා .
මෙම රෝගය STSS යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතර මෙම රෝගයෙහි නියම නම වන්නේ streptococcal toxic shock syndrome යන්නයි.
මෙම රෝගය "මස් කා දමන රෝගය" යනුවෙන් හැඳින්වෙන අතර මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ගේ සිරුරේ පටක අධික වේගයෙන් දිය වීමට ලක්වන බව සඳහන් වේ.
ඉතා වේදනා වේදනාකාරී බව යුත් මෙම රෝගය වැළඳුණු පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවුනහොත් දින කිහිපයක් ඇතුළත් එම රෝගියා මිය යාමේ හැකියාවක් පවතින බව වැඩිදුරටත් සඳහන් වේ.
500කට අධික රෝගීන් පිරිසක් ජපානය තුලින් වාර්තා වී ඇති අතර ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සහ ආසාදනය වූ ශරීර කොටස් කපා ඉවත් කිරීම මඟින් මෙම රෝගය පාලනය කිරීමට ක්‍රියා කරමින් සිටින බව ජපාන සෞඛ්‍ය අංශ සඳහන් කොට තිබෙනවා.
No comments:
Post a Comment