• Breaking News

    නිවාඩුවට ලංකාවට ඇවිත් ආපසු යන්න කලින් කාංචනා කිව්ව කතාව මෙන්න


    කාංචනා පවුලත් එක්කම ලංකාවට ඇවිත්. විශේෂ දෙයකටද ලංකාවට ආවේ?

    විශේෂයක්ම නෙවෙයි. මගේ ලොකු පුතාගෙයි දුවගෙයි පාසල් නිවාඩු කාලය තිබෙන්නේ ජූලි සහ අගෝස්තුවල. ඒ නිසා ලංකාවට එන හැම වතාවකම ඒ කාලය ඇතුළත තමයි එන්නේ. නිවාඩු කාලය නිසා තමයි මෙදා සැරේ ලංකාවට ආවේ.

    කාලෙකට පස්සේ නේද ලංකාවට ආවේ. කවදා වෙනකල් ලංකාවේ රැක්‍ෂෙයිද?

    2015දී තමයි මීට කලින් මම ලංකාවට ආවේ. අවුරුදු තුනකට පස්සේ තමයි ලංකාවට ඇවිත් හැමෝම බලන්න ඉඩකඩ ලැබුණේ. මේ 14 වැනිදා ආයෙත් අපිට යන්න වෙනවා.

    බබාලා ලංකාවට එන්න ආසාවෙන් ඉන්න ඇති නේද?

    ඔව්. එයාලා ලංකාවට ආසයි. එහෙදී එයාලට ලොකු නිදහසක් නැහැ. ලංකාවට ආවම නෑදෑයෝ ගොඩක් ඉන්නවා. ලංකාවට ආවම ඉස්කෝලේ යන්න නැහැ. ක්ලාස් යන්න නැහැ. එයාලා ලංකාවට ආවට පස්සේ හිතන්නේ මේක තමයි ජීවිතේ කියලා.

    නිවාඩුව ගත කරන්න ඇවිත් ඇවිදින්නත් යන්න ඇති?

    දඹුල්ලේ ගියා. ලංකාවේ විවිධ තැන්වලට ගියා. බබාලත් ඇවිදින්න කැමැතියිනේ.

    ලංකාවට ආවට පස්සේ පරණ මිතුරු මිතුරියන් මුණගැහුණද?

    ඔව්. දමිතා, සේමි”, පබෝධා, හිමාලි වගේ යාළුවෝ කිහිප දෙනෙක් මුණගැහුණා. අනෙක් යාළුවන්ටත් කතා කළා. මගේ කාලය තුළ බබාලා තුන් දෙනෙක් හැදුවේ මම විතරයි.
    අනෙක් යාළුවන්ට ඉන්නේ බබාලා එක්කෙනයි. බබාලා තුන් දෙනෙක් හදපු එක ගැන එයාලා සතුටු වෙනවා.

    කාංචනා ලංකාවට ආවා කියලා දැනගත්තම ලැබුණ ප්‍රතිචාර කොහොමද?

    අදටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හම්බ වුණාම වුණත් සමහරු කියනවා කාංචනා ඔයාලගෙන් පස්සේ අපිට ආස හිතෙන නිළියක් හම්බ වුණේ නෑ කියලා. අපි රපාපු නාට්‍යවලට තාමත් කැමැතියි කියද්දී පුදුමාකාරයේ ආදරයක් දැනෙන්නේ. මට තිබ්බ ජනප්‍රියත්වය තාම අඩුවෙලා නැහැ කියලා දැනෙනවා. මම ලංකාවේ හිටියේ නැතත් මාව ප්‍රේක්ෂකයන්ට අමතක වෙලා නැහැ.

    කලා නිර්මාණවලටත් ආරාධනා ලැබුණද?

    ලංකාවට ආපු ගමන් රූපවාහිනි වැඩසටහන්වලට ආරාධනා ලැබුණා. රංගන කටයුත්තකට නම් සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මොකද ඉක්මනින්ම ලංකාවෙන් යන නිසා.

    කාංචනා ලංකාවෙන් යන්න තීරණය කළේ ඇයි?

    විවාහ වුණාට පස්සේ, දරුවෝ ලැබුණට පස්සේ මගේ වගකීම් තියෙනවා දරුවෝ වෙනුවෙන් ඉෂ්ට කරන්න. රොෂාන් හිටියේ විදේශගත වෙලා නිසා තමයි දරුවොත් අරගෙන ලංකාවෙන් යන්න තීරණය කළේ. දෙතැනක ඉන්නවට වඩා අපි හැමෝම එක්ක ඉන්න එක වටිනවා. දරුවෝ වෙනුවෙන් තමයි රටින් යන තීරණය ගත්තේ.

    ඔබ කලාවට ආදරය කළ කෙනෙක්. සම්මානනීය නිළියක්. කලාවෙන් ඈත් වෙලා ඉන්න දුක නැද්ද?
    කලාවෙන් ඈත් වෙන්න සිදුවුණ එක ගැන දුකයි. මගේ වෘත්තීය ජීවිතය තියෙන්නේ කලාව එක්ක. විදේශගත වෙලා ඉද්දී මට මගේ වෘත්තියේ නියැළෙන්න බැහැ. සමහර හොඳ නාට්‍ය දකිද්දි හිතෙනවා මටත් ඒවායේ රÛපාන්න තිබ්බා නම් හොඳයි කියලා.

    පවුලට මුල්තැන දෙන නිසා නේද කාංචනා කලාවෙන් ඈත් වුණේ?

    ඔව්. මම හැම දෙයකින්ම තෘප්තිමත් වෙන කෙනෙක්. මම ලොකු දේවල් පස්සේ යන කෙනෙක් නෙවෙයි. මම අද ලැබෙන දේ එක්ක සතුටු වෙන කෙනෙක්. මම තරුණ කාලේ පෙම්වතියගේ චරිතය කරලා උපරිම ජනප්‍රිය වුණා. ජනප්‍රිය සම්මාන, නැÛී එන නිළිය, සහාය නිළිය, හොඳම නිළිය වගේ සම්මාන හැම එකක්ම මම ගත්තා. මට මේ ක්‍ෂේත්‍රයේ ඊට වඩා ගන්න දෙයක් නෑනේ. මම ඒ දේ ගැන තෘප්තිමත්. අපි ඊළÛ පරම්පරාවට ඉඩ දෙන්න ඕන. විවාහ ජීවිතය එක්ක මම ගත්ත තීරණය ගැන මට දුකක් නෑ.

    දැන් කාංචනා දරුවෝ තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක්. වගකීම් තව තව වැඩිවෙලා නේද?

    ඔව්. දැන් අපිට ඉන්නේ පුතාලා දෙන්නයි දුවයි. ලොකු පුතාට අවුරුදු 8යි. දුවට අවුරුදු 5යි. පොඩි පුතාට අවුරුද්දයි මාස පහයි. එයා ඉපදුණෙත් ලන්ඩන්වල. හස්බන්ඞ් වැඩට ගියාට පස්සේ දරුවෝ තුන්දෙනාම බලාගන්නේ, එයාලගේ වැඩ කරන්නේ මම. ඒක ලොකු වගකීමක්. අපහසුවෙන් වුණත් ඒ වගකීම් ඉෂ්ට කරන්න ඕන. ලංකාවේ වගේ දරුවන්ගේ වැඩවලට උදවු කරන්න එහේ කෙනෙක් නැහැ. සැමියයි මමයි එකතු වෙලා අපේ වගකීම ඉෂ්ට කරනවා.

    විදේශ රටකට ගිහින් වගකීම් කන්දක් එක්ක ගනුදෙනු කරන්න හුරු වෙන්න කාංචනාට පහසු වුණාද?

    මුල් කාලෙ නම් මට ටිකක් දේවල් කරන්න අපහසු වුණා. ලංකාවේදී නම් මගේ අම්මා අක්කා මගේ උදව්වට හිටියා. විදේශගත වුණාට පස්සේ ලොකු වගකීමක් දරන්න වුණා. අපහසුවෙන් වුණත් මම ඒ දේවල්වලට හුරු වුණා.

    දරුවෝ තුන්දෙනා විදේශ රටක සංස්කෘතියට හුරු වෙනවට කාංචනා කැමැතිද?

    විදේශ රටක හිටියත් මම ලොකු පුතාව සිංහල පන්තියකට දාලා තියෙන්නේ. ඒ වගේම දහම් පාසල් යවනවා. එහේ තියෙනවා යාළුවන්ගේ ගෙවල්වල ගිහින් නිදාගන්න සිස්ටම් එකක්. මම ඉතින් දරුවන්ට කියලා දෙනවා අපි ලංකාවේ අපේ සංස්කෘතිය මේකයි කියලා. මම හැම වෙලාවෙම එයාලගේ ළÛින් ඉන්නවා. ඒ නිසා අපේ විදියට එයාලව හුරු කර ගන්න අපිට පුළුවන්.

    බබාලාට කලා හැකියාවන් තියෙනවාද?

    දුව කලාවට ගොඩක් ළැදියි. නර්තන හැකියාව එයාට තියෙනවා. පුතත් සංගීතය පැත්තට කැමැතියි. හැබැයි එයා හරි නිහඬ චරිතයක්. එයා පොතපත කියවන්න තමයි ගොඩක් කැමැති. චූටි පුතාගෙත් කලාවට ළැදිකමක් පේනවා. සින්දුවක් ඇහුණ ගමන් නටනවා.

    දරුවෝ කවදාහරි තමන්ගේ වෘත්තිය විදියට කලාව තෝරා ගන්නවට කාංචනා කැමැති වෙයිද?

    ඒක කමක් නැහැ. මම නියැළුණු කලාවට මගේ දරුවෝ දාන්නේ නෑ කිව්වොත් මම කරපු දේ බාල්දු කිරීමක් වෙන්නේ. මම මිනිස්සු අතරට ගියේ සහ මම යම් ස්ථාවරයකට ආවේ කලාව නිසා. එයාලා කැමැති නම් කලාව තෝර ගන්නවට මගේ අකැමැත්තක් නැහැ.

    විදේශ ගතවෙලා ඉද්දි වුණත් යම් යම් කලාකටයුතුවලට සම්බන්ධ වෙනවා ඇති?

    අපි කිහිප දෙනෙක් එකතු වෙලා කලාවේ වැඩ කරන අවස්ථා තියෙනවා. සංගීත ප්‍රසංග, අවුරුදු උත්සව, කලා උළෙලවලට පුළුවන් විදියට සම්බන්ධ වෙනවා.

    විදේශගත වෙලා ඉද්දී එරට නිර්මාණවලට දායක වෙන්න ඉඩකඩ හදාගන්න අපහසුද?

    මම ලංකාවේ නිර්මාණවල රÛපාලා තිබ්බට එහේ නිර්මාණවල රÛපාන්න ලැබෙන්නේ නැහැ. ඒ රටේදි කලාව හදාරලා තමයි ඒ රටේ නිර්මාණවලට යන්න පුළුවන්. මම රංගනය ගැන එහෙදී හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒකට රොෂානුත් කැමැතියි. මම ඒ කරන්නේ තෘප්තියට මිසක් ලොකු දේවල් බලාපොරොත්තුවෙන් නෙවෙයි.

    කාංචනා රංගනයේ යෙදුණ කාලය එක්ක අද කලාව දිහා බලද්දී කාංචනාට මොකද හිතෙන්නේ?

    කලාව පැත්තෙන් ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. මෙගා නාට්‍ය අතරේ වුණත් බලන්න පුළුවන් නාට්‍ය දෙක තුනක් තියෙනවා. දැන් විශාල වශයෙන් නළු නිළියෝ ඉන්නවා. ගුණාත්මක විදියට හිතන්න පුළුවන් අය කිහිප දෙනයි ඉන්නේ. ටෙලි නාට්‍ය කරන විදිය සහ නළු නිළියන්ගේ පැවැත්ම දකිද්දී හරි වෙනස්. අපි ඒ කාලේ ප්‍රවීණ අය එක්ක වැඩ කරද්දී තිබ්බ ගෞරවය දැන් කාලේ දකින්න ලැබෙන්නේ නෑ කියලා අපිට දැනෙනවා. ඒ ගැන දුකක් තියෙනවා. මොකද අපි කලාවට ඇවිත් ඒ දේ ගෞරවයෙන්, ආදරයෙන් කරපු නිසා.

    ලංකාවේ කලා නිර්මාණ තාමත් කාංචනා රස විඳිනවද?

    ඔව්. මම අනිවාර්යයෙන්ම ප්‍රවෘත්ති බලනවා. සංගීත වැඩසටහන් බලනවා. ඊට අමතරව හොඳ නිර්මාණ රස විඳිනවා. ඬකූඹියොඬ නාට්‍ය දිගටම බැලූවා. දැන් නම් බලන්නේ මිනිගංදෑල නාට්‍ය. මගේ හිතට දැනෙන නිර්මාණ කිහිපයක් තෝරාගෙන නරඹනවා.

    දැන් කාංචනාගේ හිත ගියපු ක්‍ෂේත්‍රයේ දක්ෂ නළු නිළියෝ කවුද?

    කලණ ගුණසේකර, දසුන් හොඳයි. වේදිකාවෙන් ආපු අයගේ ලොකු හැකියාවක් දකිනවා. මට පස්සේ තමයි හිමාලි සයුරංගි ක්‍ෂේත්‍රයට ආවේ. එයා වගේ මතක හිටින රංගන ශිල්පිනියන් කිහිප දෙනයි ඉන්නේ.

    ආයෙත් රංගනයට එන්න අදහසක් නැද්ද?

    මගේ තුන්වැනි බබාට තාම අවුරුද්දයි මාස 5යි. එයා ටිකක් ලොකු වුණාම මට පොඩි නිදහසක් ලැබෙයි. ඒ වගේ නිදහස් කාලයක හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා. කොහොම වුණත් අත්දැකීම් එක්ක අපිට තව දේවල් කරන්න ලැබෙයි දවසක.

    ආයෙත් රංගන කටයුතු පටන් ගන්නවට රොෂාන් කැමැතිද?

    ඔව්. හොඳ දෙයක් ලැබුණොත් බලලා ඒක කරන්න කියලා එයා කියනවා.

    ඒ වගේ කාංචනාට ගැළපෙන නිර්මාණ හැදෙයි කියලා විශ්වාසයක් තියෙනවද?

    එහෙම හිතන්නත් අමාරුයි. මොකද මේ යන ට්‍රනේඞ් එක හරි අමුතුයි. දැන් ගොඩක් අය කලාවට එන්නේ ජනප්‍රියත්වය ලබාගන්න. අපි නම් ක්‍ෂේත්‍රයෙන් හැමදාම දේවල් ඉගෙන ගත්තා. දැන් බොහෝ අය හිතන්නේ රංගනයට යමක් එකතු කරගන්න නෙවෙයි.

    වාහනයක් වගේ ඉස්තරම් දේවල් ගන්නේ කොහොමද කියලා තමයි ඔවුන් හිතන්නේ. ඉතිං මේ යන විදියත් එක්ක හොඳ අධ්‍යක්ෂවරු හොඳ නිර්මාණ බිහි කරයි. ඒ අතළොස්සක් විතරයි. එහෙම කෙනෙක්ගේ හොඳ නිර්මාණයක් ලැබුණොත් හිතලා බලනවා.

    පවුලම ලංකාවේ පදිංචියට දැන්ම එන්න අදහසක් නැද්ද?

    ඒක කොහොම වෙයිද දන්නේ නෑ. ඒ තීරණය තියෙන්නේ රොෂාන්ගේ අතේ. දරුවොත් දවසක මෙහෙට එන්න කැමැති වුණොත්, ලංකාවේ පවතින සිස්ටම් එකට එයාලා හුරුවන්න කැමැති වුණොත් දවසක පදිංචියට එයි. තාම නම් එහෙම අදහසක් නැහැ.

    ලංකාවට ඇවිත් රංගනයේ නිරත වෙන්න තීරණය කළ දවසක කාංචනාට මුල් කාලේ තිබ්බ තැන එදාටත් ලැබෙයිද?

    මගේ ප්‍රේක්ෂකයෝ මට තාමත් කතා කරන විදිය දැක්කම මට හිතෙනවා මම ආයෙත් කලාවට එන දවසටත් ඒ අය මාව භාරගනීවි. ලැබෙන ආදරය එදාටත් තියේවි. ප්‍රේක්ෂකයන්ගේ ආදරය තාමත් ලබන්න තරම් මම වාසනාවන්තයි.

    ආයෙත් ලංකාවට එන්නේ කවද්ද?
    ලබන අවුරුද්දේ දිහාවට ආයෙත් ඇවිත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බලමු.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *