• Breaking News

    දරුවෙකුගේ දිවි බේරා ලෝකයේම පැසසුමට ලක්වූ අප්‍රිකානු තරුණායට ප්‍රංශයේ පුරවැසිභාවයත් හිමිවෙයි(VIDEO)

    Mamoudou Gassama නම් වයස අවුරුදු 22ක පසුවන තරුණයෙක් ප්‍රංශයේ පාරක ගමන් කරමින් සිටියදී තට්ටු ගණනාවක ගොඩනැගිල්ලේ හතරවැනි තට්ටුවේ එල්ලී හිටිය කුඩා දරුවෙකු දැක ඔහුව බේරා ගැනීමට සමත් වුණා. මේ පිළිබඳව ලොව පුරා කාගේත් අවධානය යොමු වූ අතර ඔහුගේ ක්‍රියාවට ලොව නන්දෙසින් ප්‍රශංසාද හිමි වුණා.
    මෙම ක්‍රියාව පිළිබඳව ප්‍රංශයේ ජනාධිපතිවරයාද දැක තිබූ අතර මේ වන විට දරුවාගේ ජීවිතය බේරාගැනීමට කළ වීර ක්‍රියාව හේතුවෙන් ඔහුට එරට පුරවැසිභාවය ලබාදීමටද රජය විසින් කටයුතු කර තිබෙනවා.
    අප්‍රිකානු මහද්වීපයේ මාලී (Mali) නම් රාජ්‍යයේ උපන් මෙම තරුණයා වයස අවුරුදු 17 දී ඉසුරු සොයා යුරෝපයට ඇතුල්වීමට අදිටන් කොට රටින් පිට ප්‍රංශයට පැමිණ තිබුණා.
    මෙම සිද්ධියෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ තරුණයා සිද්ධිය විස්තර කර සිටියේ මෙලෙසින්….
    “මම පාරේ යනකොට දැක්කා දරුවෙක් අත් දෙකින් එල්ලිලා කෑ ගහලා අඩනවා. වැටෙන්න ඔන්න මෙන්න. තරප්පු පෙළ නැගලා ළමයාව බේරා ගන්න වෙලාවක් නැහැ. මිනිස්සුත් වට වෙලා කෑගහනවා දරුවා බේරා ගන්න කියලා. නමුත් කිසිම කෙනෙක් දරුවා බේරා ගන්න උත්සහ කළේ නැහැ. ඒ නිසා මම බැල්කනි ආධාරක අල්ලා ගනිමින් හතර වැනි තට්ටුවටම තත්ත්පර 30ක් ඇතුලත නැගලා දරුවාව බේරා ගත්තා. මම උඩට යනකොට හිතුවේ දරුවා වැටෙයි කියලා. නමුත් දරුවා බේරුනා දෙවියන්ගේ පිහිටෙන්. දරුවා බේරාගෙන පහලට එනකොට තමයි මම දැක්කේ මේ දර්ශනය බොහෝ දෙනෙක් වීඩියෝ කරලා කියලා. විශාල පිරිසක් එතනට ඇවිත් හිටියා. මේ වීඩියෝව සමාජ ජාල වගේම මාධ්‍ය මගින් විකාශය වෙලා තියෙනවා. ඒක දැකපු ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මාව සුපර් මෑන් කෙනෙක් කරලා ඔහුව මුණගැහෙන්න ආරාධනා කරලා තියෙනවා. ඒක නම් මට විශාල ගෞරවයක්..”

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *