• Breaking News

    රියැදුරු බලපත් ලිඛිත පරීක්ෂණය Online ක්‍රමයට

    රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීම සඳහා මෙතෙක් පැවති ලිඛිත පරීක්ෂණය වෙනුවට ලබන මස සිට Online ක්‍රමයට මෙම පරීක්ෂණය පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සැලසුම් කර තිබේ.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලිඛිත පරීක්ෂණයේදී සිදුවිය හැකි විභාග අක‍්‍රමිකතා වැළැක්වීම සහ ඉතා පහසුවෙන් හා ඉතා ඉක්මනින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමට හැකිවීම යන කරුණු ආදිය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

    මෙම නව ක්‍රමය ආරම්භක කිරීම් සම්බන්ධයෙන්, මූලික කටයුතු සූදානම් කරමින් සිටින බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

    Online ක්‍රමයට යටතේ අයැදුම්කරුවන් 150කට පමණ එකවර විභාගයට පෙනී සිටිය හැකිව පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම නව ක්‍රමවේදයේ පළමු අදියර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    නව ක්‍රමය පිළිබඳ වැඩි විස්තර සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *