• Breaking News

    ප්‍රේමදාස පිටියේ වීදුරු දොර කුඩුකරේ බංගලාදේශ නායකයා

    නිදහස් කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ වරම් හිමිකර ගැනීමට බංගලාදේශයට හැකිවුණා. ඒ ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ජය ගැනිම සමඟයි. තරගය අවසන් කාලය තුළ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසුව ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම ලැගුම්ගෙන සිටි විවේකාගාරයේ වීදුරු දොර කුඩු කර විනාශ කර තිබුණා.

    මෙය සිදුකරන ලද්දේ බංගලාදේශ ක්‍රීඩකයන් බවත් එය කවුරුන් සිදුකළාද යන්න හෙළිවී තිබුනේ නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් තරග තීරක ව තීරකවරයා සිදුකළ පරීක්ෂණයේදී එහි සේවය කළ ආපනශාලා සේවකයකු සාක්ෂි දෙමින් ක්‍රියා සිටියේය වීදුරුව කුඩු කරන ලද්දේ බංග්ලාදේශය ක්‍රිඩකයෙකු බවත් එය කවුරුන්ද යන්න හරියටම කිව නොහැකි බවත්ය. පසුව බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ සිදුවූ අලාභය ගෙවීමට සූදානම් බවයි. එහෙත් එම විනය විරෝධී කටයුතු සිදුකරන ලද්දේ කවුරුන්ද යන්නය සඳහන් කර තිබුණේ නැහැ.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    කෙසේ වෙතත් අවසානයේ සිදු කළ සීසීටීවී විමර්ශනයෙන් පසුව මෙය සිදු කළ පුද්ගලයා පිළිබඳ ව හෙළිවී තිබෙනවා. ඒ අනුව බංගලිදේශ නායකයා හැටියට එදින කටයුතු කළ ෂකීබ් අල් හසන් එය සිදු කර ඇති බව සීසීටීවී දර්ශන වලින් තහවුරුවී තිබේ.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    එදින අවසන් රෝවරයේ කලබල කරමින් විනිසුරුවන්ට අභියෝග කිරීම හා කණ්ඩායමේ පිතිකරුවන්ට උද්ඝෝෂණයකට බලකරමින් පිටියෙන් පිටතට එන්නැයි සංඥා කරමින් නීතිරීති වලට පටහැණීව හැසිරීම හා නවශ්‍ය ආරවුලකට යාම සම්බන්ධයෙන් ෂකීබ් අල් හසන්ට හා නුරුල් යන ක්‍රීඩකයින් දෙපළට චෝදනා එල්ල වී තිබුණා. ඒ ඒ අනුව මෙම ක්‍රීඩකයන් දෙපළට දඬුවමක් ලෙස තරග මුදලීන් 25% ක දඩයක් ද මෙහිදී පනවා තිබෙනවා. නමුත් මෙය ප්‍රමාණවත් නොවන බව සියලු දෙනාගේ මතය වී තිබෙන බව අප සඳහන් කළේ යුතුයි. මේ සුළු දඬඬුවම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කමිටුවේ ලොකු පුටුවක සිටින පුද්ගලයෙකු සම්බන්ධ වී ඇතැයී බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ විනය විරෝධී කටයුතු බලයම සඳහා පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *