• Breaking News

    2018 පෙබරවාරි මස 16 සිකුරාදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast

    මේෂ ලග්නය

    සතුරු කරදර මැඩගෙන කටයුතු සිදු කරන ආකාරයක් දක්නට ලැබෙ.ඕනෑම අයෙකු සමග සිනාසී කටයුතු කිරීමේ හැකියාව.අන් අයගේ මුවගටද සිනාවක් රැගෙන ඒමට ඔබ උත්සාහ දරනු ඇත.

    ජයඅංක:-1 2 ජය වර්ණ:- රතුනිල් 

    වෘෂභ ලග්නය

    උදෑසන කාලපරිච්චේදයේදී සුළු වශයෙන් මානසික පීඩා ඇති වීමට හැකියාවක් පවති බව. සවස් වන විට එම තත්වය ක්‍රමානුකුලව දුරු වී යනු ඇත.තද සිතින් කරනු ලබන කටයුතු වලට සාර්ථකත්වය.

    ජයඅංක:-1 2 ජය වර්ණ:-රතු කහ

    මිථුන ලග්නය

    ඔබට උදා වන්නේ යෝගයක් සමගිනුයි.තමන්ගේ ඥාතීන්ගේ කටයුතු වෙනුවෙන් ඔබට වැඩි වශයෙන් කාලය වෙන් කරන්නට සිදු වනු ඇත.ඉතා ප්‍රවේශමෙන් කටයුතු කල යුතුයි.

    ජය අංක:-1 4 ජය වර්ණ:-කොළ රතු 

    කටක ලග්නය

    විවාහ ජීවිතය වෙනදාට වඩා වැඩි උනන්දුවක් උදාපත් වනු ඇත.කැපවීම් සහගත තත්වයක් පෙන්නුම් කරනවා.ප්‍රේමනීය සම්බන්ධතා තිබුනාවූ සුළු චිත්ත පිඩා මානසික අසහනකාරී තත්වයන් දුරු වේ.

    ජය අංක :-2,3, ජය වර්ණ:-සුදු, රතු 

    සිංහ ලග්නය

    ඔබගේ ආර්ථිකයට යම්කිසි ශක්තියක් උදාපත් වන දිනයක්.රැකි රක්ෂා කටයුතු ආශ්‍රිතව සුළු සුළු බාධාකාරී තත්වයන්ද ඇති වීමට හැකියාව පවතින බැවින් සලසුම්සහගත වීම වැදගත්. 

    ජය අංක:-2,4, ජය වර්ණ:-රතු,සුදු 

    කන්‍යා ලග්නය

    ඔබ නම්‍යශීලි ලෙස කටයුතු කරන්නට පෙළඹෙනු ඇත.වචන භාවිතයේදී වුවත් ඔබගේ පරිනතභාවය විදහා දැක්වෙනු ඇත. ඔබගේ හැකියාවක් පිළිබඳව සමාජය තුල කතාබහට ලක් ව.

    ජය අංක:-6,9 ජය වර්ණ:-කොළ,නිල් 

    තුලා ලග්නය

    කරන කියන සෑම කටයුත්තකදීම වෙනදාට වඩා ආරක්ෂාකාරීව ක්‍රියාත්මක වීමට වගබලා ගත යුතුයි.ජලාශ්‍රිත පරිසර වලින් විදුලිය ආශ්‍රිත පරිසර වලදී වුවත් සැලකිලිමත් විය යුතුයි.

    ජය අංක:- 4,8 ජය වර්ණ:-කහ,රතු

    වෘශ්චික ලග්නය

    වෙළඳ ව්‍යාපාර කටයුතු තරමක් සාර්ථක වන ආකාරයක් ඔබ තනිව සිදු කරනු ලබන කටයුතු වලට වඩා ඔබ තවත් අයෙකු සමග එක්වී සිදු කරනු ලබන ක‍ටයුතු සාර්ථක වන ආකාරයක්.

    ජය අංක:-4,7 ජය වර්ණ :- රතු,තැඹිලි

    ධනු ලග්නය

    අතගසනු ලබන කටයුතු පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව.උපදේශනාත්මක වෘත්තීන් සහ කුඩා දරුවන්ගේ උපකරණ විකිණීම ආශ්‍රිත කටයුතු වල නිරත වන උදවියට ශුභයි.

    ජය අංක:-5,7 ජය වර්ණ:- කහ,රතු 

    මකර ලග්නය

    රැකි රක්ෂා කටයුතු වල වෙලහෙලදාම් කටයුතු වල පැහැදිලි ප්‍රගතියක් ඇති වන දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්.

    ජය අංක:-4,8 ජය වර්ණ:-කොළ,නිල් 

    කුම්භ ලග්නය

    පසුගිය දිනවල පැවතී පීඩාකාරී ස්වභාවය තවදුරටත් අවම වී ඔබගේ කටයුතු වලට වාසනාව උදා වන දිනයක්.පෙර පින ඉස්මතු වන දිනයක්.පිය පාර්ශවිය ලැබීම් වලට ශුභයි. 

    ජය අංක:-3,5 ජය වර්ණ:-කොළ, නිල් 

    මීන ලග්නය

    ඔබට යෝගයක් උදා වී පවති.සුළු සුළු බාධාකාරී තත්වයන් ඇති වන්නට හැකියාවක් ඇති බැවින් සැලකිලිමත් වන්න.වැඩිහිටි ඥාතීන්ගේ උදවු උපකාර ඔබට ලැබෙනු ඇත.

    ජය අංක:-3,7 ජය වර්ණ:-තැඹිලි,කහ 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *