• Breaking News

    ලංකාව දියුණු කරන්න බැරි හේතු

    ලංකාව දියුණු කරන්න බැරි හේතු ...............

    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව

    අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ

    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

    පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්

    ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන

    තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

    කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න

    ශ්‍රාවකයෝ ඉන්න රටක්,

    තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක

    මදි පුංචි කමක්

    කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,

    චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්

    එක හදන උන් ඉන්න රටක්,

    පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්

    දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත්

    දකින මිනිස්සු ඉන්න රටක්,

    හිතලා තීරණයක් ගන්නවා වෙනුවට

    කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න

    මිනිස්සු ඉන්න රටක්,

    හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන

    මිනිස්සු ඉන්න රටක්,

    නීතියක් තිබ්බට ඒක ක්‍රියාත්මක

    කරන් නැති රටක්,

    රට වෙනුවෙන් තමන්ට වගකීමක්

    තියෙනවා කියලා පිළිනොගන්න

    මිනිස්සු ඉන්න රටක්,

    කුණු දාන එක අපේ වැඩක්

    කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක්

    කියල හිතන මිනිස්සු ඉන්න රටක්,

    තමන් වැඩ කරන කොම්පැණියට

    කඩේ යන මාධ්‍යයවේදීන් ඉන්න රටක්,

    වැරැද්දට විරුද්ධ වෙන එක

    කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා

    හිතන මිනිස්සු ඉන්න රටක්,

    හැම දේකම තියෙන්නේ

    හොදක් නරකක් නෙමෙයි

    පවක් පිනක් කියලා

    හිතන මිනිස්සු ඉන්න රටක්,

    උත්සාහ කරලා වරදින එකාට

    හිනාවෙන්න බලාගෙන ඉන්න

    මිනිස්සු ඉන්න රටක්,

    අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට

    වරථමානේ හිස් වෙච්ච

    මිනිස්සු ඉන්න රටක්,

    ලෝකෙන් ණයට අරන් හරි

    කන කෑම වල ගනන් අඩු කරන්න

    ඕන කියලා

    හිතන මිනිස්සු ඉන්න රටක්,

    උඹලා හිතුවද,

    මේ කපේට දියුණු වෙයි ද ?

    මේ කපේට වෙනස් වෙයිද ?

    ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් හැදිච්ච අරුම පුදුම රටක් තියනවා ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු. 

    උපුටාගැනිමක්

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *