පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.මෙලෙස නවක වදයට ලක්වී ඇත්තේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුයි.
නවක වදයට ලක් වූ සිසුවා දියතලාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වේ.ඔහු මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වැඩිදුරටත් වාර්තාවේ. නවක වදය හේතුවේන් ඔහු දැඩි ලෙස මානසික පීඩනයට ලක්ව ඇති බව වෛද්‍යවරු පවසා තිබෙනවා.
නවක වදයට ලක් වූ බව කියන සිසුවා පසුගිය සති අන්තයේ නිවාඩුවට සිය නිවස බලා ගොස් ඉකුත් 16 වනදා යළි විශ්වවිද්‍යාලයට පැමිණෙමින් සිටියදී ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් තුන්දෙනෙකු ඔහුව ග්‍රහණයට ගෙන තිබෙන අතර ඉන් පසු අදාල සිසුවා විශ්වවිද්‍යාල භූමියේ පාලු ප්‍රදේශයකට රැගෙන ගොස් දරුණු ලෙස නවක වදයට ලක් කර තිබේනවා.
තව අදාල සිසුවා අදික ලෙස නවකවදයට ලක් වීම හේතුවේන් ක්ලාන්තව සිහි සුන්වී ඇති අතර, තමන් සමග ඉගෙනුම මිතුරා හදිසියේ රෝගී වූ බව පවසමින් ජ්‍යෙෂ්ඨ සිසුන් ත්‍රිරෝද රථයකින් මහනුවර පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙ පිළිබදව රෝහල් පාලනාධිකාරිය විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත ඩැනුවත් කර ඇති අතර ඉන් අනතුරුව අදාල සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාළ සිසුවා දැඩි මනසික පීඩනයකට ලක්වී ඇති බැවින් සිද්ධිය පිළිබදව ප්‍රකාශයක් පවා ලබා ගත නොහැකි වී තිබෙනවා. මේ අතර නවක වදය ලබාදුන් ශිෂ්‍යයින් හදුනා ගැනීම සදහා පොලීසියේ ද සහාය ලැබී ඇති බව විශ්වවිද්‍යාලයේ විනය පාලක ආචාර්ය ගාමිණී හිටිනායක මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.
කිසිදු ආකාරයක නවක වදය ලබාදීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිපුන සංකල්ප සදහන් කර තිබෙන අතර අදාළ සිසුවා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
No comments:
Post a Comment