• Breaking News

    කාන්තාවන්ගේ රෙදි ගලවා කසිප්පු හොයලා, පහරදී නිරුවතින් වාහනේට දමාගෙන

    බිංගිරිය, මොරගොල්ල, නාගොල්ලාගොඩ ප්‍රදේශයෙන් සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන් බව කියන පුවතක්  වාර්තා වනවා.

    සුරාබදු නිලධාරීන් පෙරවරු 10.30ට පමණ තම නිවසට පැමිණ නීතිවිරෝධී මත්පැන් ඇත්දැයි විමසා සෝදිසි කරඇති අතර නීතිවිරෝධී මත්පැන් නැතිවීමෙන් කෝපයට පත් නිලදාරීන් තර්ජනය කර පහර දුන් බව  සිද්ධියට මුහුණදුන් කාන්තාවන් පවසා ඇත.

    තමන් ලග  නීතිවිරෝධී මත්පැන් නොමැති බැවිඋන් එම චෝදනා ප්‍රතික්ෂේප කළ පසු තමන්ට හා තම දියණියට පහර දී තම දියණිය බිම දිගේ නිරුවතින් ඇදගෙන ගොස් ඔවුන් පැමිණි වාහනයට දමාගත් බව පහර කෑමට ලක්වූ එක් කාන්තාවක් ප්‍රකාශ කළා.

    පහර කෑමට ලක්වු කාන්තාවන් චෝදනා කරන්නේ එක් නිලධාරිනියක හෝ මෙම අවස්ථාවට සම්බන්ධ නොවූ බවයි.

    සුරාබදු නිලධාරීන් විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීමකට පැමිණි අවස්ථාවේදී සිය රාජකාරියට බාධා කළ බවට  බිංගිරිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා පහර කෑමට ලක්වූ කාන්තාවන් ද මේ සම්බන්ධයෙන් බිංගිරිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *