• Breaking News

    අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම්ගේ බිරිඳ යැයි පවසමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට දුරකථන මගින් බලපෑම් කරලා

    අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ බිරිඳ බව පවසමින් ගුරු පත්වීම් හා ගුරු මාරු සිදුකරන ලෙසට දුරකථන මගින්   අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල්ධාරීන්ට බලපෑම් කර තිබෙනවා මේ පිලි පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන බව වැඩි දුරටත් සඳහන් වෙයි.

     මෙලෙස අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ බිරිඳ බව පවසමින්  අමාත්‍යාංශයේ නිලධාරීන්ට ගුරු පත්වීම් ගුරු මාරු සිදුකිරීම සම්බන්ධයෙන් නිතර දුරකතන ඇමතුම් ගලාවිත්  ඇති අතර ඒ පිළිබඳ සැක සිතූ නිල්ධාරීන් මේ පිළිබඳ ඇමතිවරයාට දැනුම් දී ඇත .

    කිසිදු අවස්ථාවක් දේශ දේශපාලන හා රාජකාරිමය කටයුතු වලට තම බිරිඳ  සම්බන්ධ නොවී සිටිය දී ජනතාව මුලා කරමින් මෙවැනි ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන් ඉක්මනින් අල්ලාගත යුතු බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසා ඇත. ඇමතිවරයා   විසින් වහා පරීක්ෂණයක් අරඹා ඇත.  මේ පිනළිබඳ අදාළ අංශ දැනුවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 

     හිටපු අධ්‍යාපන ඇමති වරුන්ගේ බිරින්දෑවරු මේ ආකාරයට ගුරු පත්වීම් මාරුවීම් හා දරුවන් පාසලට ඇතුලත් කර ගැනීමට වැනි කටයුතු සඳහා සෘජුව ක්‍රියා කර තිබුණත් වත්මන් ඇමතිවරයාගේ බිරිඳ වැනි ක්‍රියාවන් සිදු කර නොතිබූ නිසා  මේ පිළිබඳ නිලධාරීන් පුදුමයට පත් වීමෙන්  ඒ පිළිබඳ ඇමතිවරයාට දැනුම් දී තිබෙනවා. 

     ඉන්පසු අමාත්‍යාංශය ආරක්ෂක අංශය විසින් පොලිසිය වෙත පැමිණිලි  කර තිබෙනවා.  මෙලෙස අමාත්‍යාංශයට පැමිණිලිෙන් ජනතාව මුලා කරමින් ඔවුන්ගේ මුදල් ගසා කන්නන් අල්ලා ගැනීමට පොලිස් බුද්ධිි අංශය ද යොදවා තිබෙන අතර මෙසේ ව්‍යාජ දුරකථන ඇමතුම් මගින්  අමාත්‍යාංශයේ නිලධාරීන්ට බලපෑම් කරන තැනැත්තිය ඉක්මනින් සොයා ගන්නා බව ඇමතිවරයා අවධාරණය කර තිබෙනවා

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *