• Breaking News

    කෙල්ලෙක් ආදරවන්තියක් සතුටු කරන පුළුවන් ක්‍රම ටිකක් මෙන්න

    ආදරේ කියන්නේ හරිම ලස්සන සුන්දර අත්දැකීමක්, එම සුන්දර අත්දැකීම ලබන්නේ කීයෙන් කී දෙනාද ? අද අපි ඔයාලට කියල දෙන්න යන්නේ එවැනි සුන්දර ආදර  සම්බන්ධයක් පවත්වාගෙන යන්නෙ කොහොමද කියලා. සුන්දර ආදර සම්බධයකට වගේම ඔබගේ පෙම්වතිය සතුටු කරන්න පුලුවන් ක්‍රම ටිකක් තමයි මේ කියන්නේ.  බැලු බැල්මට බොලඳයි කියා සිතේවි. ඔබේ පෙම්වතියද මේ දේවල් ප්‍රතික්ෂේප කරාවි. නමුත් ඇය හදවතින්ම මේ දේවල් වලට ආශා කරන බව පමණක් සිහි තබාගන්න..

    1. ඔයාට පුළුවන් සෑම විටකම ඇයව ඔබට තුරුල්කරගන්න. ඇය ගොඩක් කැමතියි ඔයාට තුරුළු වෙලා ඉන්න

    2. ඔයාට පුළුවන් හැම වෙලාවකම ඇයත් සමග හැකි තරම් කතාබහ කරන්න. 

    3. ඔබේ රහස් ඇයත් සමග බෙදාගන්න. ඔයාගේ  දේවල් හන්ගනවාට ඇය කැමති නැති වේවි.

    4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න. ඇය තුරුළු කරගන්න.

    5. ඔයා ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න  

    6. ඇයව වැළඳගන්න. පුළුවන් වෙලාවට

    7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. ඇයගේ අතින් අල්ලගෙන ගමන් යන්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්. 

    8. ඔයා හැම වෙලාවෙම ඇයත් සමග සිනහවෙන් කාලය ගෙවන්න. 

    9. පුළුවන් හැම වෙලාවකම ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුගාක් කැමති වේවි.

    10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමග එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.  

    11. ඇයත් සමග සුහදව සිනාසෙන්න. ඇය ඒකට ගොඩක් කැමතිවෙයි.  

    12. ඔයා ඇයත් සමග එකට සිට ඡායාරූප ගන්න.  

    13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න. ඒකට නම්  එයා ගොඩක් කැමති වේවි.

    14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමග තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

    15. ඇගේ යාලූවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලූවන් දෙසට යන්න දෙන්න එපා.

    16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න. පුළුවන් හැම වෙලාවකම.  

    17. ඔයා ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

    18. ඔයා ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

    19. ඇය ලස්සන බව ඇයට පවසන්න. 

    20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න

    21. ඇයත් සමග යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමගින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

    22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.

    23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

    24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

    25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා

    26. ඔයා ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

    27. ඔයා ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

    28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

    29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමගම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

    30. ඇයට ඔබව අවශ්ය වෙන අවස්ථාවන්වලදී ඇය සමග සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

    ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි

    31. ඔයා ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

    32. ඔබ ඇයත් සමග තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

    33. ඔයා ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

    34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

    35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි

    ඊළග වතාවේදී ඔබ ඇයත් සමග සිටින විට මේ දේවල් මතක් කරගන්න

    36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

    37. ඔයා ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

    38. තරු පෑයූ රාත්රියක ඇයත් සමග සිටින විට ඇයට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැගිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.

    39. ඇයත් සමග ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

    40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

    41.ඔයා ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්රියක් හා සුබ සිහින පතන්න.

    42. ඔයා ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලූ පිසදමන්න.

    43.  ඔයා  ඇයත් සමග රාත්‍රියට ඇවිදින්න යන්න.

    44. ඔයා නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

    45. ඔයා ඇයත් සමග සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *