කුඩාඔය ප‍්‍රදේශයෙන් අනියම් සැමියා විසින් තිවුණු අයුධයකින් පහර දීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා මිය යෑමේ පුවතක් වාර්තා වේ.
39 කොසට, තෙලූල්ල ජනපදය ලිපිනයේ පදංචි හක්මනගේ දිපානි අවුරුදු 41 දෙදරු මවක් මෙලෙස මිය ගොස් තිබෙනවා
මිය ගිය කාන්තාවගේ නිතියානුකූල සැමියා මියයාමෙන් පසු සැකකාර අනියම් සැමියා සමඟ එක්ට ජිවත්වුවත් නිතියානුකූළ විවාහ වි නොමැති බව වාර්තාවනවා. දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී තිබෙනවා
මිය ගිය කාන්තාවගේ දේහය වැල්ලවාය මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර මහේස්ත‍්‍රාත් පරික්ෂණය වැල්ලවාය මහේස්ත‍්‍රාත්වරයා විසින් විසින් සිදු කර තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් මිය කාන්තාවගේ අනියම් සැමියා කුඩා ඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය මහෙස්ත‍්‍රාත් අධිකරනයෙට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මොනරාගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පරධි කුඩාඔය පොලීසිය සිදු කරයි.
No comments:
Post a Comment