ප්‍රවීණ ටෙලි නළු රොෂාන් පිලපිටිය සමග පසුගියදා යුග දිවියට පිවිසි නවක නිළි රිද්මා සතිඅන්ත පුවත්පතක් අමතමින් සිය අලුත් ජීවිතය ගැන අදහස් දක්වා තිබෙනවා
මම ආදරය කළේ රොෂාන් කියන නළුවාට නෙවෙයි . ඒ පුද්ගලයාටයි. එයා ගොඩක් සරලයි. ඒ වගේම අවංකයි. මම වගේම තමයි එයා හිතන විදියත්. ඉතින් එයමම හිතන්නෙ අදහස් නොගැලපෙනවා නම් විඳවන්නෙ නැතුව වෙන්වීම වඩා හොඳයි. ඒ කොහොම වුණත් මට එයාගේ අතීතයේ සිදුවීම් කොහෙත්ම ප‍්‍රශ්නයක් නෙවෙයි. අපි හරි ආදරයෙන් ඉන්නේ. ඉදිරියටත් එහෙම වේවි.
මගෙ පවුලේ අම්මා, තාත්තා සහ මම විතරයි. මගේ අම්මා තාත්තා දෙන්නම විදෙස්ගත වෙලා සිටින්නේ.මං දැන් රංගනය හදාරණ කෙනෙක් ඊට අමතරව නීතිය ඉගෙන ගන්න කෙනෙක්.
පාසල් කාලයේ ඉඳලාම මගේ බලාපොරොත්තුව වුණේ නීතිඥවරියක් වීමටයි. දැන් ඒ වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. ඊට අමතරව දමයන්ති ෆොන්සේකා රංගනවේදිනිය හා සුසන්ත විතානගේ මහතා යටතේ රංගන පාඨමාලාවකුත් හදාරනවා.
මගෙ කලා වැඩ ගැන කියනව නං ගීතයක විෂුවල් එකකට පෙනී සිටියා. 2016 වසරේදී ක්ලීන් ඇන්ඞ් ක්ලියර් කුමරිය ලෙස තේරුණා. කලාව මගේ ජීවිතයට සමීපයි. රංගනයට පැමිණ ජීවිතය අතිශයින් කාර්යබහුල වීම මගේ ජීවන රිද්මය නොවෙයි. නර්තනයට, ගීත ගායනයට, රංගනයට යම්කිසි දක්ෂතාවයක් තියෙනවා.
සැමියකු විදියට මම ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ විශ්වාසය සහ අවංකකමයි. අපි දෙන්නා අතර එය උපරිමයෙන්ම තියෙනවා. දෙන්නාට දෙන්නා උදව් කරගෙන සරලව ජීවිතය ගෙනයාම තමයි අරමුණ.
මම රොෂාන් අයියා තරුවක් කියන තැන සිටින කෙනෙක් නෙවෙයි. තරුවකට නෙවෙයි මගේ හිත ගියේ
රොෂාන්ටයි. එයාගෙ විදිය ඇත්තටම හරිම සාමාන්‍යයි. නළුවකු කියලා හිතට අරගෙන ජීවත් වන කෙනෙක් නෙවෙයි. මගේ වැඩවලට එයාගෙන් තහංචි නැහැ.
විවාහය කියන්නෙ දෙන්නාට දෙන්නා තහංචි දාගෙන, සැකයෙන්, භීතියෙන් ගෙවන ජීවිතයක් නෙවෙයි. දෙන්නට දෙන්නා අවංක වීම ඉතා වැදගත්. විවාහය කියන්නේ අරුත්බර දර්ශනයක්. ඒ දර්ශනයේදී දෙදෙනාගේ නිදහස හරි වැදගත්.
No comments:
Post a Comment