• Breaking News

    2018 වෘශ්චික ලග්න ඔබට කොහොමද?-රුක්ෂාන් 2018 Wrushchika lagna palapala Yearly Horoscope for Scorpio

    වෘශ්චික ලග්නය

    වෘශ්චික ලග්නයට වර්ෂ කිහිපයක සිට බලපාන සෙනසුරු ඒරාෂ්ටක තත්වයන් 2018. ඒරාෂ්ඨක දෝෂ පවතින කාලයේ කරදර ප්‍රශ්න ඇති වූවත් නව වර්ෂය උදා වීමේදී ඒරාෂ්ඨක දෝෂ අවසන් වීම හේතුවෙන් කරදර ප්‍රශ්න අඩු කරගත හැකි වේ.

    ධනය  -

    ධනය ලබා දියුණු වීමේ භාග්‍ය උදා කරයි. ආදායම් මාර්ග වැඩි දියුණු කරගැනීමේ හැකියාව ඇත. ඒ අනුව අළුත් ආදායම් මාර්ග ආරම්භ කිරීම් සම්බන්ධයෙන් මෙම වසර සුභදායක වේගයම් යම් වැඩ කටයුතු වල මුදල් ආයෝජනය කිරීම් සම්බන්ධයෙන් ද දියුණු වීමේ අවස්ථාව උදා කරගත හැක. 

    අධ්‍යාපනය  -

    අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කරගැනීමේ හැකියාව ඇත. සෞන්දර්යය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන බව පෙනේ. කලාත්මක කටයුතු සංගීතය වැනි විෂයන්ට ද කැමැත්තක් දක්වයි. එසේම කුඩා වයසේදී අනවශ්‍ය විනෝද කටයුතු වලට සම්බන්ධ වීම් කාටුන් බැලීම් ආදිය සීමාවකින් තොරව කිරීමට ඉඩ නොදිය යුතුයි. අධ්‍යාපන කටයුතු වැඩි වශයෙන් උනන්දු කරවීම යහපත් වේග දරුවන්ට නියමිත කාලයේදී අධ්‍යාපන කටයුතු වලට යොමු කරවීම අවධානයෙන් යුතුව බලා සිටීමත් යහපත් ඇසුරට පත් කිරීමත් ආදියෙන් ඉගෙනීම් කටයුතු වලට උනන්දු කිරීමත් නිසා අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන යාමේ හැකියාව ඇති කිරීම වැදගත් වේ.

    රැකියා කටයුතු  -

    නිතර ගමන් බිමන් වැඩි රැකියා වලට සම්බන්ධ වීමට සිදුවේ. රාහු මාරුවත් සමග රැකියා කරදර අඩුවේගරැකියා කටයුතු සම්බන්ධයෙන් දුර ගමන් ද ඇතිවිය හැකිය. මෙම කාලයේ රැකියා සම්බන්ධයෙන් ඉල්ලුම්පත්‍ර දැමීම් විභාග ආදියට පෙනී සිටීම් මෙම කාලයේ කිරීම යහපත් වේ. රැකියා කටයුතු සම්බන්ධ දියුණුව වඩාත් යහපත් වේ.   

    ගෘහ ජීවිතය  -

    පදිංචි ස්ථාන වල සැපවත් බව අඩු විය හැක. ඥාතී සම්බන්ධතා ද වර්ෂයේ මුල් බාගයේ අඩුවිය හැක. ඥාතීන්ගේ ප්‍රශ්න ඇතිවිය හැක. පවුලේ සමඟියට බාධා වන කරුණු ද යෙදිය හැක. මෙම ග්‍රහ තත්වයට අනුව විවාහ කටයුතු වල ප්‍රමාදයන් සිදුවිය හැක. එබැවින් හොඳින් සොයා බලා තීරණ ගැනීම සුභදායක වේ.  

    සෞඛ්‍ය  -

    වෘශ්චික ලග්නයේ උපන් නිසා සෙම් කෝප ගති නිසා අසනීප,පපුවේ අසනීප නිතර ඇතිවිය හැක. එසේම පාද වල දණහිස් ප්‍රදේශයේ අසනීපද ඇතිවිය හැක. බඬේ අසනීප ගති ඇති කිරීමට හේතු වේගපාද වල වාත වේදනා ගති ඇතිවිය හැක. එසේම ලේ වල දෝෂ තත්වයන් නිසා අසනීප ගති ද ඇතිවිය හැක.

    අඟහරුවාදා , සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්න ( රතු මල් සමඟ ). අඟහරුවාදා නිර්මාංශව සිටින්න. කිරිවෙහෙර වැඳ කතරගම දෙවියන්ට බාර වෙන්න. කැකුළු සහල් වලින් තැනූ කිරිබත් දෙන්න. රතු හෝ රතු පැහැයට හුරු වස්ත්‍රාභරණ වලින් සැරසෙන්න. 

    ශුභ දිනය - අඟහරුවාදා ශුභ අංකය-03ල 09ල 04ල 01

    Sama Sri Wishva Kala Keerthi

    Rukshan Jayasekara

    Ancestral Astrologer

    International Architectual Astrology & Consulter

    Jayani, Hakmana Road, Matara.

    Telephone :  +94 41 570 9000 | +94 71 570 9000

    E-mail :  chamilrukshan@gmail.com

    Web :  www.rukshanjayasekara.lk

    Facebook :  www.facebook.com/rukshanjayasekara.lk

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *