• Breaking News

    2018 ධනු ලග්න ඔබට කොහොමද?-රුක්ෂාන් ජයසේකර 2018 Dhanu Lagna Palapala Yearly Horoscope for Sagittarius

    ධනු ලග්නය

    ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ වර්ෂය උදා වන අවස්ථාවේ ග්‍රහ පිහිටීම් ගැන සලකා බැලීමේදී දියුණු වීමේ වාසනාව ඇති කරයි.

    ධනය  -

    ධනය සම්බන්ධ ස්ථානාධිපති සෙනසුරු ලග්නයේ ස්ථානගතවීම නිසාත් ආදායම් මාර්ග වැඩි දියුණුව ඇති වී ආර්ථික වශයෙන් යහපත් තත්වයක් උදා කරගැනීමේ හැකියාව ඇති කරයි. ආදායම් කටයුතු වැඩිදියුණුව ඇති කරයි. කාගේත් සහයෝගය ලැබෙයි. සිකුරුගේ බලය අනුව ගෙදර සිට කරන කටයුතු වලින් ද ධනය ඉපයීමේ හැකියාව ඇත. එසේම ඉඩම් කඩම් වාහන සම්බන්ධ ආදායම් මාර්ග වලින් ද දියුණු වීමේ අවස්ථාව උදා කරයි. දුර ගමන් පිට දේශ වල කටයුතු වලින් ද දියුණු වීමේ අවස්ථාව උදා කරයි.

    අධ්‍යාපනය  -

    හොඳ කල්පනා ශක්තියක් ඇති කරයි.එසේම යමක් හොඳින් අවබෝධ කරගැනීමේ ශක්තිය ද පවතී ඒ අනුව ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන යාමේ හැකියාව පවතී. ආගමික භක්තිය ඇති කරන අතර උසස් අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබා දීමේ ශක්තිය ද ඇති කරයි. එසේම අනුන් වෙනුවෙන් සේවය කිරීමේ කැමැත්ත නිසා අධ්‍යාපනය ලබා ගුරු වෘත්තිය,වෛද්‍ය වෘත්තිය වැනි සමාජයට සේවයක් වන කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාව ද පවතී. විදේශ ගමන් සම්බන්ධයෙන් ද අවස්ථා උදාවිය හැක. අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කරගෙන සමාජයේ සැළකිලි ලබන හොඳ රැකියාවකට සම්බන්ධ වීමේ අවස්ථාව ද උදාවිය හැක.

    රැකියා කටයුතු  -

    හොඳ රැකියාවක් ලැබීමේ භාග්‍ය උදා කරයි. බ්‍රහස්පතියේ තැන්පත් වීම නිසා අනුන්ට උපදෙස් දීමේ රැකියාවකට සම්බන්ධ වීමට හේතු ඇති කරයි. යම් පිරිසකට ප්‍රධාන වීමේ වාසනාව ද ඇති කරයි.  එසේම රැකියා ස්ථානයේ රැකියා ප්‍රධානීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ද ඇති කරයි එසේම රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ යහපත් සම්බන්ධතාවයක් තබාගනී.

    ගෘහ ජීවිතය  -

    පදිංචි ස්ථාන වල තත්වය වැඩිදියුණු වන අතර මව් පිය ඥාති සම්බන්ධතාවයන් ද යහපත් තත්වයකට පත් කරයි. නිවාස කටයුතු අළුත්වැඩියා කටයුතු කිරීම් වාහන වලට සම්බන්ධවීම් ද ඇතිවිය හැක. හොඳ වාහන භාවිතා කිරීමේ වාසනාව ද ඇත.

    සෞඛ්‍ය  -

    සෞඛ්‍ය තත්වය ගැන බැලීමේදී බඬේ උෂ්ණ ගති බලපෑම් නිසා වේදනා ගති ඇතිවිය හැක. හිසේ අසනීප ගති ද ලේ වල දෝෂ තත්වයන් නිසා අසනීප ද ඇතිවිය හැක. පිට කොන්දේ අසනීප ගති ඇති ඇතිවිය හැක. එසේම ශාස්ත්‍රී කටයුතු වල යෙදීම ද සුභදායක වේ.

    බ්‍රහස්පතින්දා,සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්න. මහා බ්‍රහ්මයාට භාර වෙන්න. බ්‍රහස්පතින්දා දින නිර්මාංශව සිටින්න. ශ්‍රී මහා බෝධියට භාර වෙන්න. සංඝයා වහන්සේලාට දානයක් දෙන්න.  කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.

    ශුභ දිනය - බ්‍රහස්පතින්දා  ශුභ අංකය-06, 05, 03,

    Sama Sri Wishva Kala Keerthi

    Rukshan Jayasekara

    Ancestral Astrologer

    International Architectual Astrology & Consulter

    Jayani, Hakmana Road, Matara.

    Telephone :  +94 41 570 9000 | +94 71 570 9000

    E-mail :  chamilrukshan@gmail.com

    Web :  www.rukshanjayasekara.lk

    Facebook :  www.facebook.com/rukshanjayasekara.lk

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *