• Breaking News

    2018 මකර ලග්න ඔබට කොහොමද?-රුක්ෂාන් ජයසේකර 2018 Makara Lagna Palapala Yearly Horoscope for Capricorn

    මකර ලග්නය

    මෙම වර්ෂය ආරම්භයේදී මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රය ග්‍රහ පිහිටීම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ සිටීම නිසා ඒරාෂ්ටක දෝස බලපෑම් නිසා දියුණුව සම්බන්ධයෙන් තරමක් බාධක ඇතිවිය හැක. එමනිසා දියුණුව උදා කරගැනීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවකින් කටයුතු කිරීම වැදගත්ය.  

    ධනය  -

    ධනය සම්බන්ධ ස්ථානය වන 2 වැන්න අධිපති සෙනසුරු 12 වැන්නේ සිටීම් ධනය ලැබීම් සම්බන්ධයෙන් වඩාත් සතුටුදායක නොවන බව පෙනේ. එසේම සෙනසුරු 12 වැන්නේ නිසා බලාපොරොත්තු නැති පදිංචි වියදම් ඇතිවීමත් නීතිමය ප්‍රශ්න අසනීප කරදර බලපෑමත් නිසා ආදායම් තත්වය සතුටුදායක නොවන බව පෙනේ. වියදම් වැඩි කරන නිසා මානසික වශයෙන් ද වඩා සුභදායක නොවන බව පෙනේ.  

    අධ්‍යාපනය  -

    යහපත් කල්පනා ශක්තියක් ඇති කරන අතර ඉගෙනීමේ කටයුතු සම්බන්ධයෙන් ද හොඳ අවබෝධයක් ඇති කරයි මහන්සි වී කරන කටයුතු මෙන්ම තාක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ද කැමැත්තක් ඇති කරයි. බ්‍රහස්පතිගේ පිහිටීම උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද යහපත් ප්‍රතිඵල ඇති කරයි. සෙනසුරු දෝෂ තත්වය පවතින නිසා ඉගෙනීමේ කටයුතු සම්බන්ධයෙන් උනන්දුව අඩුවීම් ද බලපායි. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දුර ප්‍රදේශ වල ගමන් ඇතිවිය හැක. අළුත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිම් සම්බන්ධයෙන් ද ඒ සම්බන්ධ විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට සහභාගි වීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ඇති කරයි.

    රැකියා කටයුතු  -

    රැකියා කටයුතු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ඇති කරයි. රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉල්ලුම්පත්‍ර දැමීම විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටීම් ආදිය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි වේ. සෙනසුරු ඒරාෂ්ටක දෝෂ වර්ෂය තුළ පවතින නිසා රැකියා කටයුතු වල දියුණුව සම්බන්ධයෙන් ද තරමක් ප්‍රශ්න බාධක ඇතිවිය හැක. එබැවින් එම කටයුතු වලදී උනන්දුවෙන් හා ඉවසිලිවන්තව කටයුතු කිරිම සුභදායක වේ. 

    ගෘහ ජීවිතය  -

    ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් දියුණුව තරමක් අඩුවිය හැක. පවුගේ කරදර ප්‍රශ්න සමඟියට බාධා වීම ද ඇතිවිය හැක. එසේම මෙම කාලයේ අවිවාහක අයට මංගල යෝජනා ප්‍රමාද වීම් ඇතිවිය හැක. ඒ අනුව විවාහ අපේක්ෂක අය විවාහ කටයුතු සම්බන්ථයෙන් වැඩි උනන්දුවෙන් කටයුතු කිරීම වැදගත් වේ. 

    සෞඛ්‍ය  -

    මෙම වසරේ ග්‍රහ පිහිටීම ගැන ෂලකා බැලීමේදී ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අගුණ බලපායි. බඬේ උෂ්ණ ගති අසනීප උගුරේ බෙල්ලේ අසනීප හිසේ අසනීපගති මුත්‍ර දෝෂ ආදිය ඇතිවිය හැක.

    බදාදා සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්නගසෙනසුරාදා දින නිර්මාංශව සිටින්න. කැළණි වෙහෙරට භාර වෙන්න. මහළු නිවාසයකට දානයක් දෙන්න. නිල්පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. 

    ශුභ දිනය - බ්‍රහස්පතින්දා,සෙනසුරාදා  ශුභ අංකය-06,09,08

    Sama Sri Wishva Kala Keerthi

    Rukshan Jayasekara

    Ancestral Astrologer

    International Architectual Astrology & Consulter

    Jayani, Hakmana Road, Matara.

    Telephone :  +94 41 570 9000 | +94 71 570 9000

    E-mail :  chamilrukshan@gmail.com

    Web :  www.rukshanjayasekara.lk

    Facebook :  www.facebook.com/rukshanjayasekara.lk

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *