• Breaking News

    2018 කුම්භ ලග්න ඔබට කොහොමද?-රුක්ෂාන් ජයසේකර 2018 Kumbha Lagna Palapala Yearly Horoscope for Aquarius

    කුම්භ ලග්නය

    වර්ෂය උදාවන අවස්ථාවේ කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජීවිතයට කෙසේ බලපායි ද කියා සාකච්ඡා කරමු. වර්ෂය ආරම්භයේ කේතු 12 වැන්නෙ රාහු 6 වැන්නේත් අඟහරු 9 වැන්නේත් ස්ථානගතවීම නිසා යහපත් ප්‍රතිඵල තරමක් අඩුවිය හැකිය.  

    ධනය  -

    ධනය ලැබීම් සම්බන්ධයෙන් බාධක ඇතිවිය හැක. ආදායම් කටයුතු සම්බන්ධයෙන් අනිත් අයගේ සහයෝගය ද අඩුවිය හැක. එසේම තනිවම කරන කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලැබෙන අතර පවුලේ කටයුතු වලදී සාර්ථක ප්‍රතිඵල අඩුවිය හැකිය. එමනිසා ආදායම් කටයුතු ආරම්භ කිරීමේදී හොඳින් සොයා බලා සැළකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වේ. ආහාර පාන සම්බන්ධ කටයුතු ඇඳුම් පැළඳුම් විලාසිතා ආදිය සම්බන්ධ කටයුතු කිරීමෙන් ආදායම් කටයුතු යහපත් අන්දමින් පවත්වාගත හැක. 

    අධ්‍යාපනය  -

    අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යාමේ හැකියාව ඇත රාහු කේතු පිහිටීම් නිසා අමතකවීම් ද ඇතිවිය හැක. එමනිසා නිතර ආගමික කටයුතු වලට යොමුවිමෙන් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දුර ප්‍රදේශ වලට ද සම්බන්ධ වීමට සිදුවේ. කුඩා වයසේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට උනන්දු වන අයුරින්ම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් උත්සාහයෙන් කටයුතු කිරීම වැදගත් වේ. අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමේදී මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු ආරම්භයේදී ද විභාග ආදිය පවතින අවස්ථා වලදී ආගමික කටයුතු වලට සම්බන්ධ වීම සුභදායක වේ.    

    රැකියා කටයුතු  -

    රැකියා කටයුතු සම්බන්ධයෙන් බැලීමේදී රැකියාස්ථානය අයත් අඟහරු ග්‍රහයා 9 වැන්නේ  ඒ හේතුවෙන් රැකියා කටයුතු ආරක්ෂක අංශ වලට මෙන්ම කාර්මික අංශයට ද යොමුවිය හැක. රැකියාධිපති ග්‍රහයා අඟහරු නිසා අනෙක් අය යටතේ කරන රැකියා වලට කැමැත්ත අඩුවිය හැක. සංචාරක කටයුතු වලට ද සම්බන්ධ විය හැක. උපන් ප්‍රදේශයට වඩා පිට ප්‍රදේශ වලට දුර ප්‍රදේශ වල කරන රැකියා කටයුතු වලින් වඩාත් යහපත් ප්‍රතිඵල ඇති කරයි. එසේම මිතුරන්ගෙන් ලැබෙන සහය ද අඩුවිය හැක. එමනිසා තමන් ස්වාධීනව කරන රැකියා කටයුතු වලින් වඩාත් යහපත් ප්‍රතිඵල ගබාගත හැකි වේ. 

    ගෘහ ජීවිතය  -

    පදිංචි ස්ථාන වල කරදර ප්‍රශ්න ඇති කරයිගඥාතීන්ගෙන් ප්‍රශ්න ඇති කරයි. ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්න ඇතිවිය හැකගඑසේම රාහු ගේ පිහිටීම විවාහ ප්‍රමාදයන් ඇතිවිය හැක. ඒ අනුව විවාහ යෝජනා හොඳින් සොයා බලා කටයුතු කිරීමත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමත් සුභදායක වේ.  

    සෞඛ්‍ය  -

    හිසේ අසනීප මුත්‍ර දෝෂ පාද වල අසනීප ඇතිවිය හැක. එසේම ලේ ගමන සම්බන්ධ දෝෂ ඇතිවිය හැක. පපුව ප්‍රදේශයේ අසනීප ඇතිවිය හැක. 

    බදාදා සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්න. සෙනසුරාදා දින නිර්මාංශව සිටින්න. කැළණි වෙහෙරට භාර වෙන්නගමහළු නිවාසයකට දානයක් දෙන්න. නිල්පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. 

    ශුභ දිනය-බ්‍රහස්පතින්දා,සෙනසුරාදා  ශුභ අංකය-03,09,02,

    Sama Sri Wishva Kala Keerthi

    Rukshan Jayasekara

    Ancestral Astrologer

    International Architectual Astrology & Consulter

    Jayani, Hakmana Road, Matara.

    Telephone :  +94 41 570 9000 | +94 71 570 9000

    E-mail  :  chamilrukshan@gmail.com

    Web  :  www.rukshanjayasekara.lk

    Facebook :  www.facebook.com/rukshanjayasekara.lk

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *