තුලා ලග්නය
සිකුරුට අයත් තුලා ලග්නයෙන් උපන් ඔබට 2018 වර්ෂයේ කෙසේ බලපෑම් ඇතිවේද යන්න සාකච්ඡා කර බලමු. වර්ෂය ආරම්භයේ සිකුරු 3 වැන්නෙ ගතවීම නිසා හොඳ මානසික තත්වයකින් කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි.
ධනය -
ධනය ලැබීම් සම්බන්ධයෙන් තරමක් බාධක ඇතිවිය හැක එසේම වියදම් වැඩි කරුණු ඇතිවිය හැක. බ්‍රහස්පති පිහිටීම් අනුව ආගමික කටයුතු සම්බන්ධයෙන් ද වෙනත් සුභ කටයුතු සම්බන්ධයෙන් ද වියදම් පෙන්වයි. අනතුරු අසනීප ගති සම්බන්ධයෙන් වියදම් පෙන්නුම් කෙරේ. ඒ අනුව වියදම් කටයුතු වලදී සැළකිලිමත්ව කටයුතු කිරිම සුභදායක වේ.
අධ්‍යාපනය -
මෙම වර්ෂය ආරම්භයේ ග්‍රහ තත්වය අනුව අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද යහපත් තත්වයක් පෙන්නුම් කෙරේ. යහපත් මානසික තත්වයක් ඇති කර එමනිසා ඉගෙනීම් කටයුතු වලදී නිවැරදි මාර්ගය අවබෝධ කරගෙන අධ්‍යන කටයුතු වල යෙදීමේ හැකියාව උදා කරයි. කුඩා දරුවන් අධ්‍යන කටයුතු වලට යොමු කිරීම යහපත් වන අතර උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට ද හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇති කරයි ගණිතය සම්බන්ධ විෂයයන් මෙන්ම ක්ෂේත්රය සම්බන්ධ විෂයයන්ට ද යොමු වීමේදී යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇති කරයි.
රැකියා කටයුතු -
හොඳ රැකියාවකට යොමු වීමේ අවස්ථාව උදා කරයි. රාහු 10 වැන්නේ ස්ථානගතවීම නිසා ආදායම් කටයුතු සම්බන්ධයෙන් බාධක ඇතිවිය හැකි. අතර ආශ්‍රය කරන අයගේ ප්‍රශ්න නිසා ද දියුණුව ඇතිවිය හැක. රැකියා කටයුතු සම්බන්ධයෙන් කරදර ප්‍රශ්න මතුවිය හැකි තත්වයක් උදා කරයි. එමනිසා රැකියා කටයුතු කරගෙන යාමේදී කල්පනාවෙන් කටයුතු කිරීම තීරණ ගැනීමත් ශුභදායක වේ.
ගෘහ ජීවිතය -
ගෘහ ජීවිතය යහපත් අන්දමින් පවත්වා ගැනීමේ හැකියාව ඇති කරයි. පදිංචි ස්ථාන වල කරදර ප්‍රශ්න ඇතිවිය හැක. එසේම රැකියා කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවිය හැකිය. සිතට කරදර ප්‍රශ්න ඇතිවිය හැක.
සෞඛ්‍ය -
මෙම ක්ෂේත්රයේ ග්‍රහ පිහිටීම් අනුව සෙම බලපෑම් නිසා හිසේ අසනීප ඇතිවිය හැක. එසේම බඬේ අසනීප ගති ඇති කරන බඬේ උෂ්ණ ගති නිසා බඬේ අසනීප ඇතිවිය හැක. අර්ශස් වැඩි අසනීප ඇති කරයි.
සිකුරාදා ල සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්න. සිකුරාදා දින නිර්මාංශව සිටින්න. පත්තිනි මෑණියන්ට බාර වෙන්නග සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. පංච වර්ණ මල් පූජා කරන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.
ශුභ දිනය - සිකුරාදා ශුභ අංකය-01, 04, 02,
Sama Sri Wishva Kala Keerthi
Rukshan Jayasekara
Ancestral Astrologer
International Architectual Astrology & Consulter
Jayani, Hakmana Road, Matara.
Telephone : +94 41 570 9000 | +94 71 570 9000
E-mail : chamilrukshan@gmail.com
Web : www.rukshanjayasekara.lk
Facebook : www.facebook.com/rukshanjayasekara.lk
No comments:
Post a Comment