කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රය අනුව මෙම වසර ඔබට කෙසේදැයි සලකා බලමු. ධනස්ථානයේ රාහු පිහිටීම නිසා ධනය ලැබීම සම්බන්ධයෙන් තරමක් දියුණුව අඩුවිය හැක. සෙනසුරු කේතු පිහිටීම් සම්බන්ධයෙන් ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ද අගුණ ඇතිවිය හැක. දියුණුවට විරුද්ධ වන සතුරු කරදරාදී ඇතිවිය හැක.
ධනය -
ධනය ලැබීම් සම්බන්ධයෙන් බාධක ඇති කරයි. ආදායම් තත්වයන් අඩු විය හැක. ධනස්ථානය වන 2 පිහිටීම නිසා අනවශ්‍ය වියදම් ඇතිවිිය හැක. ඒ නිසා ආදායම් තත්වයන් අඩු විය හැක. සොර සතුරු කරදර නිසා පාඩුවීම් ද ඇතිවිය හැක.
අධ්‍යාපනය -
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යහපත් වේගයහපත් ඥාණ ශක්තියක් ඇති කරන අතර විභාග ආදියෙන් ජය ගැනීමේ වාසනාව ඇත. ආගමික කටයුතු වලට යොමු වීමට ද කැමැත්ත ඇති කරයිග රාහු කටකයේ ගමන් කරන කාලයේ මානසික වශයෙන් කරදර පෙන්වන අතර එම කාලය තුළ අධ්‍යාපනික කටයුතු සම්බන්ධයෙන් ද සාර්ථකත්වය අඩුවිය හැක. එමනිසා එම කාලයේ ඉගෙනීමේ කටයුතු සම්බන්ධව වැඩි උනන්දුවකින් කටයුතු කිරිම අවශ්‍ය වේ.
රැකියා කටයුතු -
රැකියා කටයුතු යහපත් අන්දමින් කරගෙන යාමේ හැකියාව ඇති කරයි. ගණිතය සම්බන්ධ කටුයුතු මාධ්‍ය කටයුතු වලට ආදියට බාධාවිය හැකිය. රැකියා කටයුතු හොඳින් කරගෙන යෑමේ හැකියාව ඇත. රැකියා කටයුතු ආදායම් තත්වයන් අඩුවිය හැක. සෙනසුරු පිහිටීම අනුව රැකියා කටයුතු වල දියුණුවට බාධා කරන සතුරු කරදර ඇතිවිය හැකිය.
ගෘහ ජීවිතය -
ගෙදර දොර කටයුතු වලදී සමඟියට බාධා වන කරුණු යෙදිය හැක. එමනිසා ගෙදරදොර කටයුතු වලදී ප්රවේශමින් වචන භාවිතා කිරීම යහපත් වේගරාහු ලග්නයටත් කේත 7ට ත් පැමිණේ කේතු පිහිටීම් අනුව පවුල් ජීවිතය සම්බන්ධයෙන් ද කරදර ප්‍රශ්න අසමඟිකම් ඇති කරයි. එසේ අවිවාහක අයගේ මංගල යෝග ප්‍රමාද කරයි. එම නිසා විවාහ ජීවිතයේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වේ. විවාහ ප්‍රමාදය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම ශුභදායක වේ.
සෞඛ්‍ය -
ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අගුණ ඇති කිරීමට හේතු වේ. බඬේ අසනීප ගති මුත්‍ර දෝෂ ඇතිවිය හැක. උගුර සම්බන්ධව අසනීප ගති ද ඇතිවිය හැක.
සඳුදා සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්න. සඳුදා දින නිර්මාංශව සිටින්න. ශ්‍රී පාදය වැඳ සමන් දෙවිඳුන්ට භාර වෙන්න. කිරි අම්මාවරුන්ට දන් දෙන්න. කහසුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.
ශුභ දිනය - සඳුඳා, අඟහරුවාදා , බදාදා ශුභ අංකය -02, 07, 09
Sama Sri Wishva Kala Keerthi
Rukshan Jayasekara
Ancestral Astrologer
International Architectual Astrology & Consulter
Jayani, Hakmana Road, Matara.
Telephone : +94 41 570 9000 | +94 71 570 9000
E-mail : chamilrukshan@gmail.com
Web : www.rukshanjayasekara.lk
Facebook : www.facebook.com/rukshanjayasekara.lk
No comments:
Post a Comment