සිංහ ලග්නය
2018 වර්ෂය ආරම්භයේ සිංහ ලග්නයෙන් උපන් ඔබගේ කටයුතු කෙසේ සිදුවේදැයි සලකා බලමු. රාහු 12 සිටීම නිසා සිතට කරදර ප්‍රශ්න ඇතිවිය හැකිය. එමනිසා හොඳ මානසිකත්වයකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබගේ කටයුතු කරගැනීම වැදගත් වේ.
ධනය -
ධනය සම්බන්ධ කටයුතු වැඩිදියුණු කරගැනීමේ භාග්‍යය උදා කරයි. දුර ප්‍රදේශ වල කටයුතු වලින් මෙන්ම විදේශ කටයුතු මාර්ගයෙන් ද ධනය ලැබීමේ භාග්‍ය උදා කරයි. අඟහරු පිහිටීම අනුව කාර්මික ක්ෂේත්‍රයේ කටයුතු වලින් ද ලැබීමේ වාසනාව ඇති කරයි.
අධ්‍යාපනය -
සිංහ ලග්නයේ උපන් ඔබගේ අධ්‍යාපනික කටයුතු කෙරෙහි නව වර්ෂයේ බලපෑම කෙසේ දැයි සාකච්ඡා කර බලමු. උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ හැකියාව ඇත. එසේම සෙනසුරු අධ්‍යාපන සම්බන්ධව 5 වැන්නේ පිහිටීම නිසා කුඩා කාලයේ අධ්‍යාපන කටයුතු වලදී කම්මැලි ගති ඇතිවිය හැක. එසේම රාහුගේ පිහිටිම අනුව ද මානසික සංවරභාවය අඩු බැවින් අධ්‍යාපන කටයුතු වලදී අමතකවීම් ඇතිවිය හැක. එමනිසා අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ දී ඉතා උනන්දුවෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. එසේම නිතර ආගමික කටයුතු වලට සම්බන්ධ වී කටයුතු කිරීම ද යහපත් ප්‍රතිඵල සඳහා සුභදායක වේ.
රැකියා කටයුතු -
රැකියාව මහන්සියෙන් කරන කටයුතු වලින් ප්‍රතිඵල ලැබිය හැක. එසේම රැකියා ස්ථානයේ තම අදහස් ක්‍රියාත්මක කිරීමට යාම නිසා රැකියා ස්ථානයේ අය සමඟ තරමක් මතභේද ඇතිවිය හැකිය. දුර ප්‍රදේශ වල රැකියා කටයුතු වල නිරතවීමේ අවස්ථා ඇතිවිය හැක. රාහු 12 වැන්නේ කේතු 6 වැන්නේත් ගමන් කරයි. එම කාලයන්හි වියදම් වැඩි කරුණු බලපාන අතර දියුණුව සම්බන්ධයෙන් බාධක ද ඇතිවිය හැකග.
ගෘහ ජීවිතය -
මානසික වශයෙන් කරදර ප්‍රශ්න බලපාන අතර පවුලේ කරදර ප්‍රශ්න ද බලපායිග. විවාහ අපේක්ෂක අයට විවාහ ප්‍රමාදය ද ඇතිවිය හැකග. එසේම විවාහ ප්‍රමාද වීම් සමඟියට බාධා වන කටයුතු ඇතිවිය හැක. විවාහ ජිවිතයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ සම්බන්ධයෙන් හොඳින් සොයා බලා තීරණ ගැනීම වැදගත්යග. එසේම පවුලේ කරන කටයුතු වලදී ද හවුල්කරුවන් අතර ප්‍රශ්න ඇතිවිය හැක. එසේ හෙයින් විවාහ කටයුතු වලදී හොඳින් සොයා බලා තීරණ ගැනීම වැදගත්යග.
සෞඛ්‍ය -
ශරීර සෞඛ්‍ය සම්බන්ධව අගුණ ඇති කරයි. හිසේ අසනීප ඇතිවිය හැක. සෙම් කෝප ගති මුත්‍ර දෝෂ ද ඇතිවිය හැකගරාහු 12 වැන්නේත් කේතු 6 වැන්නේත් ගමන් කරන කාලය තුළ පාද වල තුවාලවීම් අසනීප ඇතිවිය හැක. ග්‍රහ අගුණ පවතින කාලයන්හි ශාන්තී වශයෙන් නිතර ආගමික කටයුතු වල යෙදීම සුභදායක වේ.
ඉරිදා ල සෙනසුරාදා දින වල බෝධි පූජා කරන්න. ඉරිදා දින නිර්මාංශව සිටින්න. දළදා මාළිගාවට ගොස් භාර වෙන්න. විශ්ණු දෙවියන්ට භාර වෙන්න. ළමා නිවාසයකට දානයක් දෙන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.
ශුභ දිනය – බදාදා ශුභ අංකය-01, 04, 05
Sama Sri Wishva Kala Keerthi
Rukshan Jayasekara
Ancestral Astrologer
International Architectual Astrology & Consulter
Jayani, Hakmana Road, Matara.
Telephone : +94 41 570 9000 | +94 71 570 9000
E-mail : chamilrukshan@gmail.com
Web : www.rukshanjayasekara.lk
Facebook : www.facebook.com/rukshanjayasekara.lk
No comments:
Post a Comment