මිථුන ලග්නය
වර්ෂය ආරම්භයේදී බුධ ට අයත් මිථුන ලග්නයෙන් උපන් ඔබේ ජන්ම පත්‍රය අනුව ඔබට කෙසේදැයි සලකා බලමු. ලග්නාධිපති බුධ ග්‍රහයා 6 ගතවීමත් සිකුරු ග්‍රහයා බලවත් වී මාලවී යෝග බලයෙන් 7 වැන්නේ ස්ථාන ගතවීමත් නිසා මෙම වර්ෂයේ වැඩිදියුණු තත්වයකට පත්වීමේ ඉඩ ඇත. බ්‍රහස්පති පිහිටීම අනුව යහපත් මානසික තත්වයක් උදා කරයි.
ධනය -
ධනය ලැබීමේ වාසනාව ඇති කරයි. ආදායම් මාර්ග වැඩිදියුණුව ඇති කරයි. ආයෝජන මාර්ග වලින් ලැබීමේ අවස්ථා උදා කරයිග සිකුරු මාලවී යෝග බලයෙන් බලවත් වීම නිසා සමාජයේ ප්‍රසිද්ධිය ඇති කරන අතර කාගේත් සහයෝගය ලබා උසස් තනතුරු වලට පත්වීමේ වාසනාවද ඇති කරයි.
අධ්‍යාපනය -
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් හොඳ ඥාණ ශක්තියක් පෙන්වයි. ඉගෙනීම් කටයුතු වලට යහපත්ිගකුඩා දරුවන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහාත් විභාග ආදිය සඳහා පෙනී සිටීමත් මෙම කාලය යහපතකි. විභාග ආදියට පෙනී සිටින අයට එම විභාග වලින් පහසුවෙන් ජය ගැනීමේ භාග්‍යය ද මෙම ග්‍රහචාර අනුව උදා කරයි.
රැකියා කටයුතු -
මෙම ජන්ම පත්‍රයේ රැකියා ස්ථානයේ සිකුරු ග්‍රහයා මාලවී යෝග බලයෙන් බලවත් වීම නිසා රැකියා කටයුතු වල වැඩිදියුණු තත්වයක් ඇති කරයි. රැකියා ස්ථානයේ පිහිටීම නිසා හොඳ රැකියා වලට යොමු වීමේ වාසනාවත් රැකියා කටයුතු වලදී පවත්වන විභාග ආදියෙන් ජය ලැබීමේ වාසනාව ඇති කරයි. ගමන් බිමන් වැඩි රැකියා වලට යොමු වීමේ වාසනාව ඇත.
ගෘහ ජීවිතය -
පවුලේ කටයුතු යහපත් අන්දමින් පිහිටා ඇත. යහපත් ඥාති සම්බන්ධතා ඇත. ගෙදරදොර කටයුතු යහපත් වේගවිවාහ කටයුතු ප්‍රමාදයක් ඇතිවිය හැක. 2018 10 කාලයේදී ද පවුලේ කටයුතු මෙන්ම වෙනත් කටයුතු සම්බන්ධයෙන් ද කරදර ප්‍රශ්න ඇතිවිය හැක.
සෞඛ්‍ය -
රාහු කේතු මකරයට හෙවත් 8 වැන්නටත් ගමන් කිරීම හේතුවෙන් එම කාලයේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අගුණ ඇති කරයි. බඬේ අසනීප ගති නිතර ඇති කරයි. උගුරේ බෙල්ලේ අසනීප ගති ඇතිවිය හැක. අගුණ දශා කාලයන්හි අගුණ වැඩි වශයෙන් ඇතිවිය හැක. එම කාලයන්හි නිතර ආගමික කටයුතු වල යෙදීම ශුභදායක වේ.
බදාදා දින වල බෝධි පූජා කරන්න. බණ පොතක් පූජා කරන්න. බදාදා දින නිර්මාංශව සිටින්න. දෙවුනුවර වැඳ විෂ්ණු දෙවියන්ට භාර වෙන්න. රස කැවිලි දන් දෙන්න. කොළ / කහ වර්ණ ඇඳුම් අඳින්න.
ශුභ දිනය – බදාද ශුභ අංකය-03, 05, 12,
Sama Sri Wishva Kala Keerthi
Rukshan Jayasekara
Ancestral Astrologer
International Architectual Astrology & Consulter
Jayani, Hakmana Road, Matara.
Telephone : +94 41 570 9000 | +94 71 570 9000
E-mail : chamilrukshan@gmail.com
Web : www.rukshanjayasekara.lk
Facebook : www.facebook.com/rukshanjayasekara.lk
No comments:
Post a Comment