• Breaking News

    සීනි වලින් ලස්සන වෙන්න මෙන්න මේ ක්‍රම කරල බලන්න

    සීනි කන එක නරක දෙයක් කියලයි අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ. හැබැයි සීනි වලින් ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තියනවා. ඒ සීනි කෑමෙන් නම් නෙවෙයි. සීනි ආහාරයට ගන්න එක නම් කොහෙත්ම සුදුසු නැහැ. සැලුන් එකකට නොයා ගෙදරදීම රුපලාවන්‍ය සත්කාර කරලා ලස්සන වෙන අතරේ මුදල් ඉතුරු කර ගන්නත් කැමති බව දන්නා නිසා මේ රහස් අද ඔබට කියා දෙනවා. සීනි වල අහිතකර රසායන අඩංගු නොමැති නිසා සෞක්‍ය ආරක්ෂිතයි.
    1) ඔබේ දෙතොල පැහැපත් සහ සුමුදු කර ගැනීමට
    ඔබේ දෙතොල අව පැහැ වෙලාද? එහෙනම් කළ යුත්තේ සීනි තේ හැන්දකට වතුර තේ හැඳි භාගයක් දාල හොඳින් මිශ්‍ර කරගෙන ඔබේ ඇඟිල්ල ඒ ද්‍රාවනයෙන් තේමා ගන්න. දෙතොල් මත ඇඟිල්ල තබා රවුමට දෙතොල හොඳින් මසාජ් කරන්න. එවිට දෙතොලේ මැරුණ සම ඉවත් වෙනවා. පැහැපත් සහ සුමුදු දෙතොලක් ඔබට ලැබෙනවා.
    2) ශරීරය ස්ක්‍රබ් කරන්න
    ඉදුණු කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කරන්න. එයට සීනි හැඳි තුනක් පමණ එක කරන්න. හොඳින් මිශ්‍ර කර ඉතාම පලදායී ස්ක්‍රබ් එකක් හදාගන්න පුළුවන්. පලතුරු සුවඳ හමන එය ඇඟ පුරාම අලේපකර හොඳින් සම අතුල්ලන්න. මැරුණ සම ඉවත් වෙලා ශරීරය පැහැපත් වෙනවා. මේ සත්කාරය සතියකට වරක් කරාහම ඔබේ සමේ හැම තැනක්ම එකම වගේ වේවි.
    3) කළු පාට තට්ටම්, වැලමිට සහ උරහිස් යතා තත්වයට ගැනීමට
    ඔලිවු තෙල් මේස හැන්දකට සීනි තේ හැඳි දෙකක් මුසු කර අදාළ ස්ථාන හොඳින් ස්ක්‍රබ් කරන්න. එවිට කළු පැහැ සම ඉවත් වෙලා තට්ටම් සහ වැලමිට සුමුදු වේවි.
    4) ඔබේ කකුල් වල රළු ගතිය අඩු කරගන්න
    උණුසුම් දේශගුණයක් ඇති අපේ රටේ දෙපා ඉක්මනින් රළු වෙනවා. කුණු තැවරෙනවා. හොඳම දේ තමයි පේපර්මින්ට් තෙල් ස්වල්පයකට සීනි ටිකක් දාල හොඳින් සම්බාහනය කරන එක. එවිට කකුල් වල ඇති රළු බව නැති වෙනවා ඒ වගේම ලොකු සිසිලසක් සනීපයක් ලැබෙනවා.
    5) අත් දෙක හොඳින් පිරිසිඳු කරගන්න
    දවසම වෙහෙසෙන අත් දෙක තමයි වැඩියෙන්ම අපිරිසිඳු වෙන්නේ. ඔබේ බොඩි වොෂ් එකට සීනි ටිකක් දාල අත් දෙකම හොඳින් අතුල්ලන්න. පහසුවෙන්ම අත් දෙක පිරිසිඳු වෙනවා. මුහුණ කොතරම් සුන්දර වුනත් අත් දෙක අවලස්සන නම් ඔබේ සුන්දරකමට ලොකු හානියක් වෙනවා.
    6) දෙපා වල රෝම ඉවත් කළ පසු සම සුමුදුව තබා ගන්න
    ඔබ රෝම ඉවත් කරන්න රේසරයක් පාවිච්චි කරද්දී ඔබේ සමේ රළු වීමක් ඇති වෙනවා. එය මැඩලන්න හොඳම බෙහෙත් තමයි සීනි කියන්නේ. රෝම ඉවත් කිරීමෙන් පස්සේ සුදු සීනි අරගෙන කකුල් වල ගාලා හොඳින් රවුමට සම්බාහනය කර බලන්න. සේරම මැරුණ සම ඉවත් කරලා සම සිනිදී කරනවා. හරියට වැක්ස් කරා වගේ. වියදමකුත් නැහැ. සෞක්‍ය ආරක්ෂිතයි.
    7) අත් දෙකේ තරුණ බව රැක ගැනීමට
    ඔලිවු තෙල් සහ සීනි සම ප්‍රමාන වලින් මිශ්‍ර කරලා විටමින් E කරලක් එයට කඩා දමන්න. ඉන් පස්සේ අත් දෙක හොඳින් ස්ක්‍රබ් කරන්න. පැය භාගයකින් සෝදා දමන්න. අත් දෙක වඩාත් ලස්සන කර ගැනීමට මේ සත්කාරය සතියට දෙපාරක් වත් කරන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *