• Breaking News

    මුහුදේ ගිල්වා විනාශ කරලාද හිටපු ජනාධිපතිවරුන් භාවිතාකල වෙඩි නොවදින සුපිරි මෝටර් රථ

    යුද සමයේදී හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ගෙගෙන්වන ලද වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සහ ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර තිබෙනවා . මෙලෙස මෝටර් රථ 08ක් නාවුක හමුදාවට අයත් යාත්‍රාවක් ආධාරයෙන් රැගෙන ගොස් බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කළ බවයි නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් කේ.කේ.සී. උදයංග කියා සිටියේ.

    තවද රථවල සවිකර තිබූ අධි සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති බවත් , වසර ගණනාවක් පැරණි මෙම රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙනුයි මෙලෙස මුහුදේ ගිල්වා විනාශ කර දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    ආරක්ෂක හේතූන් මත මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි අතර, මෙලෙස වාහන ගිල්වා විනාශ කිරීම ලෝකයේ පිළිගත් නිතියක් බවයි නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජනාධිපති කාර්යාලය හරහා නාවික හමුදාව වෙත මෙම මෝටර් රථ 08 ලබාදී ඇති අතර, ඊට ඇමරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් විසින් භාවිත කළ වෙඩි නොවදින වාහනද ඇතුළත් වී තිබෙනවා.

    මීට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව භාවිතා කර තිබූ වෙලින් නෞකාවද ඉදිරියේදී මුහුදේ ගිල්වා දැමීමට නියමිතයි. පසුගිය කාලසීමාව තුළ මෙම නෞකාව නාවික හමුදාව විසින් භාවිත කළ අතර, මේ වනවිට එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතින බවයි නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *