• Breaking News

    එඩ්නා සුගතපාල මහත්මියගේ අවසාන් කැමැත්ත

    ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. දින කිහිපයකට පෙර හදිසියේම රෝගාතුර වීම හේතුවෙන් ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබෙනවා. දැඩි උසස් තත්ත්වයේ සිටි එතුමිය දින කිහිපයක් සිහි නොලබාම සිට ඇත. එඩ්නා සුගතපාල මහත්මිය මිය යන විට ඇය 72 වැනි වියෙහි පසුවිය. "සැනසුම කොතැනද' චිත්‍රපටයේ එන සුළං කුරුල්ලෝ " ගීතය සඳහා පෙනීසිටිමින් රංගනයට කලඑළි බසින එඩ්නා සුගතපාල ‘සුරයන්ගෙ සුරයා", "මිරිගුව‘, ‘වීදුරු ගෙවල්‘ ඇතුළු චිත්‍රපට රැසකට හා ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය මියයාමට පෙර රූ ගත කරන්න ලද ‘ඉස්කෝලෙට මං ආවා" චිත්‍රපටිය ඉදිරියේදී තිරගතවීමට නියමිතය. එක් දියණියකගේ මවක වු ඇය කලා ක්ෂේත්‍රයේ සිටි එකම ජෝතිශවේදිනිය ද වූවාය.

    සියලු photo හා වීඩියෝ බලන්න පහලට යන්න.

    ඇයගේ අවසාන් කැමැත්ත මත මියගිය එඩ්නා සුගතපාල මහත්මිය සම්බන්ධයෙන් අවසන් ගෞරව දැක්වීමෙන් පසු එම දේහය කොළඹ රජයේ වෛද්‍ය විද්‍යාලයට භාර දී තිබේ. ඇයගේ අවසන් ඉල්ලීමක් ඉෂ්ට කරමින් එම කටයුත්ත සිදු කළ බව ඇගේ දියණියක වන වීනා ප්‍රනාන්දු දන්වා තිබේ.

    සියලු photo හා වීඩියෝ බලන්න පහලට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *