ලෝකයේ අති බිහිසුණු විෂ අධිකම සර්පයන් 10
සර්පයන් කියවූ සැණින් සියලු දෙනාට ඇති වන්නේ ඉතා බිහිසුණු හැඟීමක්. මොවුන්ගේ දේහ විලාසය හා ඔවුන්ගේ පවතින අධික විෂ සහිත බව නිසා සර්පයන් කෙරෙහි බොහෝ දෙනෙක් බියක් දක්වනවා. මොවුන්ගේ පවතින විෂ ප්‍රයෝජනයට ගනිමින් ගොදුරු වූ අඩපණ කිරීම හා සතුරන්ට පහර දීම සඳහා භාවිතා කරනවා. මෙලෙස ලෝකේ ඉන්න විෂ අධිකම සර්පයන් ගැන අප අද ඔයාලට කියන්නම්. ලෝකයේ ඉන්න විෂ අධිකම සර්පයන් 10ක් ගැන තමයි කියන්නේ.
10. Rattlesnake
දහවන ස්ථානය ඉන්නේ Rattlesnake කියන සර්පයායි. මොවුන්ගේ තිබෙන විශේෂ විශේෂත්වය තමයි ඔහුගේ වර්ගය සෙලවීම් මගින් ශබ්දයක් නිකුත් කිරීමට පුලුවන් වීම. මොහොතම ඇමෙරිකාවේ ඉන්න නිසා දිගම සර්පයා. ඒ වගේම මොහුගේ තිබෙන විස ගොදුර අඩපණ කිරීමට සහ සතුරන්ට පහර දීමට යොදා ගන්නවා.

09. Death Adder
නව ස්ථානයේ පසුවන්නේ Death Adder කියන සර්පයා.මොහුගේ විෂ වල median dose (LD50) කියන විෂ 0.4 mg/kg ප්‍රමාණයක් අඩංගු වෙනවා. මොහුගේ දෂ්ට කිරීමකින් මෙම සර්පයා විෂ 40-100 mg ප්‍රමාණයක් පිට කරනවා. එමගින් වැඩුණු මිනිසෙකු කෙටි කෙටි කාලයක් තුළදී මරා දැමීමට ඔහුට හැකියාව ඇත. මොහු ඕස්ට්‍රේලියාව හා පැපුවා නිව්ගිනියා යන රටවල්දවල සුලභව දක්නට ලැබේ.

08. Viper
අට වන ස්ථානයේ පසුවන්නේ Vipers කියන සර්පයා. මොවුන් පුළුල් ලෙස හඳුනන සර්පයන් වේ. මොවුන් සර්පයන් ලෝකයේ ඕනෑම ප්‍රදේශයකින් හොයා ගන්න පුළුවන්. මොවුන් වඩාත් ආක්‍රමණශීලී/ප්‍රචණ්ඩ සර්පයන් ලෙස හදුන්වන්න පුලුවන්. මේ Vipers ලා අතරිනුත් වඩාත් විෂ සහිත වෙන්නේ Chain Viper සහ Saw Scaled Viper කියන දෙන්නා.තව දෙයක් වඩාත් වේගවත් වෙන්නෙත් මේ Vipers ලා තමයි.

07. Philippine Cobra
හත් වන ස්ථානයේ පසුවන්නේ Philippine Cobra කියන සර්පයා. මොහු නාග කුලයට අයත් වන සර්පයෙක් . මේ Philippine Cobra ගේ තමයි නාග කුලයේ තියෙන දරුණුම විස තියෙන්නේ. මොහුගේ විස ග්‍රන්ථි තුළ නියුරෝටෝක්සින් කාණ්ඩයේ විෂ අඩංගු වෙනවා. මේ සර්පයාගේ සපා කෑමකින් පැය භාගයක් ඇතුලත මරණයට පත් වෙන්න පුළුවන්. තවද Philippine Cobra ගේ ඇති විශේෂත්වය වන්නේ මීටර් 3ක් දුරට යනකන් විෂ විදීමේ හැකියාවයි. නාග කුලයේ සර්පයන්ගෙන් දරුණුම විෂ තියෙන්නේ මේ Philippine Cobra ට. ඒ වගේම පටක වලට අඩුම හානියක් ඇති කරන්නෙත් මේ සර්පයා තමයි.

06 Tiger Snake
හයවන ස්ථානයේ පසුවන්නේ Tiger Snake කියන සර්පයා. ඕස්ට්‍රේලියා මහත් මහද්වීපයේ තුල මොවුන් බහුලව දක්නට ලැබෙනවා. මේ සර්පයාගේ විෂ වල ඉතාමත් බල සම්පන්න නියුරෝටෝක්සින් විෂ අඩංගු වෙලා තියෙනවා. මෙම සර්පයාගේ එක් සපා කෑමකදී පැය භාගයක් ඇතුලත මරණයට පත් වෙන්න පුලුවන්. එහම නැත්නම් නැත්නම් සපාකෑමට ලක්වූ ජීවියාගේ ජීව කාලය උපරිම පැය 24කට සීමා වෙනවා. මේ සර්පයාගේ සපා කෑවොත් 60 -70%. පමණම මිය යනවා.

05. Black Mamba
පස්වැනි ස්ථානයට මිස අදිකම සර්පයා Black Mambaය. මොවුන්මේ බහුලව දක්නට ලැබෙන්නේ අප්‍රිකාවෙි යි. නම ටිකක් හුරුපුරුදු ඇති කියලා මම හිතනවා. මෙම Black Mamba තමයි ලෝකෙ ඉන්න වේගවත්ම සර්පයා . මේ සර්පයාට පුලුවන් 20 km/h (12.4 mph) වේගයකින් ගොඩබිමේ ගමන් කරන්න. මෙම සර්පයා එක් සපා කෑමකදී 100-120 mg ප්‍රමාණයක විෂ නිකුත් කරනවා. මොහුගේ ගේ සපා කෑමකදී ශරීර ශරීර ගතවන විෂ ප්‍රමාණය අනුව විනාඩි 15න් ඇතුන් අතර කාලයක් තුළ මරණයට පත්විය හැක. ඒ වගේම මොවුන් දිගින් වැඩිම විෂ අධිකම සර්පයන්ගෙන් එක් කෙනෙක් තමයි Black mamba කියන්නේ. මේ සර්පයා අඩි 6- 10 යන දිගින් යුක්ත වෙන සමහර අවස්ථා වල අඩි 15 පමණ දිග Black mamba සර්පයන් හමු වී තිබෙනවා.

04 . Taipan
4 වන ස්ථානයට විෂ අධිකම සර්පයා Taipan කියන සර්පයා. මෙම සර්පයා අද බහුලව දක්නට ලැබෙන්නේ ඒ ඔස්ට්‍රේලියානු මහද්වීපය තුලයි. මේ සර්පයාගේද අඩංගු විෂ වෙන්නේ නියුරෝටෝක්සින්ම තමයි. එත් සපා කෑමේදී පිටවන විෂ හේතුවෙන් ශිරා හෝ ධමනි අවහිර වීමක් සිදු වෙනවා. Taipan ගේ විස guinea pigs කියන සතුන් 12,000 එක වර මරා දමන්නට තරම් ප්‍රබ කියැවේ. මෙම සර්පයන් සපා කෑමෙන් විනාඩි 45ක් ඇතුලත මරණයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සර්පයන් සපා කෑමට ලක් වූ කිසිම කෙනෙක් බේරිලා නෑ.

03. Blue Krait
තුන්වන ස්ථානයට විෂ අධිකම සර්පයා වන්නේ Blue Krait කියන සර්පයා ය. මේ සතා වාර්තා වෙන්නේ අග්නිදිග ආසියාතික රටවල් බහුලව ජීවත් වෙයි. නාග විස මෙන් 16 ගුණයක් ප්‍රබල මේ සර්පයාගේ විෂ වලත් අඩංගු වෙන්නේ නියුරෝටෝක්සින් විෂ තමයි. මෙම සර්පයා දෂ්ට කිරීමෙන් පැය 6-12 දක්වා කාලය තුල මරණය සිදු වෙන්න පුළුවන්. Blue Krait දෂ්ට කිරීමේන් ඉතා විශාල හානියක් සිදු වෙන්න පුලුවන්. ඒ කියන්නේ දෂ්ට කිරීමෙන් පසු ප්‍රතිකාර කර ජිවත් වුනත් ජිවිතයේ ඉතිරි කොටස විදවන්න වෙන එක ගැන නම් කියන්න බැහැ. දරුණුම දේ තමයි ස්ථිර කෝමා තත්වයක් හෝ මොලයට සිදු වන හානියකින් (Brain Dead) hypoxia කියන රෝග තත්වය ඇතිවීමේ අවදානම ඉතාමත් වැඩි වීම. වැරදිලා හරි මේ සර්පයා කෑවොත් ඉන්නවට වඩා මැරෙන් එක හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ .

02. Eastern Brown Snake
දෙවැනි ස්ථානයට විස අධිකම සර්පයා වන්නේ Eastern Brown Snake කියන සර්පයා. මේ සර්පයා ජිවත් වෙන්නෙත් ඔස්ට්‍රේලියානු මහද්වීපය තුළ. මේ සතාගේ සපා කෑමෙන් ඉතාමත් සුළු විස ප්‍රමාණයක් ශරීරගත වීමෙන් වැඩුණු මිනිසකු මරණයට පත් කල හැකිය. නියුරෝටෝක්සින් අඩංගු වන විස ශරීරගත වීමෙන් රුධිරය කැටි ගැසී මරණය සිදු වෙනවා.

01. Inland Taipan
Inland Taipan කියන්නේ ලෝකයේ ඉන්න ගොඩබිම් ජීවත්වන විෂ අධිකම සර්පයා. මේ සතාගේ විෂ වලින් මිනිසුන් 100 ගණනක් එක වර මරා දමන්න පුලුවන්. ඒ වගේම Inland Taipan විෂ නාගයෙකුගේ විෂ මෙන් 50 ගුණයක් ප්‍රබලයි. දෂ්ට කිරීමෙන් ශරීර ගතවන විෂ මඟින් විනාඩි 45ක් ඇතුලත මරණ සිදු වෙනවා. මේ විශේහි එකිනෙකට වෙනස් විෂ කාණ්ඩ 8ක් අඩංගු වෙනවා. Inland Taipanගේ 0.03 mg/kg විෂ ප්‍රමානයක් මිනිසුන් 100 මරන්න තරම් ප්‍රබලයි.


No comments:
Post a Comment