• Breaking News

    කාන්තාවකට ලිංගික අතවර කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කාන්තාවකට ලිංගික අතවර කර ඇතැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු  සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස  අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරියා පැමිණිල්ලක් විභාග කිරීමට ගිය අවස්ථාවේ අදාළ කාන්තාව හට ලිංගික අතවර කර තිබෙනවා.

    ගලේවෙල බේලියකන්ද ප‍්‍රදේශයේ නිවසකට  පැමිණිල්ලක් විභාග කිරීමට ගිය අවස්ථාවේදි එහි සිය දරුවා සමඟ තනිව සිටි 35 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කර තිබෙන අතර එහි බව   ඇගේ සැමියා පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කර තිබිණි.

    මේ වනවිට සිද්ධියට මුහුණ පෑ කාන්තාව දඹුල්ල මුලික රොහලේ ප‍්‍රතිකාර ලබන අතර ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කිරිමට නියමිතව පවතින බව වැඩිදුරටත් සඳහන් වේ. 

    පොලිස්ථානධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ  මහජනයාට දුකක් කරදරයක් වු සැනින් පිහිට වන ගලේවෙල පොලිසිය මෙවන් වු නිලධාරින් මහජනයාට කරදර කිරිම පිළිබඳ තමා කණගාටු වන බවත් එවැනි වු නිලධාරින්ට තරාතිරම නොබලා නිතිය කි‍්‍රයාත්මක කිරිමට කටයුතු කරන බවයි.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *