සැමියා කුලී වැඩට යනතෙක් බලා සිට අනවසරයෙන් නිවසට ඇතුළුවී කාන්තාවකට ලිංගික අතවර කළ පුවත්ක් වාර්තා වී තිබෙනවා. උදෑසන සැමියා වැඩට යන අවස්ථාව වනතෙක් නිවස අසළ පිහිටි බැදි රොදක අදාළ පුද්ගලයා සැඟවී සිට තිබෙනවා. සැමියා වැඩට ගියවිට නිවසේ කාන්තාව පමණක් තනිව සිට ඇති අතර ඒ බව අදාල පුරුෂයා දැනගෙන තිබෙනවා.
මොහු ගිරිඋල්ල මස්‌නෝරුව ඇපලදෙණිය ප්‍රදේශයේ අයෙකු වූ අතර පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කියාසිටියේ සැමියා රැකියාවට යනතෙක් රැක සිට දරුවන් නිවසේ නොමැති අවස්‌ථාවක අඩවල් කොට තිබූ දොරෙන් රිංගා කාන්තාව ඇදුම් මාරුකරමින් සිටියදී අදාළ අතවරය සිදුවූ බව පැමිණිලිකාරියගේ ප්‍රකාශ අනුව අනාවරණය වූ බවයි.
නමුත් අදාළ කරුණු ප්‍රතික්‍ෂේප කරමින් සැමියා හා වගඋත්තරකරු අතර දැඩි මිතුදමක් පවතින බවත් එකට සිට මත්වතුර පානය කරන බවත් සිදුවූ යම් බහින්බස්‌වීමක් හේතුවෙන් මෙම අසත්‍ය පැමිණිල්ල සිදු කර ඇති බවත් වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අධිකරණයට පවසා ඇප ලබාදෙන ලෙසට ඉල්ලීම් කර ඇත.
දෙපාර්ශ්වයෙන් ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්‌ත්‍රාත්වරයා නියෝගයේ දක්‌වා ඇති හේතු මත ඇප ඉල්ලීම ප්‍රතිෂේප කළේය. වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න
No comments:
Post a Comment