වර්තමානයේ පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත් වී ඇති බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිලි සංකීර්ණය හා එම භූමිය පිළිබඳ කථිකාවතක් මේ වන විට ගොඩනැගී තිබීම එක්තරා ආකාරයකට සතුට දනවන කාරණයකි. මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල සහිත භූමිය වර්තමානයේ අතිශය ඉහළ මිලකට වටිනාකම තක්සේරු කළ හැකි ය. නමුත් රටක සියල්ල මුදලට යට කළ පමණින් එයට අභිමානවත් රටක් ලෙස නැගී සිටිය නොහැකි ය. විශේෂයෙන් ම ලංකාව ගත් විට වර්තමානයේ අපට ඉතිරිව ඇත්තේ අපගේ උරුමය පමණකැයි හැඟෙන තරමට අප පිරිහී ගොස් ඇති බව නොරහසකි. එම නිසා සංවර්ධනය සිදු විය යුත්තේ ඇති වටිනාකම් රැකෙන අයුරින් මිස සියල්ල විනාශ කරමින් නොවේ. තිරසාර සංවර්ධනය යනු පවතින දේ අනාගත පරම්පරාවන්ටද පවත්වාගෙන යාමට මඟ පාදා දීමකි. මේ තත්ත්වය තේරුම් ගත් ගරුතර මහා නායකහිමිවරුන් සහ ඇතැම් වියතුන් මේවන විටත් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් පවතින රජයට කරුණු පැහැදිලි කරමින් කියා සිටින්නේ මෙම ගොඩනැගිලි සංකීර්ණය ආශ්‍රීත උරුමය විනාශ නොකරන ලෙසය. මේ නිසා රජය ද එයට යහපත් ප්‍රතිචාර දක්වන බව පෙනෙන අතර එවැනි තීරණ රටට වාසනාවකි. තත්ත්වය මෙලෙසම පවතී යැයි උපකල්පනය කරමින් සංවර්ධනය සඳහා උරුමය භාවිත කළ හැකි ආකාරය ඒත්තු ගැනීම මෙහිලා වැදගත් ය.පහලින් ඇති වීඩියෝව නරඹන්න
No comments:
Post a Comment