• Breaking News

    2018 පෙබරවාරි මස 26 සිට 2018 මාර්තු මස 04 දක්වා සතියේ ලග්න පලාපල weekly astrology forecast

    මේෂ ලග්නය

    මෙම සතිය ඉතා වාසනාවන්ත සතියක්ගමෙම සතියේදී ඔබට ආර්ථිකවාසි හිමිවනවා එසේම කරන කියන කටයුතු ඉතාම සාර්තකවන සුභ සතියකිගඑසේම අලුත් ආදායම් මාර්ග ලැබෙන උසස් මිතුරු මිතුරියන්ගෙන් ආධාර උපකාර දේපල හිමිකම හිමිවනවා

    අය පාර්ශවය හොදයි එසේම වැය පාර්ෂවය අඩුය නමුත් සති අගදී යම් පින් දහම් කටයුත්තකදී ඔබට යම් මුදලක් වැය කිරීමට සිදුවේගගෘහ ජීවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවනවා විශේශයෙන්ම වැඩි හිටියන් සමග දුර බැහැර ප්‍රදේශයකට යාමට වන්දනාගමන් යාමට අවස්ථාව ලැබෙන සතියකිගසෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැතග 

    සුභ දිනය :- අඟහරුවාදා, සිකුරාදා සුභ වර්ණ:- රතු ජය අංකය:- 9, 6

    වෘෂභ ලග්නය

    විශේශයෙන්ම සතියේ මුල් දින දෙක තුල ඔබට යම් යම් ආර්ථික පසුබෑම් ඇති උනත් ඔබට මෙම සතිය ඉතාම සුභය විශේෂයෙන්ම රැකියා කටයුතුවල ව්‍යාපාර කටයුතුවලට වැඩිහිටියන්ගේ ආධාර උපකාර ලබාගැනීමේ හැකියාව රැකියාවල උසස් වීම් බලාපොරොත්තු වන අයට එම කටයුතු ඉටුවන ව්‍යාපාර කටයුතු වල යම් ප්‍රගනනයක් ආර්ථික තත්වය ඉතාමත් යහපත්ගසති ගෘහ ජීවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවේ වැඩි හිටියන් සමග ඔබගේ තිබෙන සම්භන්දකම් යහපත්ව පවතින අතර ඔවුන්ගේ ආධාර උපකාර ලැබෙනවාසේම විවිධ අන්ශයන්ට අනුග්‍රහයද ලැබේගඑසේම තමන්ගේ දරු පවුලත් සමග ප්‍රීතිවීමට ලැබෙන සතියකිග 

    සුභ දිනය :- සිකුරාදා සුභ වර්ණ:- රෝස, කොළ ජය අංකය :- 6, 5

    මිථුන ලග්නය

    ආරබ්භයේදී ඔබ දකින ඔබ තුල තිබෙන ප්‍රභෝධය දින දෙක තුනකින් වෙනස්වී යනවා සති මුලදී ආර්ථික පාඩු සිදුවීමට වැඩි ඉඩ කඩක් පවතිනවා ආයෝජනය කිරීම ණය ගැනීම හා ණයට දීම ඔබට ඉතාමත් අයහපත් වන්නට පුලුව ගෘහ ජීවිතයේදී ඔබ වචන භාවිතයේදී දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය සති අගදී ඔබගේ පවුලේ සාමජිකයන් සමග විනෝද වීමට අවස්ථාව ලැබෙන සතියකි තවද විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන පෙම් සබධතා සාර්තකවන සුබ සතියකිගසෞක්‍ය තත්වයේ ප්‍රබල ගැටලු නොමැත උපන් කුඩා දරුවන් ජලයෙන් සහ ජලයෙන් බෝවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම මැනවි

    සුභ දිනය :- බදාදා සුභ වර්ණ:- කොළ, කහ ජය අංකය:- 5, 3

    කටක ලග්නය

    මුල්දින කිහිපයේ ඔබ කරන ආයෝජන වල යම් ගැටලුකාරී තත්වයන් ඇතිවන්න පුලුවන්ගඔබ ණය ගැනීම ණය දීම සහ විවිධ වෘතීන් කටයුතුවල නියලෙන ඔබට ඒ ආයතනවල යම් යම් ගැටළු ඇතිවීමට පුලුවන් එනිසා ව්‍යාපාරික ඔබ ඉතා ප්‍රවේශමෙන් ආයෝජන කටයුතු කලයුතුයි ගෘහ ජීවිතය තුලදී ඔබගේ භූමිකාව අර්බුධකාරී තත්වයකට පත්වන්න පුලුවන් අඹු සැමියන් අතර ගැටලු දුවා දරුවන් සමග නිවසේ සාමාජිකයන් සමග සිත් අමනාපකම් ඇතිවන්න ඉඩ කඩ වැඩි සතියකි සති මැදදී යම් යම් වාසි ලැබීමටද ඉඩ කඩ තිබේගසෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටලු නොමැත නමුත් බඩේ අමාරුල සෙම් රෝග ඇතිවීමට පුලුවන් 

    සුභ දිනය :- බදාදා, සිකුරදා, සුභ වර්ණ:- සුදු හා ක්‍රීම්  ජය අංකය:- 2, 5, 9

    සිංහ ලග්නය

    ආර්ථික වශෙයෙන් යම් පරික්ෂමයක් දරා ආර්ථික තත්වය ගොඩ නැගා ගැනීමට සිදුවනවා ව්‍යාපාරික කටයුතුවල නියුතුවල ඔබ මෙම සතියේ ඉතා ප්‍රවේශමෙන් ගනු දෙනු කළ යුතුයි ණයට දීම ණයට ගැනීම සහ ගිවිසුම්ප්‍රකාර කරයුතුවලට අයහපත් ගෘහ ජීවිතය තුල සතිය පුරාම යම් යම් අර්බුධ ඇතිවන්න පුලුවන් යුග ජීවිතයේ ගැටලු අලුත විවාහ වූ අයට යම් යම් ගැටලු සහ අඹු සැමියන් අතර ප්‍රශ්ණ එසේම දුවා දරුවන් පවුලේ අය සමග ඇතුවන සිත් නොහොදකම් දුරදිග යාමට පුලුවන් ඉවසීමෙනෙ කටයුතුකරන්න කරන්න කෙසේ නමුත සති අගදී මෙම සියලු ගැටලු භාධක නිරාකරනය වේග සෞඛ්‍ය තත්වයට මෙම සතියේ යම් යම් අයහපත් බලපෑම් ඇතිවන්න පුලුවන් ජලය ආශිත රෝග යම් ප්‍රවනතාවක් පවතී එනිසාවෙන් ප්‍රවේසම් වන්න

    සුභ දිනය :- ඉරිදා, අඟහරුවාදා, සුභ වර්ණ :- රතු, තැඹිලි  ජය අංකය:-  1, 9

    කන්‍යා ලග්නය

    සතිය මුලදී යම් ආර්ථික වාසි අවස්ථාවන් හිමිවනවා වෘතීය ජීවිතයේදීත් ව්‍යාපාර ජීවිතයේදීත් ඔබට ඒ තත්වය පසක් කරගන්න පුලුවන් සති අගදී සතුරු කරදර එල්ල වීමට ඉඩ ඇත කුමන්ත්‍රන කරුවන්ගෙන් බලපෑම් එල්ල වීමට ඉඩ ඇති සතියකි සති අග දවා දෙක තුල ඔබ පෙර ලෙසම ප්‍රවේශම් වීම යහපත්ගණයට දීම ණයට ගැනීම එතරම් සුභ නොවේගගෘහ ජීවිතය තුල සතියෙ මුල් දින දෙක තුල ප්‍රබෝධකාරී තත්වයක් ඇතිවනවා දුවා දරුවන් සමග පිටපලාත්වල සන්චාරය කිරීම ඔවුන්සමග විනෝද වීමට අවස්ථාව ලැබෙන සතියකි වැඩිහිටියන් සමග යහපත් සබදතාවක් ගොඩනගා ගත හැකි අඹු සැමියයි අතර ප්‍රේමය මෝරන සතියකි තෑගී භෝග ආදී හුවමාරුව සදහා මුල් දින කිහිපය ඉතාම යහපත්‍ඔබගේ සෞක්‍ය තත්වයට බලපෑම් ඇතිකරන්නෙ සති අග බැවින් සියලුම දෙනා ප්‍රවේශම් විය යුතුයි

    සුභ දිනය :- සිකුරාදා සුභ වර්ණ:- කොළ, කහ ජය අංකය :-  2, 6

    තුලා ලග්නය

    අනෙක් ලග්නවලට සාපෙක්ෂව ගත් කල ඉතාම සුභ සතියකි ඔබගේ ව්‍යාපාර කටයුතුවලට වෘතීය ජීවිතයට නව්‍ය කරනයක් එක්කර හැකියි එනම් වෘතීය ජීවිතයේ නව වෙනස්කම් සමගින් ඉදිරියට යාමට ඔබට හැකියාව ලැබෙන සතියකිග හිත මිතුරන්ගේ සමාජයේ උසස් අයගේ අධාර උපකාර ලැබේ ඔබට බැංකු ණය පවා ලැබෙන සතියකි සතිය පුරාවටම ඔබට එකහා සමානව දියුණුව ලැබෙන සතියකිගගෘහ ජීවිතය පුරාවටම ඔබගේ බලපුලුවන් කාරකම ඔබගේ ශක්තිය පවතින්වා පවුලේ අය සමග විනෝද වීමටත් අඹු සැමියම් අතර ප්‍රේමය වර්ධනය වීමටත් ගෙදර දොරට අලුත් බඩු මුට්ටු ගැනීමටත් අවස්තාව ලැබෙන සුභ සතියකිගපමාවූ මංගලයෝග ක්‍රියාත්මක වන අතර පෙම් සබධතා ස්තීරවේගඔබගේ සෞඛ්‍ය තත්වය ගත්කල ඔබට නිදුක් නිරෝගී සතියක් වන්නේය

    සුභ දිනය :- සඳුඳා සුභ වර්ණ:- තැඹිලි, සුදු ජය අංකය:-  1, 7

    වෘශ්චික ලග්නය

    සතිය පුරාම ජයග්‍රහනය සතුට ලැබෙන සතියකිගආර්ථිල තත්වය ඉතාම හොදයගඋසස් අයගේ උපකාර ලැබෙන කරන කියන කටයුතුවල නව්‍යකරනයක් දක්නට ලැබෙනගණයට දුන් මුදල් ආපසු ලැබෙන කරන ආයෝජන කටයුතුවලින් යහපත් ප්‍රතිඵල ලැබෙන සුභ සතියකිගඅලුත් ව්‍යාපාර ආරම්භ කරන්න සිටින අයට මෙම සතිය ඉතාම සුභයි විදේශ රැකියාවල නියුතුඅයට තිබෙන ගැටළු දුරුවී රැකියාවේ උසස් වීම ලැබෙන සතියකිග ගෘහ ජීවියතුල අඹුසැමි ප්‍රේමය වැඩිවන මංගල යෝග උදාවන සතියකි ප්‍රේම සබධතා බලාපොරොත්තුවන අයට එම බලාපොරොත්තු සපලවීමට විශේශිත අවස්තා උදාවේග මෙම සතිය පවුලක් ලෙස ගත්කල විශේශ වරප්‍රසාද ලැබෙන විනෝද වීමට අවස්ථාව ලැබෙන සතියකිගදුර පලාත්වල සන්චායේ යෙදීමටද අවස්තාව ලැබෙන සතියකිගසෞක්‍ය ගැටලු එතරම් නොමැති උවත් පපුවේ සෙම අශිත රෝග වලින් පෙලන අයෙකුනම් ප්‍රවේශම් වන්න

    සුභ දිනය :-  අඟහරුවාදා සුභ වර්ණ:- රතු, කහ, තැඹිලි ජය අංකය:-  3, 9

    ධනු ලග්නය

    ධනු ලග්නයේ ඔබට මෙම සතිය ඉතාම සුභයි ආර්ථික තත්වය ඉතාම යහපත් වනවා ඔබගේ වචනයෙන් අන් අය ඔබවෙත ආකර්ශණය වේ ඉනිසාවෙන් ඔබගේ කටයුතු සාර්තක වේගරැකියාවල නියුතු ඔබට ඉතාම සුභයි ව්‍යාපාර කටයුතුවල නියුතු අයට එම කටයුතුවල නව්‍ය කරනයක් දක්නට පුලුවන් එසේම ඔබ කලක් තිස්සේ බලපොරොත්තුව සිටි ආර්ථිකමය වශයෙන් වාසි ලැබෙන අලුතින් ආරම්භ කරනු ලබන සතියකිගඑසේම ඔබ පිට පලාත්වල කරනු ලබන ව්‍යාපාට වලින් පිට පලාත් වල කරන රැකියාවලින් වැඩි අදායම් ලබා ගැනීමට හැකිවන සතියකිග විදේශ රැකියා කරන අයට ඉතාමත් සුභ සතියකිගෘහ ජීවිතය ඉතාම හොද සතියකි අඹු සැමි දෙදෙනා සමග සමගිය වර්ධනය වන කාලයකිග 

    සුභ දිනය :- බ්‍රහස්පතින්දා සුභ වර්ණ:- තැඹිලි, ලා නිල්  ජය අංකය:-  3, 9

    මකර ලග්නය

    ඔබගේ වාසනාවට ජනප්‍රියත්වයට ඔබගේ හැසිරීමෙ හොද නිසාම හොද අවස්ථාවන් ඔබට ලැබේ ආර්ථික තත්වය ඉතාම යහපත් වන කරන කියන වැඩ කටයුතු සාර්තකවන සුභ සතියකිදියුණුවට වැඩිහිටියන්ගෙන් හා හිත මිතුරන්ගෙන් උපකාර ලැබෙන සුභ සතියකි ඔබ කලක සිට බලාපොරොත්තුව සිටි අයකුගෙන් ඔබට උදවු උපකාර ලැබෙන සතියකි ඔබ විදේශ ගතව සියත් ඔබටද මෙම තත්වය එසේමයි පිට පලාත්වල ව්‍යාපාර කටයුතුවල නියුතුවන් අයට වැඩි වාසි අත්වන සතියකි එසේම තීරනාතමකව තිබූ විවාහයක් පිලිබදව ස්තීර තීරණයක් ලැබෙන සතියකි ඔබගේ ජනප්‍රියත්වය ඉහල යන අතර විවාහ වූ අර අතර සුහදතා වර්ධනය වන සතියකිසෞඛ්‍ය තත්වය ගත් කල සෙම් රෝග හිස ආශිත රෝග වලින් ප්‍රවේශම් විය යුතුයි

    සුභ දිනය :- සෙනසුරදා, සුභ වර්ණ:- රතු, නිල් ජය අංකය :-  6, 9

    කුම්භ ලග්නය

    මෙම සතිය සම පලයි වැය පාර්ශවය් ඉහල යනු ඇතගඔබ කරන කියන කටයුතුවල දියුනුව ලැබෙනවා ඔබ කරන ව්‍යාපාර කටයුතු කරන අයෙක්නම් ඒවාට අයෝජනය කිරීමට අවස්තා ලැබෙනවා ඔබගේ ජනප්‍රියත්වයට ලකුණු ලැබේ එම ජනප්‍රියත්වය හේතුකොටගෙන කරන කියන කටයුතු වලට දියුණුව උදාවේග ගෘහ ජීවිතයේ පවුල තුල හිත් බිදීම් හිත රිදවීම් ඇතිවන්න පුලුවන් සෞඛ්‍ය තත්වය ඔබට යහපත් නමුත්රැකියා කරන ඔබගේ ආයතනික වශයෙන් ගැටලු ඇතිවන්න පුලුවන් ඉගෙන ගන්නා දුවා දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය ගිලිහෙන්න පුලුවන් ඔබ කෝපය පාලනය කර ගත යුතුයි නහරගත රෝගයකින් පීඩා විදින්නේනම් ඒ ගැන සැලකිලිමත් වන්න

    සුභ දිනය :- සිකුරාදා සුභ වර්ණ:- රතු, කහ ජය අංකය :-  2,7

    මීන ලග්නය

    ඔබට ආර්තික වාසි හිමිවනවා ඔබ නොසිතූ වෙලාවක නොසිතූ කෙනෙක්ගෙන් මුදල් උපකාර ලැබීමට ඉඩ ඇතගඔබ විදේශ රැකියාවක නියුතු අයෙක්නම් එමස්තානවල භාධක කරදර දුරුවේ එසේම අලුතින් හමුවන මිතුරන්ගෙන් ජයග්‍රහන හා වාසි ඔබට හිමිවේ වෘතීය ජීවිතයේ ඔබට උසස්වීම් හා වාසි සහගත තත්වයන් බලාපොරොත්තු විය හැකියි විශේශයෙන් හෝටල් ආපන ශාල රෙදි පිලි ආදී කර්මාන්ත වල යොමුවී සිටින්නා ඔබට සුභයිගෘහ ජීවිතය තුල ඔබගේ භූමිකාව ප්‍රකටව පෙන්වන කාලයකි පවුලේ අය සමග ප්‍රීති වීමට අවස්තාව සති අගදී පවුලේ සියලු දෙනා සමග එකතුවී දාන මාන ආදී කටයුතු කිරීමට ඔබට අවස්තාව උදාවේ 

    සුභ දිනය :- ඉරිදා සුභ වර්ණ:- කහ, රෝස, තැඹිලි ජය අංකය:-  1, 4, 9

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *