අද තරුණ පරපුර තුළ උපත් පාලනය පිළිබඳ දැනුම නොමැතිකම නිසා විශාල ගැටලු රැසක්ට මුහුණපෑමට සිදුවී තිබෙනවා. අද තරුණ පරපුර තුළ හදිසියේයේ සිදුවන අනාරක්ෂිත ලිංගික හැසිරීම් දිනෙන් දින වැඩිවෙමින් පවතී. මෙවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් සිදුවන ගැබ් ගැනීම් වලක්වා ගැනීමට කලයුතු දේවල් අද ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. කිසියම් උපත් පාලන ක්‍රමයක් දිගටම පාවිච්චි නොකරන,ඒත් හදිසියේ ඇතිවුන අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පස්සේ අනවශ්‍ය දරු ගැබක් හට ගැනීම වලක්වා ගන්න ගැබ් ගැනීමේ හැකියාවක් ඇති කාන්තාවක් භාවිතා කළ යුතු ක්‍රමයක් තමයි හදිසි උපත් පාලනය කියලා කියන්නේ.
හදිසි උපත් පාලනය කියන්නේ ගබ්සාවක් නොවන බව මුලින්ම වටහා ගත යුතුයි.
අපේ රට තුළ නිවරදි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීමෙන් අද සමාජයේ බොහෝ දෙනෙක් ලිංගික්ත්වය පිළිබඳව පුහු මිථ්‍යා මතවල එල්බ සිටිනවා. අද අපේ සමාජය තුළ මතයක් තියෙනවා හදිසි උපත් පාලනය කියන්නේ ගබ්සාවක් සඳහා ඒ කියන්නේ ඇති වූ ගර්භයක් විනාශ කිරීම සඳහා යොදාගන්න වක්‍ර උපක්‍රමයක් කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍යයයි.
හදිසි උපත් පාලන පෙති කියන්නෙත් සාමාන්‍යයෙන් උපත් පාලනය සඳහා භාවිතා කරන ආකාරයේ හෝර්මෝන පෙති වර්ගයක් පමණයි. නමුත් එහි තිබෙන සුවිශේෂිතාව තමයි වැඩි සාන්ද්‍රණයකින් හෝමෝන අඩංගු වීම. ඒ වගේම සාමාන්‍ය උපත් පාලන පෙති වලට වඩා මේ පෙත්තේ සක්‍රිය භාවය වැඩියි. නමුත් එමගින් අපට ලොකු බලපෑමක් සිදු වෙන්නේ නැහැ.
හදිසි උපත් පාලන පෙති වර්ග කිහිපයක්ම වෙළඳ පොළේ තිබෙනවා. ඒ අතරින් Postinor-2 කියන මේ පෙති වර්ගය වෙළඳ පොලේ තියෙන්නේ පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට.ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගත යුතුයි. පැය හැත්තෑ දෙකක් කියල කිව්වට අපට මෙය පැය 24ක් හෝ පැය 48ක් ඇතුළත ලබාගන්න පුළුවන් නම් වඩාත්ම සුදුසුයි. ඒ වගේම දෙවෙනි පෙත්ත ගත යුත්තේ පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත.
ඇත්තටම මේ පෙති වලින් කරන්නේ ශරීරයේ හෝමෝන සාන්ද්‍රනය වෙනස් කරමින් ඩිම්බ මෝචනය වලක්වා ශුක්‍රාණුවක් සමඟ සංසේචනය වීමේ හැකියාව නැති කිරීමයි. නමුත් අප මෙම පෙති ගන්න පරක්කු කරනවා කියන්නේ පෙති වල සක්‍රිය භාවය අඩු වෙන එක. නිසි වෙලාවට, නිසියාකාරයෙන් මේ පෙති ගත්තොත් ගර්භණී භාවයක් ඇති වීමේ හැකියාව 90% කින් විතර වලක්වා ගන්න පුළුවන්.
Postinor 2 ක්‍රියාකරන්නේ මෙහෙමයි.
පෙති වල අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය (ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ තියෙනවා) ඇඟට ඇතුල් වෙලා ඩිම්බ මෝචනය නවත්වනවා. නැත්නම් ප්‍රමාද කරවනවා. සංසේචන හැකියාව අඩපණ කරනවා. කොටින්ම කිව්වොත් ශුක්‍රාණු හා ඩිම්බ මුණ ගැසීමට ඇති හැකියාව අඩු කරනවා.
භාවිත නොකළ යුතු අවස්ථා
Postinor-2 කාන්තාවකගේ ආර්තව චක්‍රයේ ඕනෑම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන්.ඒත් කිරි දෙන මවක් මේක පාවිච්චි කරන්න එපා එහෙමත් නැත්නම් නෙන් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වෙනවා.
මේ භාවිතා කිරීමෙන් යම් යම් අසාත්මිකතාවයන් සිද්ධ වෙන්න පුළුවන්, ඒ වගේම භාවිතා කිරීමෙන් පැය දෙකකට පමණ පසු වමනය යාමක් සිදුවුනොත්,භාවිත කල මාත්‍රාව නැවතත් ලබාගත යුතුයි. වමනය යාමඅවම කරගන්න කිරි වීදුරුවක් බීලා ඊට පස්සේ පෙත්ත ගන්න පුළුවන්.කැමති නම් කාර්ඩ් එකේ තියෙන පෙති දෙකම එක පාර ගත්තත් වැරද්දක් නෑ.
ඇතිවිය හැකි අසාත්මිකතාවයන් හා අතුරු ආබාධ
පියයුරු වේදනාව
ඔක්කාරය
වමනය
අක්‍රමවත් ආර්තව රුධිර වහනය
හිසරදය
හදිසි උපත් පාලන පෙති පිලිබඳ අප මස්දතක තබාගතයුතු වැදගත් දෙයක් තමයි හදිසි උපත් පාලන පෙත්තක් භාවිත කරන්න ඕනි හදිසි අවස්ථාවකදී පමණයි කියන එක. නිතර නිතර මේ භාවිතා කර කරන්න සුදුසු නැහැ. හදිසි උපත් පාලන පෙති නිතර නිතර භාවිතා කිරීමෙන් විශාල අතුරු ආබාධ ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් අතපසු වී ගිය වෙලාවක අනවශ්‍ය ගැබ් ගැනීමක් වැලක්වීමට පමණක් මේ හදිසි උපත් පාලන පෙති භාවිතා කරන්න පුළුවන්.
No comments:
Post a Comment