මේ දිනවල උතුරැ කොරියාව පිළිබඳ වැඩිි කතාබහක් ඇතිවී තිබෙනවා. එයට හේතුව එහි වරින්වර අත්හදා බලන ලබන මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙනි. මෙම අත්හදා බැලීම් තවදුරටත් පුළුල් කරමින් උතුරු කොරියානු චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට සූදානම්ක් පවතින බව දකුණු කොරියානු මාධ්‍ය විසින් අනාවරණය කර තිබෙනවා.
මෙලෙස චන්ද්‍රිකාවක් නිපදවීම් සඳහා උතුරු කොරියාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ව්‍යාපෘතියක් අරඹා තිබෙනවා. චන්ද්‍රිකා කක්ෂගත කිරීම ඇතුළු බැලැස්ටික් තාක්ෂණය යොදා ගන්නා අත්හදා බැලීම් උතුරු කොරියාවට තහනම් කරමින් ජගත් සංවිධානය සම්බාධක පනවා තිබෙනවා. එම සම්බාධක ද තුට්ටුවකට මායිම් නොකර උතුරු කොරියාව විසින් ම අභිප්‍රායන් මුදුන්පත් කර කරගැනීම සඳහා ක්‍රියාකරන බව දේශපාලන විචාරකයන් පවසයි.
කෙසේ නමුත් ඇමෙරිකාව සමඟ මතතභේදයක පැටලී සිටින උතුරු කොරියාව සිය අභ්‍යවකාශ වැඩ සටහනේ සාර්ථකත්වය පෙන්නුම් කිරීම සඳහා ෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යොමුකරනු ඇතැයි දකුණු කොරියානු මාධ්ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
No comments:
Post a Comment