• Breaking News

    සුපිරියට සෙක්ස් කරන්න මෙන්න මේ දේවල් කන්න

    පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්.

    ඒවගේම හොඳ ලිංගික ජීවිතයක් පැවතීමත් නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍යයි. අනිත් කාරණය හොඳ ලිංගික ජීවිතයක් පවත්වාගෙන යාමට ආහාර වලින් ඍජු බලපෑමක් සිදුවීමයි.

    සමහර ආහාර වර්ග ඔබේ ලිංගික ශක්තිය වැඩිකරනවා වගේම සමහර ආහාර වර්ග ඔබේ ලිංගික ශක්තිය හීන කරනවා .පහත දැක්වෙන්නේ ඔබේ ලිංගික ශක්තිය වැඩි කරගැනීමට හා ලිංගික ශක්තිය හීන කිරීමට බලපාන ආහාර වර්ග කීපයක්.

    ස්ටෝබෙරි 

    ස්ටෝබෙරි රස කෙසේවෙතත් ඉතා අලංකාර පලතුරක්. ඒවගේම එය විටමින් C වලින් පොහොසත්. විටමින් C සහ ස්ටෝබෙරි වල අඩංගු antioxidans එක්වීමෙන් පිරිමියෙකුගේ ශුක්‍රාණූ ප්‍රමාණය වැඩිකිරීමේ හැකියාවක් පවතින බව පැවසේ.

    මධ්‍යසාර 

    සාමාන්‍යයෙන් සමාජයේ පවතින පිළිගැනීම තමා මධ්‍යසාර භාවිතයෙන් ලිංගික ශක්තිය හා ආශාව වැඩිවන බව. නමුත් එය සත්‍යක් නොවේ. මධ්‍යසාර භාවිතයෙන් ඔබට නිදහස් බවක් සහ දොඩමළුවීමේ හැකියාවක් ඇතිවිය හැකියි. නමුත් මත්පැන් ඔබේ ලිංගික ජීවිතය සඳහා කිසිඳු පිටු බලයක් සපයන්නේ නැත. මත්පැන් අධික ලෙස බාවිත කිරීමෙන් ලිංගික ආසාවන් නැතිවීම, සංවේදීතාවය හීනවීම හා අනාරක්ෂිත ලිංගික එක්වීම් සඳහා යොමු වීමේ හැකියාවක් පවතියි.

    අලිගැටපේර

    අලිගැටපේර වල අඩංගු පොටෑසියම්, antioxidant ප්‍රබේද හා විටමින් B6 හදවත ආශ්‍රිත රෝග මැඩපැවැත්වීමට හා රුධිර සංසරණය ශක්තිමත් වීම සඳහා සහය වේ . රුධිර සංසරණ පද්ධතිය නිරෝගිමත් කරන ඕනෑම දෙයක් ලිංගික ශක්තිය වැඩිකිරීම සඳහා ඉවහල්වේ.

    ආමන්ඞ්

    ආමන්ඞ් සින්ක්, සෙලිනියම් හා විටමින් E වලින් පොහොසත්ය. සෙලිනියම් වඳ බවය ආශ්‍රිත තත්ත්වයන්ට ඉතා හොඳ බව සැලකේ. ඒවගේම විටමින් E හදවත නිරෝගීතාවයට බලපායි. සින්ක් වලින් ලැබෙන වාසිය වන්නේ පිරිමින්ගේ ලිංගික හෝමෝන් වර්ග වර්ධනය කිරීමේ හැකියාවක් සහ ලිංගික ආශාව වැඩිකිරීමේ හැකියාවක් පැවතීමයි.

    සාමාන්‍යයෙන් හොඳ රුධිර සැපයුමක් පැවතීම ඔබේ ලිංගික අවයවයන් සඳහා අත්‍යවශ්‍ය දෙයකි. හොඳ රුධිර සැපයුමක් ලබාගත හැක්කේ මේදය මගිනි. මේ සඳහා ශරීරයට අහිතකර නොවන මේදයක් ලෙස ඔමේගා 3 හැඳින්විය හැකිය. ඔමේගා 3 මේදය පහසුවෙන්ම ලබාගත හැකි ක්‍රමයක් වන්නේ අම්න්ඞ් ආහාරයට ගැනීමයි.

    බදින ලද ගවමස් 

    මස් ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් සහ සින්ක් ලැබෙනවා සේම අධික මස් අනුබව කිරීමෙන් රුධිරයේ සීනි, කොලොස්ටරෝල් , හදවත් රෝග, අධි රුධිර පීඩනය යන රෝගයන්ද ඇතිවේ. මෙවැනි රෝග මගින් රුධිර ප්‍රචාරණ කරයුතු වලට බලපෑම් ඇතිවීම හරහා ලිංගික කටයුතුවලටද බලපෑමක් සිදු කරයි.

    බතල 

    බතල යනු අපේ රටේ සුලබ අලවර්ගයක්. නමුත් බොහෝදෙනෙක් මෙහි ඇති පෝෂ්‍යදායි බව පිළිබඳ අවබෝධයක් නැත. බතල වල අඩංගු පොටෑසියම් සංයුතිය නිසා එයට අධි රුධිර පීඩනයට විරුද්ධව සටන් කිරීමේ හැකියවක් පවතියි. එසේම එහි අඩංගු බීටා කැරොටින් වඳබාවය නැති කිරීමට උදව් වන බව පැවසේ.

    තල 

    අපි මින් පෙරත් සින්ක් නිරෝගී ලිංගික ජීවිතයකට උදව් වන බව සඳහන් කරා. එය ලිංගික කටයුතු සඳහා බලපාන හෝමෝනයක් වන ටෙස්ටොස්ටරෝන් නිපදවීමට හා ශුක්‍රානු වර්ධනයට ඉවහල් වේ. සින්ක් පෝෂකය පහසුවෙන්ම ලබාගත හැකි ක්‍රමයක් ලෙස තල හැඳින්වේ.

    කොමඩු 

    ශරීරිය සිසිල් කරන සහ කැලරි අඩු ප්‍රමාණයක් අඩංගු පලතුරක් ලෙස කොමඩු හැදින්විය හැකිය. නමුත් 2008 වර්ෂයේ සිදුකල අධ්‍යනයකට අනුව හෙළිව ඇත්තේ මෙහි අඩංගු මෙහි අඩංගු lycopenecitrulline සහ beta-carotene හේතුවෙන් කොමඩු ලිංගික ශක්තිය වැඩි කිරීම සඳහා ඉවහල් වන පලතුරක් බවයි.

    තෙල් සහිත ආහාර 

    අධික තෙල් සහිත සහ ක්ෂණික ආහාර නිසා ඇතිවන ප්‍රතිවිපාක බහුල වේ. ඒ අතරින් බැදපු අල පෙති ගැහැණු සහ පිරිමි දෙපක්ෂයේම ලිංගික ශක්තිය හීන කිරීමට හා රෝග සඳහා බලපාන බව පැවසේ.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *