• Breaking News

    උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් ලෝක බලවතුන් බියෙන් තැති ගනියි.

    මේ දිනවල උතුරු කොරියාව පිළිබඳව වැඩි කතා බහක් ඇති වී තිබෙන්නේ එහි සිදුවෙමින් පවතින නනෂ්ටික අත්හදාබැලීම් නිසාවෙනි.  උතුරු කොරියාව විසින් පසු පසුගිය  සැප්තැම්බර් 3 දිනවැනි න්‍යෂ්ටික අත් අත්හදා බැලීම් සිදුකර තිබෙනවා. මේ හේතු හේතුවෙන් ඇමරිකාව රුසියාව චීනය දකුණු කොරියාව හා ජපානය යන රටවල් යළිත් උණුසුමි තිබෙන බව වාර්තා වන්නේ.  සැප්තැම්බර තුන්වන දින අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයකට සවි කළ හැකි හයට බෝම්බයක් ඔවුන් විසින් අත්්හදා බලා තිබෙනවා. මේ හේතුවෙන් චීනය දකුණු කොරියාවව සහ ජපානයය යන රටවල් වලට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇතිවිය. එය රිච්ටර්  මාපක 6.3 ක් ලෙස සටහන් වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

     මේ පිනළිබඳ උතුරු කොරියාව අදහස් දක්වමින් ප්‍රකාශ කර   ඇත්තේ තමන් විසින් හයිඩ්‍රිජන් බෝම්බය අත්හදා බැලූ බවත් එය සාර්ථක වූ බවත්ය. ඇමරිකාව විසින් හිරෝෂිමා   නගරයට හෙළන ලද  න්‍යෂ්ටික බෝම්බය මෙන් තුන් ගුණයක ප්‍රබලතාව යුත් බෝම්බයක් බව වැඩිදුරටත් සඳහන් වේ.  උතුරු කොරියාව විසින් දැනට අත්හදා බලා ඇති ප්ර ප්‍රබලතම න්‍යෂ්ඨික අවිය වන්නේ ද මෙම     හයිඩ්‍රිජන් බෝම්බය යයිද උතුරු කොරියාවේ අරමුණ ‍න්‍යෂ්ටික රාජ්‍යයක් බවට පත් කිරීමේ ඇයිද  උතුරු කොරියානු ප්‍රවෘත්ති ප්‍රවෘත්ති අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

     උතුරු කොරියාව විසින්  තම ප්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම් උතුරු හැම්ගියොං ප‍්‍රදේශයේදී 2006 වසරේදී සිදු කරන ලදී එම ප්‍රදේශයේ ඇමරිකානු ඔත්තු සේවා චන්ද්‍රිකා මගින් නිලරතුරුවම පරි පරීක්ෂණයට භාජනය කරනු ප්‍රදේශයක් විය ඔවුහු සිය දෙවන අත්හදා බැලීම  2009 වසරේදී සිදු කරනු ලැබීය එම අත්හදා බැලීමම්  කිල්ජු ප‍්‍රදේශයේ භූ අභ්‍යන්තරයේ සිදු කෙරිණි.  

    සියලුම නෂ්ටික අත්හදාබැලීම් නවතා දමන ලෙස ඇමරිකානු ආරක්ෂක කවුන්සිලය අනතුරු අඟවා තිබියදී 2013 වසරේ උතුරු කොරියාව සිය තෙවන අත්හදා බැලීම සිදුකරන ලදී. එහි ධාරිතාවය කිලෝවොට් හතක් පමණ විය.  ලෝක බලවතුන් විසින් උතුරු කොරියාවට විවිධ සම්බාධක පනවමින් ලෝකේයෙන් හුදෙකලා කළ ද  උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ලෝක බල බලවතුන්ගේ තර්ජන තුට්ටුවකට මායිම් නොකළ අතර ඔහුගේ අරමුණු කරා දිනෙන් දින ළඟා වෙමින් පවතී.  තවද හහු සිය සිව්වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම 2016 වසරේදී සිදු කරන ලදී එවර  ඔහු අත්්හදා බැලුවේ හයට බෝම්බයකි.  

    ඇමරිකානු එක්සත් ජනපදයෙන් හා වෙනත් ලෝක බලවතුන්ගෙන් තමාට එල්ල විය හැකි තර්ජන වලට මුහුණ දීම සඳහා සුළු පරිමාණ හයට ජන බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් විසින් එම අවස්ථාවේ සඳහන් කරන ලදී. තවද මෙම අත්හදා බැලීම් අති සාර්ථක වූ බවත් එමගින් කිසිදු විකිරණ කාන්දුවක් සිදු නොවූ බවත් උතුරු කොරියානු කාලගුණික ඒජන්සිය සඳහන් කර ඇත. තවද මේ බව ජපන් රජය ද  තහවුරු කර තිබිණි

     තවද 2016 සැප්තැම්බර් මාසයේද  ඔහු ප්‍රබල මට්ටමේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කිරීමට සමත් විය එහි කම්පනය රික්ටර් මාපකයේ 5.3 ක් ලෙස සටහන්වී තිබිණි ‘පුන්ගයි රී’ න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සිදු කෙරුණු පළමු අත්හදා බැලීම එය වූ අතර උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද බලවත්ම අවිය එය විය.ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදු කරන ඒකාබද්ධ හමුදා අභ්‍යාසයෙන් දින කිහිපයකට පසු මෙම අත්හදා බැලීම සිදු වූ අතර දේශපාලන විචාරකයන්ගේ මතය වූයේ එම අභ්‍යාසවලට විරෝධය පෑමක් ලෙසට උතුරු කොරියාව මෙම අත්හදා බැලීම සිදු කර ඇත. 

     ඔවුන්  විසින් සිය හයවෙනි නෂ්ටික අත්හදාබැලීම් සඳහාද යොදාගනු  ලැබූයේ හයිඩ්‍රිජන් බෝම්බය එම අත්හදා බැලීම් සඳහා උතුරු කොරියානු නායකයාගේ අනුමැතිය ලැබුණු බව උතුරු කොරියානු රූප රූපවාහිනී නිවේදනය  කළේය.

    හයිඩ්‍රිජන් බෝම්බයේ ප්‍රබලත්වය කොතරම්ද යත් රටවල් ක් කිහිපයක භූ කම්පන තත්වයන් ඇති වී තිබෙනවා දකුණු කොරියානු කාලගුණික ඒජන්සිය සඳහන් කරලන ආකාරයට එය රිච්ටර් පරිමාණ ඒකක  5.7 ක් ලෙසත් ඇමරිකානු භූ විද්යා සමීක්ෂණ ආයතන සඳහන් කර තිබෙන ආකාරයට  රික්ටර් පරිමාණයේ ඒකක  6.3 ක් ලෙසත් සටහන්වී තිබෙනවා.  මෙම අත්හදා බැලීම් සාර්ථක වූ බැවිනි ඉහල තාක්ෂණික ක්‍රියාකාරිත්වයකින් යුත් න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීම්ට තමන් කටයුතු කරන්නේ ඇයි කොරියානු විද්‍යාඥයන් සඳහන් කර තිබෙනවා. 

    මේ අතර ඇමරිකානු ජනාධිපති donald trump උතුරු කොරියාවේ න්‍යෂ්ටික  අත්හදා බැලීම් වලට විරෝධය දක්වමින් උතුරු කොරියාවට හමුදාව ප්‍රහාරයක් මගින් පිළිතුරු සපයන බව කියා තිබෙනවා.  උතුරු කොරියාවෙන්  ප්‍රහාරයක් එල්ල වුවහොත් පෙර සූදානමක් ලෙස දකුණු කොරියාව ද ගුවනේ සිට ගොඩ එල්ල කළ හැකියි දිගු දුර   මිසයිලයක් හා බැලසැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

    ඇමරිකා එක්සත් ජන ජනපදයට අයත් කිසියම් ප්‍රදේශයකට බලපෑම්ක් එල්ල වුවහොත් එවිට දැවැන්ත හමුදා ප්‍රතිචාරයකට මුහුණ පෑමට උතුරු කොරියාවට සිදු විය හැකි බව අමෙරිකානු ආරක්ශක ලේකම්  ජිම් මැටිස් ප‍්‍රකාශකර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ලෝක සාමයට තර්ජනයක් බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හඬට සවන් යොමු කර තම න්‍යෂ්ටික අත් අත්හදා බැලීම් නවතා දැමිය යුතු බවත්  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

    උතුරු කොරියාවේ මෙම න්‍යෂ්ටික අත්හදාබැලීම් සම්බන්ධව බොහෝ රාජ්‍යයන් විසින් විරෝධය එල්ලවෙමින් තිබෙනවා. ඔවුන්ගේ සාහසික ක්‍රියාවන්ට එරෙහිව තවදුරටත් සම්බාධක පැන පැනවිය යුතු බව ‍බ්‍රිතාන්‍ය  අගමැතිනිය තෙරේසා මේ ප්‍රකාශ කර තිබේ.  මෙම විනාශකාරී ක්‍රියාවන් පිළිබඳ තමා ජපාන අගමැති සමඟ සාකච්ඡා කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.  මෙම උතුරු කොරියාවේ ක්‍රියා කලාපය එරෙහිව ගත යුතු පියවරයන් සම්බන්ධව සාකච්ඡා කිරීම්ට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වීම්ට නියමිත බව වැඩි දුරටත් සඳහන් වෙයි.උතුරු කොරියාවේ අභිප්‍රාය වන්නේ ආසියානු කලාපයතුල තම යුද බලය තහවුරු කරගනිමින්  කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස තම පාලනය රැකගැනීමය.

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව සමග පවත්නා  වෙළඳ සම්බන්ධතා අත්හිටුවන ලෙස ප්‍රධාන රටවල් වලින් ඉල්ලා ඇති අතර චීනය සමඟ  උතුරු කොරියාව දැනටමත් සම්බන්ධතා පවත්වයි.  උතුරු කොරියාවේ පියොංයැං නුවර චීන තානාපති කාර්යාලයක් පවත්වාගෙන යනු ලැබේ.උතුරු කොරියාවේ වාණිජ අවශ්‍යතාවලින් 90% පමණ ඉටු කරගනු ලබනුයේ චීනයෙනි.

     තම රටට කුමන සම්බා සම්බාධක පැමිණියද  රටේ න්‍යෂ්ටික ක්‍රියාවලිය අත් නොහරින බවත් තමාට තර්ජනයක් වුවහොත් ඔවුන්ට ඒ එරෙහිව නැඟී සිටින්නට තරම් තම රටේ හමුදා ශක්තිය පවතින බවත් කිම් ජොං උන් කියා තිබෙනවා.  ලොව පළමු න්‍යෂ්ටික අවි අත ගා බැලීම සිදුකරන ලද්දේද උතුරු කොරියාවට ඇඟිල්ල දිගු කරන ඇමරිකාව  විසිනි.  ඇමරිකා එක්සත් ජන ජනපදයට අවශ්‍ය වී ඇත්තේ තමා ලෝක බලවතා යන්න ලොවට පෙන්වීම්ටයි.  එමනිසා තම මතයට එරෙහිව නැගී සිටින  සෑම රාජ්‍යයකටම එරෙහිව සම්බාධක පැනවීම් ඔවුන්ගේ අර අරමුණයි.  උතුරු කොරියාව සමඟද ඇමරිකාව ඇති විරෝධය වන්නේ කිම් ජොං උන් ඇමරිකාව තඹ සතයකට මායිම් නොකොකොට තම බල පරාක්‍රමය ප්‍රදර්ශනයකි කිරීමයි.

    1945 සිට 1992 අතර් කාලයෙහි ඇමරිකාව විසින් නෂ්ටික අත්හදාබැලීම් 1050 පමණ සිදුකර තිබෙනවා. නෙවාඩා අත්හදා බැලීම් කලාපයේ මෙයින් වැඩි අත්හදාබැලීම් සංඛ්‍යාවක් සිදුකර තිබෙනවා. ඊට අමතරව ඇලස්කා, කොලරාඩෝ, මිසිසිපි, නිව් මෙක්සිකෝ වැනි ප‍්‍රදේශවල ද ප‍්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම  ‘ට්‍රිනිටි’ නමින් හැඳින්වූ අතර එය අත්හදා බැලුණේ 1945 ජුලි 16 දා නිව් මෙක්සිකෝව ආසන්නයේ පිහිටි හොර්නාඩා ඩෙල් මුවෙර්ටෝ කාන්තාරයේ දී සිදු සිදුකර තිබෙනවා. 

     මීට අමතරව සෝවියට් රුසියාව න්‍යෂ්ටික අත්හදා බැලීම්  715ක්  ද, මහා බ්‍රිතාන්‍ය මෙවැනි අත්හදා බැලීම් 88ක් ද,   ප්‍රංශය න්‍යෂ්ටික අත් අත්හදා බැලීම්  210ද,  චීනය 45ක්ද වශයෙන් න්‍යෂ්ටික අවි අත් තබලා තිබෙනවා.  1996දී විස්තර ටික අවි තහනම් කිරීමේ සම්මුතිය යටතේ අත්සන් තැබීමෙන් පසු මෙම රටවල් සියලු න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නතර කර තිබෙන අතර මෙම සම්මුතියට අත්සන් තැබූ ඉන්දියාව සහ පාකිස්තතානය පිළිවෙළින් දෙකක් සහ 5ක්  වශයෙන්  න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කොට තිබෙනවා. 1998දී මෙම රටවල් දෙක ද මෙම අත්හදා බැලීම් නවතා තිබේ.  නමුත් මෙවැනි අත්හදා බැලීම් තවමත් කරමින් සිටින්නේ උතුරු කොරියාව පමණි. 

     උතුරු කොරියාවට එරෙහිව යුද්දෙකට යාම සඳහා ඇමරමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දෙවරක් සිතා බැලීම්ට සිදුවී ඇති අතර එයට හේතුව එවැන්නක් සිදුවුවහොත් තුන්වැනි ලෝක යුද්ධයක් නිර්මාණය කිරීමට බැවිනි.  තවද තුරු කොරියාව සතු න්‍යෂ්ටික අවි බලය සමස්ත ලෝකයම මොහොතකින් විනාශ කිරීම්ට සමත් විය හැකි බැවිනි.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *