සැමියෙකු සහ බිරිඳ අතර ඇති වු බහින් බස් විමක් දුරදිග යාමෙන් සැමියා විසින් බිරිඳට පිහියකින් ඇන ඝාතනය කර ඇර්හැයි කුඩාඔය පොලිසිය පවසයි. මෙම සෝචනීය ඉරනමට ගොදුරු වී ඇත්තේ වැල්ලවාය, තෙලුල්ල ප්‍රදේශයේ පදිංච් කාන්තවක් වන තර ඇය තෙලුල්ල ජනපදය,ඇතිලිවැව ලිපිනයේ පදිංචි දීපානි නැමති 32 හැවිරිදි කාන්තාවක් බව වැඩි දුරටත් සදහන් වේ.
එදින රාත්‍රියේ දෙදෙනා අතර ඇති වු බහින් බස් විමක් ක්‍රමයෙන් දුර දිග ගොස් පසුව ස්වාමිපුරුෂයා විසින් බිරිඳට පිහියකින් ඇණ තිබෙන අතර බරපතළ තුවාල ලැබු බිරිද වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල කපුම් තුවාල හේතුවෙන් මරණයට පත්වී තිබෙනවා.
මෙම කාන්තාවගේ පළමු සැමියා මිට වසර පහලොවකට පමණ පෙර මියගොස් තිබෙන අතර ඉන් පසුව මිට වසර පහකට පමණ පෙර තමන්ට පිහිපහර එල්ල කර පුරුෂයා සමඟ විවාහ වි තිබෙන බව බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පිහි ඇනුම සිදුකල ස්වාමිපුරුෂයා පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සදහන් වේ.
No comments:
Post a Comment