• Breaking News

    රෙගේ රජු හෙවත් සුප්‍රකට ගායක බොබ් මාර්ලිගේ මරණය ඝාතනයක් මහමොලකරුවා ඇමෙරිකානු සි.අයි.ඒ ආයතනය බව හෙලිවෙයි

    සුපිරි ජැමෙයිකානු ගායක බොබ් මාර්ලිගේ අකල් මරණය ඔහුට ආදරය කරන රසිකයන්ට ඇතිකලේ අභිරහසකි. බොබ් මාර්ලිගේ  මරණය ඝාතනයක් බව හෙළි වි ඇතැයි පසුගියදා වාර්තා වී තිබෙනවා.

    නමුත් ඇමෙරිකානු සි.අයි.ඒ ඒජන්ත⁣යින් බොබ් මාර්ලිගේ මරණය හා සම්බන්ද චෝදනාව පප්‍රතික්ෂේප කර සිටී. ඔවුන් කියා සිටින්නේ එය පදනම් විරහිත චෝදනාවක් බවය.

    බොබ් මාර්ලිගේ මොළේ පිළිකාවක් හේතුවෙන් මිය ගිය බවට පිළිගත හැකි ලිඛිත සාක්ෂි ඇති බවත් එලෙස තිබියදී මෙම චෝදනා අසත්‍ය යැයිද ඔවූහූ කියා සිටිති.

    බොබ් මාර්ලි ගේ අභිරහස් ඝාතනය ගැන හෙළි වූ කරුණු වල තවදුරටත් සදහන් වන්නේ ඔහුට පරිත්‍යාග කළ පාවහන් යුගළක පිළිකා කාරක වෛරසයක් පොවා සවිකර තිබූ ඇණයක් පාදයේ ඇනීමට සළස්වා මෙම මරනය සිදු කළ බවයි. ඔහුට එම පාවහන් යුවළ පරිත්‍යාග කළ සී. අයි. ඒ ඒජන්තයා වැඩි දුරටත් හෙලිකර හෙළි කර ඇත.

    බිල් ඔක්‌සිල් නම් මෙම සී. අයි. ඒ. ඒජන්තවරයා කියන පරිදි බොබ් මාර්ලි එම සපත්තු යුගළයෙන් එක්‌ සපත්තුවක්‌ පාදයට දමා ගත් සැනින් ඇණය පාදයේ ඇනීම නිසා "අවුච්" යනුවෙන් හඬ නඟා ඇති බවයි.

    "බෆලෝ සෝල්ජර්" වැනි ගීත තුළින් ඇමරිකානු යැන්කි සංක්ස්කෘතිය  විවේචනය කළ බොබ් මාර්ලි  රෙගේ ගීතය තුළින් ප්‍රබල ඇමරිකානු විරෝධයක ගොඩ නැඟූ සුප්‍රකට ගායකයෙකි.

    1981 දී බොබ් මාර්ලි අභිරහස් ලෙස මිය යන විට 36 වැනි වියේ පසුවිය.

    ඔක්‌සිල් හෙළි කරන ආකාරයට සී.අයි.ඒ. සංවිධානය මේ අන්දමට මාධ්‍යවේදීන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඝාතනය කිරීමට ක්‍රියා කර ඇත.

    76 වැනි වියේ පසුවන ඔක්සිල් දැඩි ලෙස රෝගාතුරව සිටින අතර ඔහු  මේ සියල්ල පිළිබඳ පාපොච්චාරණය කර ඇත.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *