01. කවදාවත් ඔයාගේ මහත්තයාගේ හෝ ආදරවන්තයාගේ internet search history එක check කරන්න යන්න එපා. ඔහු බලපු, හොයපු හැමදේම දැන ගත්තහම ඔබ ඇයි ඒක හෙව්වේ කියලා පසුතැවෙයි.
02. ඔයාට ඕනෙ විදිහට ඔහුව හිතාමතා වෙනස් කරන්න යන්න එපා. ඔහුගේ සැබෑ ස්වභාවයට ආදරේ කරන්න.
03. එයා අනිත් කාන්තවෝ දිහා බැලුවා කියලා ඒක ලොකුවට ගනන් ගන්න එපා. කොහොමත් පිරිමින්ගේ කැමති ලස්සන දේවල් දිහා බලන්න.
04. ඔයාට වෙලාවට හිතේවි ඔහු ඔහුගේ යාලුවන්ට ඔබට වඩා මුල් තැනක් දෙනවා කියලා. ඒ ගැන වැඩිය හිතන්න එපා.
05. ඔයා කවමදාකවත් ඔහුගේ මවව විවේචනය කරන්න යන්න එපා. මොකද නැන්දම්ම කියන්නේ හැමදාමත් නැන්දම්ම තමයි .
06. ඔයා එයාගේ පරණ වැරදි නැවත් නැවත ඔහුට මතක් කරන්න යන්න එපා. ඔහු කරපු වැරදි වැඩ එහෙම්මම අමතක කරලා දාන්න. මොකද එය මතක් කරනකොට එයාට ගොඩක්ක් තරහ යාවි .
07. ඔයා කවදා කවදාවත් එයාගේ අතීතය නැවත නැවත හාරා අවුස්සන්න එපා. එයා කැමැත්තෙන් කියනවනං අහන් ඉන්න. මොකද පිරිමි කැමති නැහැ පරණ දේවල් ගැන ආයෙත් කතා කරන්න.
08. ඔහුට උවමනා ඔබේ ජීවිතේ ඉන්න එකම පිරිමියා වෙන්න. ඒක නිසා ඔබේ පිරිමි යාලුවන්ව ඇසුරු කිරීම හැකි පමණ සීමා කරන්න. මොකද පිරිමි කියන්නේ ආදරයේදී ගොඩක් ආත්මාර්ථකාමීය අය.
09. ඔබට ඔහුගේ උදව් අවශ්‍යයි කියන හැඟීමට ඔහු ප්‍රිය කරනවා. ඔයාට එයාගෙන් ලොකු ශක්තියක් ලැබෙන බව ඒත්තු ගන්වන්න.
10. ඔබ හැම වෙලාවකම ශරීරයේ බර පාලනය කරගෙන, හැඩැති සිරුරක් පවත්වාගත යුතු වෙනවා. ඔයා ලස්සනට ඉන්න ගොඩක් කැමතියි වේවි.
No comments:
Post a Comment