දැරණියගල ප්‍රදේශයේ බොරලංකඩ ගම්මානයේ දමිළ පාසලක ඔන්චිල්ලා කණුවක එල්ලීමෙන් පුද්ගලයකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ සින්නයියා මෝගන් නැමැති පුද්ගලයෙක් වේ. ඔහු 39 හැවිරිදි එක් දරු පියකු බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කර ඇත.
මොහු විසින් ටික කලක සිට තම නිවසට අල්ලපු නිවසේ ජීවත්වූ වයස අවුරුදු 82ක් ක කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වා ඇති අතර මේ පිළිබඳ ඔහුගේ නිවසට ආරංචි වී තිබෙනවා. මේ හේතුව නිසා නිවසේ නිතර බහින්බස් වීම් ඇතිවී තිබෙනවා.
පසුව මෙම පුස් පුද්ගලයා නිවස හැර ගොස් ඇති අතර දින තුනකට පසු මෙලෙස ගෙල වැලලා වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දැරණියගල පොලිසිය මගින් පවත්වන බව වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.වැඩිවි විස්තර සඳහා පහල බලන්න
No comments:
Post a Comment