• Breaking News

    කුස්සියේ ඇති දෙහි බෑයෙන් ලෙඩරෝග රැසක් සුවකර ගන්නා හැටි


    දෙහි යුෂ පානයෙන්, ඔබ නොදන්නා ප්‍රතිලාභ බොහොමයක් අත්කර ගන්න පුළුවන්. ආහාර සැකසීමේදී රසකාරකයක් ලෙස ද දෙහි යුෂ යොදා ගන්නවා. විවිධ රෝගාබාධවලට ඉතාමත් ම ගුණදායක පලතුරක් ලෙස ‍ද දෙහි ඉතාමත්ම වැදගත්. ඔබට හැකි වෙලාවට දෙහි යුෂ වීදුරුවක් පානය කරනවානම්, එය ඉතාමත්ම වටිනවා.

    දෙහිවල අන්තර්ගත ස්වභාවික තෙල් සාරය සමට බෙහෙවින් හිතකර නිසා, සමෙහි ඇතිවන විවිධ රෝගාබාධවලට (සමේ රෝගවලට) දෙහි සමඟ මී පැණි ආලේප කිරීම ඉතාමත්ම යෝග්‍යයි. එමඟින් සමට පෝෂණයක් ලබා ගැනීමට පුළුවන්. හිස්හොරි හේතුවෙන් හිසෙහි හටගන්නා විවිධ ආසාදනවලට සහ හිසකෙස්වල ප්‍රාණවත් බව සුරැකීමට ද දෙහි ඉතාමත් ම හොඳ ඖෂධයක්. ඔබ ස්නානය කරනවිට හිසෙහි දෙහි යුෂ ගල්වන්නේ නම්, එය වඩාත් ම සුදුසුයි. සමෙහි මැරුණු සෛල ප්‍රාණවත්ව සකස් කිරීමට, දෙහිවල අඩංගු විටමින් C සංඝටකය ඉතාමත් ම ගුණදායයි. දෙහි යනු රූපලාවන්‍ය කටයුතුවලදී ප්‍රමුඛස්ථානයේ තිබෙන පලතුරු වර්ගයක්.

    දෙහිවල අන්තර්ගත ආම්ලික ස්වභාවය හේතුවෙන් අප ගන්නා ආහාර ඉක්මනින් ජීර්ණය වීමට උපකාරී වෙනවා. විවිධ ව්‍යංජන සැකසීමේදී දෙහි බිංදු කිහිපයක් එකතු කරන්නේ ඒ නිසයි. ව්‍යංජනය රසවත් කර ගැනීමට යොදන රසකාරයක් වගේම ආහාර ජීර්ණයට ද එය හිතකරයි. බොහෝ ඉන්දියානු භෝජනාගාරවල දෙහි අච්චාරු පිළියෙළ කරන්නේ, දෙහි මඟින් ශරීරයට උත්තේජන ලබා දෙන නිසයි.

    දෙහි යුෂ මිශ්‍ර මී පැණි පානය, මළබද්ධය වැළඳීම වළක්වා ගැනීමට ඉතාමත් ම හිතකර ඖෂධයක්. දෙහි තුළ අඩංගු ආම්ලික ස්වභාවය හේතුවෙන් සිරුරට යම් උත්තේජනයක් ලැබෙනවා. දෙහි පිරිසුදු කාරකයක් ලෙස හඳුන්වන්නේ, පොළොව පිරිසිදුකාරකවලට, දෙහි සාරය අන්තර්ගත කර ඇති නිසයි. එමඟින් පොළොවට ඉතාමත් ම සිත්ගන්නාසුළු ස්වභාවයක් එක් කෙරෙනවා.

    දෙහි යනු ආම්ලික පලතුරු වර්ගීකරණය කිරීමේදී ප්‍රමුඛත්වයේලා ගිනිය හැකි පලතුරු වර්ගයක්. අමෙරිකානු දියවැඩියා සංගමයේ පරීක්ෂකවරුන් පවසන්නේ, දෙහි මඟින් රුධිරයේ අන්තර්ගත සීනි ප්‍රමාණය මනාව පාලනය කිරීමට පුළුවන් බවයි. ශරීරයේ නිපදවෙන ග්ලූකෝස් ප්‍රමාණය ඉක්මනින් අවශෝෂණය කිරීමේ හැකියාව දෙහිවල අඩංගුයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීමට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය දෙහි තුළ අඩංගු විටමින් සංඝටකය නිසා පාලනය කර ගැනීමට පුළුවන්.

    අධික රුධිර පීඩනය වර්ධනය වීමෙන් හටගන්නා හදිසි හෘදයාබාධවලට දෙයි යුෂ පානය වඩාත් ගුණදායකයි. රුධිර වාහිනී අභ්‍යන්තරයේ මේදය තැන්පත් වීමෙන් සෑදෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගැනීමට ද දෙහිවලට පුළුවන්. එපමණක්ද නෙමෙයි,හෘදය ආශ්‍රිතව සෑදෙන අනෙකුත් රෝගවලට දෙහි පානය වඩාත් හොඳ ඖෂධයක්. එසේ ම, හෘදවාහිනී ආශ්‍රිත රෝගවලට ද මේවා ඉතාමත්ම ගුණදායකයි. දෙහිවලින් නිපදවන ආම්ලික තෙල් සාරය, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට වඩාත් හිතකරයි. පැඟිරි තෙල් වැනි දෑ මඟින් මදුරුවන් දෂ්ඨ කිරීම පාලනය කිරීමට ද හැකියාව තිබෙනවා.

    සන්ධි ඉදිමීම, සන්ධි වේදනා වැනි තත්ත්වයන්ට දෙහිවල අන්තර්ගත යුරික් අම්ලය ඉතාමත් ම හිතකරයි. ඒවාගේම පත්‍ය නොවන ආහාර ගැනීමෙන් ඇතිවන රෝගාබාධවලට පිළියමක් ලෙස දෙහි යුෂ පානය ඉතාමත් ම වැදගත්. උදරාබාධ වැළඳුණුවිට, තේ කොළ සාරය මිශ්‍රකර, දෙහි යුෂ පානය කිරීමට දෙන්නේ, එම පානය ආහාර අජීර්ණ තත්ත්වයන්ට වඩාත් හිතකර නිසයි.

    දෙහි යුෂ පානය උණ තත්ත්වය හෙවත් ශරීරයේ උෂ්ණත්වය අඩු කරලීමට වඩාත් යෝග්‍යයි. දෙහි යුෂ වීදුරුව බැඟින් දවසකට දෙවරක් හෝ පානය කිරීමට හැකිනම්, එයින් ඔබගේ ස්ථුලතාව හෙවත් ශරීරයේ බර අඩුකර ගැනීමට හැකියාව ලැබෙනවා.

    දෙහි යුෂ මඟින් ශරීරය ප්‍රබෝධවත් කරන අතර, එහි අඩංගු ඇන්ටිඔක්සයිඩ් හේතුවෙන් ශරීරය ප්‍රාණවත් වෙනවා. ශරීරයේ මේදය දහනයට හිතකර සිට්‍රික් අම්ලය මඟින් ශරීරය සිහින් කර ගැනීමට ද පුළුවන්

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *