• Breaking News

    තෙල්දෙණිය සිදු වීමේ සැඟවුණු කතාව

    තෙල්දෙණියේ පහරදී මරා දැමුණ සිංහල තරුණයා පෞද්ගලික සමගමක රැකියාව කරපු කෙනෙක්.

    ඔහුගේ කාර්ය අදාල සමාගමේ බඩු කඩවල්වලට දැමීම. ජිවත් වෙන්න වෙනත් අදායම් මාර්ග නැතිව දුප්පත්කම හේතුවෙන් ඔහු මේ රස්සාව තෝරාගෙන ඇත්තේ මාසෙකට රු.15000 ක් වැනි සුළු වැටුපකට. ඔහුගේ මවත් පියාත් දෙදෙනාම ඉන්නේ අසනීපෙන්.ඔහුට සහෝදරයෙක් ඉන්නවා ඔහුත් යම් අසනීප තත්වයෙන් පෙළෙන්නෙක්. මේ හැමෝම ගැන බලන්නේ අරවගේ කුලී රැකියාවකින් ලබන සොච්චම් වැටුපෙන්. ඒ හැරුණු විට ඔහු විවාහකයෙක්. මේ තමයි බොහෝ සිංහල පවුල්වලට තියෙන ජිවන ඉරණම.

    මේ තරුණයා ප්‍රදේශයේ ජාති භේදයකින් තොරව මුස්ලිම් ජනතාවටත් උදව් උපකාර කරපු ගුණයහපත් තරුණයෙක්. ඒ බව අපි නෙමෙයි කියන්නේ ඒ ප්‍රදේශයේ ඔහු ගැන දන්නා මුස්ලිම් පිරිස්මයි. ගම ඇතුළට ගමනාගමන පහසුකම් අඩු නිසා ඔහු වැඩ කරන වාහනේ සිංහල මුස්ලිම් භේදයකින් තොරව හැමෝම කැටුව ගිහින් බස්සවන බව මුස්ලිම් ජනතාවම සාක්ෂි කියනවා. ඔහු රැකියාව ගැන පමණක් නොව මනුෂ්‍යත්වය ගැනද සලකා බැලූ තරුණයෙක් බව මේ තුළින් පැහැදිලියි.

    නමුත් පසුගිය දා තෙල්දෙණිය සෙඩ් එකින් ඉන්ධන ගසා වාහනය හරවා ගැනීමට රිවස් කරනවිට පිටුපස තිබුණු ත්‍රිරෝද රථයේ කණ්ණාඩිය කැඩී තිබෙනවා. එහි සිට ඇත්තේ මත්වතුර බී ගත් මුස්ලිම් තරුණයන් හතර පස්දෙනෙක්. එම තරුණයන් ප්‍රදේශයේ මුස්ලිම් ජනයාගේ පවා අප්‍රසාදයට ලක්වූ මදාවියන් බව ඇතැම් මුස්ලිම් ජනයාම කියනවා. සිංහල තරුණයා අතේ එවෙලේ තිබී ඇත්තේ රු. 1000 ක් පමණයි. බහින් බස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු එය ත්‍රිරෝද රථයේ සිටි මුස්ලිම් තරුණයන්ට දී කියා ඇත්තේ දැනට මගේ අතේ තියෙන්නේ මෙච්චරයි යනුවෙන්. ඒත් අර පිරිස ඊට සංවේදී වී නැහැ. මග රැකලා ඔහුට අමානුෂික ලෙස පහර දීලා. හිසට බරපතල විදිහට හානි වෙලා. ඔහු පැය කීපයකින් ජීවිතය සමග පොරබදා පසුව මිය යනවා.

    ඊට පස්සේ මේ සිදුවීම සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. ප්‍රදේශය ගිනි ගන්නවා. විශාල දේපළ හානියක් සිදුවෙනවා. මාධ්‍ය තුළින් මේ සිදුවීම හරියාකාරව වාර්තා කරන්නේ නැහැ.නමුත් සිදුවී ඇති විනාශය ප්‍රවෘත්ති වලින් දෙන තරමට වඩා අති විශාලයි. තත්ත්වය පාලනය කිරීමට ඇදිරිනීතියත් දැම්මේ ඒකයි. මේ වෙලාවේ මේ අවාසනාවන්ත සිදුවීම එක එකාගේ ගිණුම් වලට බැර කරලා දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්නත් එපා. යම් සිදුවීමක් වෙලා ඊට දක්වපු ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලය සමානයි මේ විනාශය. මීට පෙරත් ගම්පොළ ප්‍රදේශයේ කටින පෙරහැරකට මුස්ලිම් තරුණයන් පිරිසක් ගල්ගහලා සිදුවෙන්න ගිය මහ විනාශයක්ද විහාරස්ථානයේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් වලක්වා ගත්තා. දෙමළ ජාතිවාදය එක්ක මේ රට අවුරුදු 30 ක්ම ගිනි ගත්තා. අවුරුදු 30 ක් ම ලේ ගැලුවා.මේ ප්‍රශ්නයත් වර්ධනය වෙන්න ඉඩ නොදී නවතින්නේ කවදා ද ?

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *