කෝමාරිකා හා ස්වභාවික පොල් තෙල් යොදාගනිමින් අපේ ශරීරයේ ඇති කරදර කාරී කැළැල් සියල්ලම නැති කර ගැනීමට ඇති සාර්ථක ක්‍රමයක් අප අද ඔබට කියලා දෙනවා. මෙය ඉතාමත් පහසුවෙන් ඉක්මනින් සදා ගැනීමට හැකි වීම නිසා කිසිම කරදයකින් තොරව අසහනකාරී කැළැල් වලට සමුදී පැහැපත් මුහුනක් ලබා ගැනීම්ට ඔබට හැකියාව ලැබේවි.
මේ සදහා කෝමාරිකා යොදා ගැනීමේ ප්‍රයෝජන කිහිපයක්ම තියෙනවා.
කෝමාරිකා මගින් ඔබගේ ශරීරයේ තෙතමනය රදා පවත්වාගැනීමට උපකරීවේ.
තරබාරුවීම නිසා ඇතිවෙන කැළැල්,කුරුලෑ සඳහා ඖෂධයක් ලෙස කෝමාරිකා වැදගත්වේ.
හිර එලියන් අව පැහැ වුනු සමට
රළු සමට හා ආසත්මිකතාවන් නිස
පොල් තෙල් යොදා ගැනීමේ ප්‍රයෝජන
සමට නැවුම් පෙනුමක් හා දීප්තියක් ලබා දේ
සමට වින කරන දිලීර හා බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරයි
පොල් තෙල් සමේ තෙතමනය පවත්වාගැනීමට හා සම වයසට යාම පමා කර නිරෝගීව තබයි
වියලි සම සඳහා පොල් තෙල් හොඳ ප්‍රතිකාරයක් වේ
මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු පොල් තෙල් කෝප්ප 1/2ක්
කෝමාරිකා සාරය
ලැවැන්ඩර්,රෝස හෝ වැනිලා තෙල්
ආලේපනය සාදාගන්නා ක්‍රමය
පළමුව පොල් තෙල් සහ කෝමාරිකා සාරය මිශ්‍ර කරගන්න.මේ මිශ්‍රණය ආලේප කල හැකි මට්ටමට පැමිණෙන තුරු මිනිත්තු 5ක් 10ක් කලවම් කරගන්න. අවසානයේ ලැවැන්ඩර්,රෝස හෝ වැනිලා තෙල් බින්දු කිහිපයක් මිශ්‍ර කර වීදුරු භාජනයකට දමා වාතය නොයන සේ ගබඩා කර කාමර උෂ්ණත්වයේ තබන්න
මෙම ආලේපනය භාවිතා කරන අයුරු
ස්නානය කිරීමෙන් පසු කැළැල් ඇති ස්ථානයන් වල ඔබගේ සාමාන්‍ය ආලේපන ආලේප කරන ආකාරයට ආලේප කරන්න. ආලේප කිරීමට පෙර ඒ අවශ්‍ය ස්ථාන පිරිසිදුව පැවතීම ඉතාම අත්‍යවශ්‍ය වේ. මෙමගින් සමෙහි ඇතිවෙන කුඩා තුවාල,බිබිලි හා කුෂ්ට වර්ග වලට සහනය ලබාදේ.
No comments:
Post a Comment