කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට සිසුවියක ඇතුළත් කර දෙන බව පවසා අල්ලස් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් දියත් කළ කළ මෙහෙයුමකින් මොහු අත් අත්අඩංගුවටට පත්වී ඇත. ඔහු විසින් රුපියල් 115,000 ක මුදලක් මෙලෙස අල්ලස් වශයෙන් ලබාගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන බවට පවසමින් මෙලෙස අල්ලස් වශයෙන් රුපියල් එක්ලක්ෂ පහලොස් දහසක මුදල වංචා කර තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.
මොහු සම්බන්ධයෙන් මීට පෙරද පැමිණිලි ලැබී තිබෙනවා. මීට පෙරද ඔහු මහනුවර ප්‍රදේශයේ තරුණියකට ගුරු පත්වීමක් ලබාදෙන බව පවසා රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු සඳහන් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවැනි වංචාකරුවන්ට හසු නොවන නිසයි. මෙලෙස ප්‍රසිද්ධ පාසල්වලට ළමයින් ඇතුළත් කරදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.
No comments:
Post a Comment