අතීතයේ මහ එළිය නමින් හැඳින්වූ මේ ප්‍රදේශය එක්දහස් 1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විලියම් පිෂර්, කර්නල් ඇල්බට් වොට්සන් යන දෙදෙනා විසින් මුලින්ම සොයා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා ලෙස කටයු කටයුතු කළ ශ්‍රීමත් රොබට් හෝර්ටන් මහතා එහි සංචාරය කිරීමෙන් පසු එයට හෝර්ටන් තැන්න නම භාවිතා කොට තිබේ. හෙක්ටයාර් 3160 ක භූමි භාගයක විහි දී ඇති මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක අතින් ද ඉතා සුවිශේෂී ස්ථානයකි. හෝර්ටන් තැන්නට පිවිසීමටට මාර්ග තුනක් ඇත.
1).නුවරඑළිය අබෙවෙල සහ පට්ටියපොළ හරහා මාර්ගය
2).හපුතලේ, බොරකන්ද සහ ඔහිය හරහා මාර්ගය
3).නුවරඑළිය හග්ගල, රේන්දපොල, අබේවෙල සහ පට්ටියපොළ හරහා මාර්ගය
ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2100-2300 උසකින් පිහිටා තිබේ. ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය මෙයයි. ශ්‍රී ලංකාවේ තුන්වන උසම කන්ද වූ මීටර් 2357ක් උසැති තොටුපළ කන්ද හෝටන්තැන්න උතුරු කොටසින්ද දෙවැනි උසම කඳුවැටිය වූ 2389ක් උස කිරිගල්පොත්ත කන්ද බටහිරින් පිහිටා ඇත.
හෝර්ටන් තැන්නේ පිහිටා ඇති ප්‍රපාත දෙකක් නිසා මෙහි ආකර්ෂණීය බව තවත් වැඩි වී තිබේ. මීටර් 274ක් පමණ උස කුඩා ලෝක ලෝකාන්තයත් මීටර් 884ක් උස මහා ලෝකාන්තයත් සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා රමණීය ස්ථාන දෙකක් වේ. බේකර්ස් දියඇල්ල ද මෙහි ඇති තවත් සුන්දර ස්ථානයකි.
මෙහි ශාක විශේෂ 101ක් පමණ ඇතැයි 1992 දී සිදුකළ පර්යේෂණවලින් හෙළි වී ඇත. ඉන් 49ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒවාය. හෝර්ටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංක්‍යාව 2.861 කි. මෙහි දේශීය පක්ෂයෙන් වර්ග 62ක් සහ සංක්‍රමණික පක්ෂීන් වර්ග 11ක් පමණ දැකගැනීමට හැකිවේ. සමනල් විශේෂ 4 0ක් ද දැනට හඳුනාගෙන ඇත.
1969 දෙසැම්බර් 5 වන දින හෝටන්තැන්න ස්වාභාවික රක්ෂිත භූමියක් ලෙස ද 1988 මාර්තු 16 වන දින ජාතික උද්‍යාන තත්ත්වයකටද පත් කරන ලදී.
No comments:
Post a Comment