• Breaking News

    සම වයසට යාම වළක්වා නිරෝගි සුදු සමක් ලබා ගන්නේ මෙහෙමයි

    වයසට යාම  කොපමණ උත්සහ දරුවත් නැවැත්විය නොහැකි සිදුවීමකි.ඒ වගේම නිරෝගී සුසිනිදු සමක් පවත්වාගෙන යාමද අපහසු කාරණයකි. නිරෝගී සමක් ලබාගැනීමට අවශ්‍ය නමුත් ඒ සඳහා විශාල මුදලක් වැය කොට විවිධ ආලේපන භාවිතා කිරීමට සිදුවේවි. නැතහොත් අධික මුදලක් වියදම්කොට ප්ලාස්ටික් සැත්කම් සඳහා යොමුවිමට ඔබට සිදුවේවි. අප අද ඔබට කියලා දෙන්න යන්නේ ඒ වෙනුවට ගෙදරදීම පහසුවෙන් සාදා ගත හැකි මුහුණ සඳහා පැක් එකක් පිළිබඳවයි.  මේ සදහා ඔබට වැය වන්නේ ඉතාමත් සුළු මුදලක්. මෙමගින් ඔබගේ සම නිරෝගීයි  සුසිනිඳු බවක් ලබාගැනීම්ට හැකිවේවි.   

    ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

    -කෙසෙල් ගෙඩියකින් භාගයක්

    -ආටා පිටි මිශ්‍ර කල යෝගට් මේස හැඳි 3ක්

    - මී පැණි මේස හැඳි 1ක්

    -බිත්තරය 1ක්

    මුලින්ම කෙසෙල් ගෙඩියේ පොත්ත ඉවත් කර එය බිත්තර,පැණි හා යෝගට් සමග මිශ්‍ර කර ගන්න.එම මිශ්‍රණය මුහුණේ ආලේප කිරීමට පෙර මුහුණ හොඳින් පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් වේ.

    මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර මිනිත්තු 10-15ක් පමණ තබන්න.

    කෙසෙල් යනු ඉතා පෝෂ්‍යදායි පළතුරක් බැවින් සම සඳහා වඩාත් යෝග්‍ය බවත් මුහුණ රැලි වැටීම නවත්වන බවද නවතම සමීක්ෂණ මගින් සොයා ගෙන ඇත.

    මුහුණට අවශ්‍ය වියළි බව ලබාගැනීමට මී පැණි උපකාරී වේ

    මෙම සත්කාරය දිනපතා ඔබට නිවසේදීම කරගත හැකි අතර සියලු‍ම ආකාරයේ මුහුණු සඳහා මෙය යෝග්‍ය වේ.

    මෙහි කිසිම රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවන බැව්න් මෙයින් 100% ප්‍රතිපල ලබා ගැනීමට යම් අවම සති 3ක් වත් මෙම ප්‍රතිකාරය දිනපතා කල යුතුයි.ඒනිසා ප්‍රතිකාරය අත්වින්ද සෞඛ්‍ය සම්පන්න දිවියක් ලබාගන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *