ඇඹිලිපිටිය පනාමුර, දබරයාය ප්‍රදේශයේ දී කෙසෙල් වගාවක සේවය කරමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර ඇති බව පනාමුර පොලිසිය පවසනවා.
ඊයේ රාත්‍රියේ ඔහු නැවති සිටි කෙසෙල් වගාවට අයත් වාඩිය තුල මෙම ඝාතනය සිදුවී තිපෙනවා. ගාතනයට ලක්වූ පුද්ගලයා 51 හැවිරිදි අයෙක් බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
ගාතනයට ලක්වූ පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
නයට ලක්වූ පුද්ගලයා බීමත්ව පැමිණ තමන්ට හිරිහැර කළ බවත්, එය ඉවසාගැනීමට නොහැකිව මෙම ඝාතනය කළ බවට ඝාතනය සිදුකළ පුද්ගලයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඝාතනය සිදුකල සැකකරු හඟුරන්කෙත, හේවාහැට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුද එම කෙසෙල් වගාවේ සේවය කරමින් සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරු කෙසෙල් අතු කැපීමට යොදාගන්නා පිහියකින් හිසට සහ ශරීරයට පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද දින සිදුකර තිබෙනවා. ජනවාරි 09දා වැඩිදුර විමර්ශනවල තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබෙනවා.
No comments:
Post a Comment