තම දරුවා පාසලට ඇතුලත් කර ගන්නට හමන්ට ලිංගික අල්ලස් දෙන්නට සිදුවූ බව කියමින් මවක් ෆේස්බුක් ඔස්සේ කළ ප්‍රකාශයක් මේවන විට මහත් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.
මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයා විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ඇය මෙලෙස facebook සමාජ් ජාල වෙබ් අඩවි හරහා හෙළිදරව් කර තිබෙනවා.
මෙලෙස පසුගිය මාස තුනක් තිස්සේ ඔහු තමන්ගෙන් ලිංගික අල්ලස් ලබාගෙන ඇති අතර ඉන් පසු එම විදුහල්පතිවරයාගේ හිතවතුන් හට ද ලිංගිකව හැසිරීමට ඉඩ ලබා දීමට තමන් හට සිදු වූ බවත් ඇය පවසනවා.
කෙසේ වෙතත් ඇය පවසන්නේ මෙම සිදුවීම හෙළිදරව් කිරීමට ඇය භාවිත කළ දෙව්මිනී අධිකාරි නමැති ෆේස්බුක් ගිණුම ඇගේ සැබෑ ෆේස්බුක් ගිණුම නොවන බවයි. මේවා හෙළි කිරීමට සඳහා ඇය යොදාගත් facebook ගිණුමක් බවයි.
සිය දරුවන්ට සමාජයට මුහුණ දීමට නොහැකි වේ යැයි ඇති බිය නිසා ඇය එසේ ව්‍යාජ ගිණුමක් භාවිත කර ඇති බවයි ඇගේ සටහනෙහි සඳහන් වන්නේ.
ඇගේ සටහන පහතින්
උපුටා ගැනීම
මෙම ලියන්න හිතුනෙ ඉවසන්න බැරි තැන. මේක ලබන ඔයාලටත් මේකෙන් පාඩමක් ගන්න පුළුවන් වෙයි. මම දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. පොඩි දරුවට අවුරුදු තුනයි. ලොකු එක්කෙනා හතර වසරේ. මගේ මහත්තයා නෑැහැ පොඩි කාලෙ ඉඳන්ම තනියම දරුවො හදාගත්තේ මම. හොඳ ඉස්කෝලෙකට දාන්න මම ගොඩක් මහන්සි වුණා. නුවර හොඳම scoller තුනකින් බෑ කිව්වා. අන්තිමට උත්සාහ කරන්න ගියේ ............ ....එකට. ඒ ඉස්කෝලෙන් මගේ පුතාව ගන්න කැමති උනත් ඒ වෙනුවෙන් මට ජීවිතේ වටිනාම දේවල් ගොඩක් දෙන්න වුණා. කෙලින්ම කිව්වොත් ඒ පාසලේ principal එක්ක මට නිදා නිදා ගන්න සිද්ධ වුණා. මුලින්ම මට ඒක කරනවා කියා හිතන්නත් බැරි වුණා. ඒත් හොයලා බලද්දි දැනගත්තෙ ගොඩක් අය ළමයි දාන්නෙ මෙහෙම කියලා. දරුවා වෙනුවෙන් මම හිත හදාගත්තා ඒ දේට.
ඒත් ඒක එක වතාවකට සීමා වුණේ නැහැ මාස තුනක් තිස්සෙ මාව එක එක තැන්වලට අරන් ගියා. මට principal කියන හැම දෙයක්මම කරන්න වුණා. ඒත් මගේ දරුවා පාසල්ට ගත්තෙ නෑ අන්තිමට මිනිහ කිව්වා එයාගේ හිතවතුන් සතුටු කරන්න කියලා. එහෙම කළොත් මගේ වැඩේ කෙරෙනවා කියලා. මම ඒකට කැමති වුනේ නෑ එයා දන්න අය කීප දෙනෙක් එක්ක නිදාගන්න මට සිද්ධ වුණා. අන්තිමට දරුවා ඉස්කෝලෙට ගත්තා ඒත් මම අද මැරි මැරි උපදිනවා. මගේ අසරණ කමට මම වැටුණ තැනට ඔයාලා කවුරුවත් වැටෙන්න එපා.
මම විඳපු දුක්ම විදපු අම්මලා ගොඩක් ඇති ඒ අයටත් කියන්න බැරුව ඉන්නවා ඇති ඉතින් මම අවසානයට ඉල්ලන්නේ .......... එකට ළමයි දාගන්න යද්දි ටිකක් පරිස්සම් වෙන්න. එයා ඉන්න ඉල්ලන දේට ටකැමති උනත් ඒක එක පාරෙන් නවතින්නේ නෑ මම බොරු account එකකින් ඇවිත් මේ දේ දේවල් කිව්වේ මගේ ඇත්ත නම් කියන්න බැරි නිසා. පොලිසියට කියන්නත් බෑ. එහෙම වුනොත් මගේ දරුවන්ට සමාජේ ජීවත් වෙන්නත් බැහැ මේක හැමෝටම කියා කියන්න බුදුසරණයි.
උපුටා ගැනීම් අවසන්
No comments:
Post a Comment