• Breaking News

    කළු පෙට්ටිය කළුපාට නැතිලු තැඹිලි පාටලු ගුවන් අනතුරකින් පස්සෙ වෙනදේ දැනගන්න

     කළු පෙට්ටිය උපතින්ම තැඹිලි පාට කුඩා පෙට්ටියකි. මෙය ඉතා ශක්තිමත් ලෙස නිපදවා තිබෙන අතර කාල තුවක්කුවකට දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙත වෙඩි තැබුවත් හානි නොවන ලෙස එහි නිර්මාන කරුවන් විසින් මෙය නිපදවයි. සෙන්ටිග්‍රේඩ් අංශක 1000ක් උණුසුම් තැනක පැය භාගයක් තැබුවත් ක්‍රියා විරහිත නොවන ආකාරයෙන් කළු පෙට්ටිය නිපදවා ඇත. අඩි 20000ක් ගැඹුරු මුහුදේ මාස ගණනක් තිබුණත් කිසිවක් වෙන්නේ නැත.

    මෙලෙස නිපදවනු ලබන සෑම කළු පෙට්ටියකම මුද්‍රිත වගන්තියක් තිබේ. " ගුවන් ගමන් තොරතුරු, විවෘත නොකරන්න.  [Flight Recorder, Do Not Open]

    අද අපි ඔයාලට කියන්න යන්නෙ අපි කවුරුත් අහලා තියන ගුවන් යානා වල ඇති "කළු පෙට්ටිය" ගැන කරුනු.ගුවන් යානයක් අනතුරකට පත් වූ පසු එය සිදුවූ හැටි කියන්නට බොහෝ විට කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ.ඒ වගේම තමයි යානයේ සුන්බුන් හොයා ගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි.එහෙමමයි කියලා ගුවන් අනතුරත් තවත් එක් අනතුරක් කියලා අමතක කර දාලා ඉන්න බෑ.තවත් ගුවන් අනතුරක් වෙන්න තියන ඉඩකඩ අසුරන්න ක්‍රියා කල යුතුයි.

    ලොව පළමු  ගුවන්යානා අනතුර 1953 දී සිදු වූ අතර එය විමර්ශණය කළ 'ඩේවිඩ් වොරන්ට' තේරුම් ගියේ යානය අනතුරට ලක්වන අවස්ථාවේ නියමු කුටියේ සිදුවූ කතාබහ දැන ගත හැකිනම් අනතුරේ ගැඹුරු රහස් සොයා ගත හැකි බවයි.

    ඕස්ට්‍රේලියනු ගගනයානා පර්යේෂණ ආයතනයක විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කළ ඩේවිඩ් වොරන් 1956 දී ගුවන් යානාවලට සවි කළ හැකි කුඩා උපාංගයක් තැනීය.ඒ තුළ කඩා වැටෙන් ගුවන් යානයේ අවසන් තොරතුරු ඉබේම රැස් වේ.'විද්‍යාත්මක ගුවන් යානා තොරතුරු රෙකෝඩරය [FDR- Flight Data Recorder/ CVR- Cockpit Voice Recorder] හැඳින්වූයේ මෙයයි.මේ අපි කවුරුත් දන්න කළු පෙට්ටියයි.

    උපතින් මෙය තැඹිලි පාට කුඩා පෙට්ටියකි වුවත් අනතුරට පත් ගුවන් යානයේ සුන්බුන් මැදින් තැඹිලි පාට පෙට්ටිය සොයා ගන්නා විට කළු පැහැ ගැන්වී ඇති බැවින් මේකට කළු පෙට්ටිය ලෙස හඩුන්වනු ලැබේ..

    මේ තුළ අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානය ගමන් කළ උස හා වේගය, ගමන් කළ දිශාව, රේඩියෝ සංවාද, නියමුවන්ගේ කතාබහ පටිගත වේ.වර්තමානයේ මේ සඳහා විශේෂ පරිඝණක උපාංග යොදා ගැනේ.

    කළු පෙට්ටියේ නිර්මාතෘ වූ ඩේවිඩ් වොරන් මහතා 2010 ජූලි 19 වෙනිදා මෙලොවින් සමු ගත්තා.ඒ වන විට වයස අවුරුදු 85ක්.ඔහුගේ සිරුර තබා මිහිදන් කළ ශව මංජුසාවේ ඔහුට ගෞරවයක් වශයෙන් වගන්තියක් ලියා තිබුණි.ඒ 'Flight Recorder, Do Not Open' යන්නයි.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *