ගම්පොල ප්‍රදේශයේ පාසලක විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනුම ලබන 13 හැවිරිදි මන්ද මානසික දැරියකට අතරව කළ 65 හැවිරිදි අයකු අත්වඩංගුවට ගේන අදිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 13 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගම්පොල ගල්ගෙඩියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 65 හැවිරිදි පුද්ගලයෙකි.
පසුගිය දිනෙක මෙම දැරියගේ නිවසට ආසන්න වැඩපළක ඇති ලී මඩුවක් තුළදී දැරිය අතවරයට ලක්‌ව තිබු අතර ගම්පොළ පොලිසියට ලබුනු පැමිනිල්ලක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලීසිය විසින් අදාල දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකොට ඇති අතර වෛද්‍ය පරීක්‍ෂණයේදී මෙම දැරිය දූෂණයට ලක්‌වී ඇති බව අනාවරණය වී තිබුණි
No comments:
Post a Comment